• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉස්සර හැම එකක්ම කළා… දැන් එහෙම බෑනේ ඉතින්

January 17, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඉස්සර හැම එකක්ම කළා…  දැන් එහෙම බෑනේ ඉතින්
Share on WhatsAppShare on Facebook

⬤ මෙගා අඩු වෙන එක හොඳයි…

⬤ මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරනවා…

රශී ප්‍රබා සන්දීපනී කාලයක් ටෙලිනාට්‍ය කලාවේ නිතර දකින්න හිටිය චරිතයක්. හැබැයි පසුගිය වසර දෙකක පමණ කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇත්තටම ඒ ඇයි කියන එක ඇයට ආදරය කරපු බොහෝ දෙනකුටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි ඔන්න ඉදිරියේදී ඇයව නැවතත් ටෙලිනාට්‍ය හරහා දැක ගන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර විස්තර දැන ගන්න තමයි අපි ඇයට කතා කළේ.

🔴 රශී නැවත වරක් ටෙලිනාට්‍ය එක්ක කාර්යබහුල වෙලා කියලා දැන ගන්න ලැබුණා?
ඇත්තටම ඔව්. අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නේ. මේ දවස්වල අධික වර්ෂාව හින්දා පොඩ්ඩක් නතර කරලා තිබුණත්, ඒ රූගත කිරීම් එක්ක ඉක්මනින්ම නැවත සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
🔴 ඒ කියන්නේ අපිට ඉක්මනටම ටෙලිනාට්‍යයක් හරහා ඔබව දැක ගන්න පුළුවන් කියන එකද?
දැනට වැඩ ඉවර කෙරුව නිර්මාණ කිහිපයක්ම තියෙනවා. මං හිතන්නේ ලබන මාසේ නැත්නම් ඊළඟ මාසෙ වෙද්දි ඒවා විකාශනය ආරම්භ වේවි. හැබැයි නම් වශයෙන් ඒ මොනවාද කියලා කියන්න නම් තාම කල් වැඩියි.
🔴 පසුගිය කාලයේදී ඔබ වැඩිය පේන්න හිටිය චරිතයක් නෙවෙයි. ඒකට හේතුව දැන ගන්නත් ඔබේ රසිකයන් කැමැති වේවි?
කොහොමත් පසුගිය අවුරුද්දම කොරෝනාවලට ගෙවිලා ගියානේ.
🔴 හැබැයි ඊට පෙරත් ඔබ වැඩිපුර නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ?
ඔව්. පසුගිය අවුරුදු දෙක තුනේදි මම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය වැය කළා. ඒ හින්දා කලාව එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද රංගනයට ආව මුල් කාලේ මම ඒකට මුල්තැන දුන්නු හින්දා අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම පස්සට ගියා. ඒ හින්දයි පසුගිය කාලය අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්න තීරණය කළේ. හැබැයි දැන් නැවතත් කලාව එක්ක සම්බන්ධ වෙන්න මට වෙලාව තියෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරන්නයි හිතා ගෙන ඉන්නේ.
🔴 රශී ප්‍රබා කලාව එක්ක සම්බන්ධ වෙලා මේ වෙද්දි සෑහෙන්න කාලයක්. මේ කාලය තුළ මොන වගේ වෙනසක්ද කලා ලෝකයේ සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය කලාවේ?
මං දැන් රංගනයට ඇවිත් අවුරුදු 9ක් වෙනවා. අපි ආව මුල් කාලේ වැඩිපුරම තිබුණේ මෙගා ටෙලිනාට්‍ය. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා මෙගා සංකල්පයෙන් එහා ගිය කලාත්මක නිර්මාණ වැඩිපුර බිහි වෙන බවක් පේන්න තියෙනවා. මං හිතන්නේ ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්.
🔴 ඒ කියන්නේ ඔබත් ඉදිරියේදී ඒ නිර්මාණ සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා කියන එකද?
ඇත්තටම ඔව්. ආව මුල් කාලේ නම් ලැබෙන හැම චරිතයක්ම වගේ බාර ගත්තා. ඒත් දැන් හොඳ නිර්මාණ සඳහා තමයි වැඩිපුර සම්බන්ධ වෙන්නේ. රංගනය සඳහා කැප කරන කාලය වටිනා දෙයක් වෙනුවෙන් යොදවන එක හොඳයි කියලයි මම හිතන්නේ.
🔴 ඔබ කලාව එක්ක සම්බන්ධ වුණු මුල් කාලයේදී වේදිකා නාට්‍ය එක්කත් නිතර සම්බන්ධ වුණා. ඉදිරියේදීත් ඔබව වේදිකාවේ දැක ගන්න ලැබේවිද?
දැනට සෙනසුරාදා, ඉරිදා කියන දවස් දෙක මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙලා තියෙනවා. වේදිකා නාට්‍ය වැඩිපුර වේදිකාගත වෙන්නේ ඒ දිනවල හින්දා තව ටික කාලයක් මට වේදිකාව එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මම වේදිකාවෙන් සමු අරගෙන කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ.
🔴 රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නිවේදන ශිල්පිනියක් විදියටත් ඔබ කටයුතු කළා අපට මතකයි. දැන් ඒ පැත්ත අමතක කරලද?
මෙහෙමයි. මුල් කාලෙන් පස්සේ නිවේදන කටයුතු සඳහා මට ආස හිතෙන වැඩසටහනක් හම්බ වුණේ නැහැ කියලයි මට හිතෙන්නේ. කොහොමත් දැන් නම් රංගන කටයුතු හින්දා නිවේදනය එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ.
🔴 අවසන් වශයෙන් කියන්න මොනවද ඉදිරි බලාපොරොත්තු?
අධ්‍යාපනය පැත්තෙන් නම් ගොඩක් ලොකු බලාපොරොත්තු තියෙනවා. අධ්‍යාපනය ඉදිරියට ගෙන යන ගමන් හොඳ නිර්මාණ හරහා කලාව එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. සිනමාව හෝ ටෙලිනාට්‍ය කියන මොන දේ වුණත් ප්‍රේක්ෂකයන්ට වටිනා දෙයක් ලබා දෙන්නයි මට ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කාටවත් නොලැබුණු රන්ජන්ගේ ‘අවසන් පැය 24’ මුල සිට අගට…

Next Post

දෙවියන්ට කන්නලව් කරන්න කතරගම වැන්දා

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.