• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

KGF එන්නත් කලින් ඉතිහාසගත පිම්මක් පනී

January 17, 2021
in Heart
Reading Time: 3 mins read
A A
KGF එන්නත් කලින් ඉතිහාසගත පිම්මක් පනී
Share on WhatsAppShare on Facebook

සංජේ හදිසියේ රෝගාතුර වෙයි…

සියල්ල හබක් යැයි විජය තැතිගනී…

‘KGF Chapter-2’ චිත්‍රපටය වැඩිම ප්‍රේක්‍ෂක පිරිසක් නැරැඹූ ටේ්‍රලරය ලෙස ‘අන්තර්ජාලය’ තුළ ඉතිහාසගත වාර්තාවක් තබයි…’
පසුගිය දිනෙක ඉන්දීය විiුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ වැඩි වශයෙන්ම ආන්දෝලනයට ලක්වූ උණුසුම් පුවත එය විය.
මොකක්ද එතකොට මේ ‘KGF Chapter-2’ කියන්නේ.
කෝටි, ප්‍රකෝටි ගණනක ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් එහි ටේ්‍රලරය නරඹන්නට තරම් එහි ඇති විශේෂය කුමක්ද?
ඇත්තෙන්ම එය අතිවිශේෂය… තවත් අගය කරන්නේ නම් එය ඉතාම සුවිශේෂීය… ‘KGF Chapter-2’ කන්නඩ චිත්‍රපටයකි. තේරුමක් නැතිව හත් අටදෙනා එක පොදියට ගහමරා ගන්නා, ආයෙම පණ උපදවාගෙන විත් නැවැත කඩුවලින් කොටා ගන්නා දකුණු ඉන්දියානු සාම්බාරු චිත්‍රපටවලට වඩා කන්නඩ චිත්‍රපටවල අමුතු ආට් එකක් විය.
උතුරු ඉන්දීය සමහර චිත්‍රපට ගත් කළද එය එලෙසම විය.
පාට පාට ඇඳුම් ඇඳගෙන නටන, නටන සමනලියන් වැනි බෝනිකි නිළියන්ගේ රංගනයන් බොහෝ විට කන්නඩ චිත්‍රපටවල නොවීය.
කන්නඩ චිත්‍රපටවල මාවත්වල දූවිලිය.
තේ කඩවල කළු ගැසුණු කැහුටු මිනිසුන්ගේද අඩුවක් නැත.
රෝස පවුඩර් උලා ලිප්ස්ටික් ගා ග්ලෝසිවලින් දෙතොල හැඩ කළ කෙල්ලනට වඩා කන්නඩ චිත්‍රපටවල වූයේ සාරි පොටෙන් හෝ ෂෝල් එකෙන් දහදිය තෙත මාත්තු කරන ආසියාතික ගැහැණුන්ය.
අන්න ඒ නිසා… ‘කන්නඩ’ චිත්‍රපට බොහෝ තැන්වල උසස්ය. යන නිර්මාණ අතළොස්සට මාට්ටු විය.
බිහිසුණු සිද්ධීන්ගෙන් සමන්විත ‘KGF Chapter-2’ ද එවැනි කන්නඩ චිත්‍රපටයක් විය. දේශපාලනමය අරගල, පවුල් කිහිපයක මත ගැටීම්, කොන්ත්‍රාත් ක්‍රමයට කරන මිනීමැරුම් සමඟ පට්ට චණ්ඩීන්ද ‘KGF Chapter-2’ හී ඇතුළත්ය.
කාලයකට පසු රවීනා තන්ඩන් කදිම චරිතයකට මෙහි පණ පොවා ඇත. ‘KGF Chapter-2’ හී අධ්‍යක්‍ෂ සහ තිරනාටක රචක ප්‍රශාන්ත් නීල් 2019 දී චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙරාතුව ‘රවීනා තන්ඩන්’ට කියා තිබුණේ ඉන්දියානු අගමැතිනි ‘රමිකා සෙන්’ගේ චරිතය සඳහා සුදුසුම ඇය බවය. රවීනා චරිතය ප්‍රතික්‍ෂේප කළා නම් තිරනාටකය යම් විටෙක වෙනස් වීමට ඉඩ තිබූ බව ප්‍රශාන්ත් නීල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඒ තරමට රවීනා ජීවය දුන් ‘අගමැතිනි රමිකා සෙන්ගේ චරිතය ආකර්ශනීයද?
ආකර්ශණීය බවකට වඩා එහි වන්නේ දුෂ්කර බවකි.
සුපිරි පන්තිය නියෝජනය කරන ප්‍රේක්‍ෂක පිරිස සේම පීඩිත පන්තිය නියෝජනය කරන ප්‍රේක්‍ෂක පිරිසද රමිකා සෙන්ගේ රංගනයට තිගැස්සෙන තරමට එය ප්‍රබලය, සංකීර්ණය..,
සංජය දත්ට ප්‍රශාන්ත් නීල් ආරාධනා කළ හේතුව?
එය කදිම කතාවකි.
අදීරාගේ චරිත වස්තුව ලියන විට ප්‍රශාන්ත්ගේ සිතේ හෝ මනසෙහි සංජේ සිටිය බවක් ඔහු කොතැනක හෝ කියා තිබුණේ නැත.
අදීරාගේ පෙනුම කෙසේ විය යුතු දැයි ප්‍රශාන්ත් යන සෑම තැනකම සෙව්වේය. එය ඔහුට මුණගැසී තිබුණේ සිර දඬුවමකට ලක්වූ මිනිසකුගේ කතාව කියවන විටය. ඒ මිනිසාගේ පෙනුම අලුගෝසුය. නවරියනක් උස හඬ ගැඹුරුය. හිතුවක්කාර ගැහැණුන් ප්‍රිය කරන සිත්කළු හැඩිදැඩි බවක් සමඟ පරිණත පිමි වයසක් අදීරාට තිබිණි.
ප්‍රශාන්ත් නීල් තොලගාමින් සිටි බීම වීදුරුව පසෙහින් තබා මේසයට වැරෙන් පහරක් ගැසුවේ ‘සංජේ දත්’ගේ හිතුවක්කාර රූපකාය ඔහුගේ සිතට පැමිණි නිසාය.
සංජේ අදීරා වූයේ එහෙමය..,
මොස්තර නිරූපිකාවක වූ සැලෝලයිට් තරුවක් ලෙස දිලෙන ශ්‍රිනිධි ෂෙට්ටිව මීනා දේශායි ලෙස ප්‍රශාන්ත් තෝරා ගන්නා විට ඇතැමුන් කීයේ ශ්‍රිනිධි ඉතා ‘සුමට කෙල්ලක’ බවය. නමුත් ප්‍රශාන්ත් ඔවුනට කියා තිබුණේ ශ්‍රිනිධිගේ සිරුර තුළ නිදා සිටින චරිතාංග රංගවේදිනියව ඔහු විනිවිද දුටුබවය. ඒ අපූරු කතාව ශ්‍රිනිධිට ආරංචි විය. ශ්‍රිනිධි ‘KGF Chapter-1’ වෙනුවෙන් ගිවිසුම ගැසුවේ චිත්‍රපට 7ක් ප්‍රතික්‍ෂේප කරමිනි. එනිසා එහි දෙවැනි පිවිසුමද ඇයට හිමි විය.
‘KGF Chapter-2’ රූගත කිරීම්වලදී සංජේදත් තදින් රෝගාතුර වුණාද?
පෙණහළු පිළිකාවක පෙරනිමිති පෙන්වමින් සිටි සංජේ දත් ‘KGF Chapter-2’ හි රූගත කිරීම්වලදී රෝගාතුර විය. ප්‍රතිකාර ගැනීමට බිරිය මනායාන සමඟ සියල්ල නවතා දමා ඇමෙරිකාවට යන්නට තරම්ම ඒ රෝගී බව උත්සන්න විය. ‘සියල්ල හබක් යැයි’ නිෂ්පාදක දෙදෙන වූ විජය කිරගන්දූර් සහ කාර්තික් ගවුබා තැති ගත්තද ප්‍රශාන්ත්ට එහි වගක් නොවීය.
ඔබට ගණනක් නැති හැටි, අපි ලොකු අවදානමක නේද?
යැයි, විජය සහ කාර්තික් ප්‍රශාන්ත්ට වද දෙන විට ප්‍රශාන්ත් කීයේ සංජේ පිළිකාවෙන් මියගියද ඒ මියෙන්නට දවසකට පෙර හෝ පැමිණ සියල්ල අවසන් කරන බවය.
එය එලෙසම සිදුවිණ.
උච්චතම සිදුවීම්වලින් ගහණ වූ ‘KGF Chapter-2’චිත්‍රපටයේ අවසන් ජවනිකා පෙළ රූගත කිරීමට සංජේ පැමිණියේ ඇමෙරිකාවේ සිට ප්‍රතිකාර ලබන අතරතුරය. ප්‍රශාන්ත් ඒ මොහොතේ සංජේව වැළැඳගෙන හැඬූ මොහොතක ඉතාම සංවේදීව තිබූ බව ‘KGF Chapter-2’ චිත්‍රපට දෙපළෙහිම රඟපෑ යාෂ් මාධ්‍යයට කීයේ ‘KGF Chapter-2’ චිත්‍රපට නිර්මාණය ගැන කතාබහක දීය.
සියල්ල හරි අපූරුවට සිදුවුණද 2020 දෙසැම්බරයෙහි ‘KGF Chapter-2’ තිරගත කරන සිහිනය සඵලකර ගැනීමට ප්‍රශාන්ත් නීල්ට නොහැකි විය.
ඒ ලොව බලවතුන්ට පවා හතරගාතේ දමා බිම ඇදවැට්ට වූ ‘කොරෝනා’ නිසාය.
දැන් මොකද වෙන්නේ,
මංමාවත් ඔස්සේ ඉදිකරන්නට තිබෙන අහසට ඉණිමං බඳින කටවුට් සියල්ල දැනටත් සූදානම්ය.
කෝටි සියගණනක් වැය කළ ‘KGF Chapter-2’ චිත්‍රපටය හින්දි බසින්ද අනුවාදනය කොට අවසන්ය.
ඒ සියල්ල අතරතුර ‘යූ-ටියුබ්’ හි කෝටි ප්‍රකෝටි ගණන් අනුගාමිකයන් විසින් වාර්තාගත ලෙස එහි ටේ්‍රලරය නරඹා ඇත.
නැරෑඹූ ඒ පිරිස අතර, කම්කරු ශ්‍රේණියද විශ්වවිiාල අධ්‍යාපනය ලබන තරුණ පිරිස්ද, ගෘහණියක් සේම සඳළුතලවල වෙසෙන සුපිරි පන්තියේ ප්‍රේක්‍ෂකයන්ද සිටින බව අනාවරණය විය.
ප්‍රශාන්ත් නීල් සතුටින් ‘woooow’ කියා කෑ ගැසුවාද?
එතරම් පුදුමයක් ප්‍රශාන්ත් තුළ නොවීය.
එහි කිසිදුම පුදුමයක් මට දැනෙන්නේ නැත. හේතුව ‘KGF Chapter-2’ ලියන විට මම සුපිරි ධනවතුන්, කම්කරුවන් සේම සරසවි සිසුන් සහ ගේ-දොර කටයුතු කරන කාන්තාවන්ද ඇසුරු කළෙමි. ඔවුන් කියන කරන දෑ කනට පමණක් නොව මනසට සහ බුද්ධියටද එක්රැස්කර ගතිමි.
දසදහස් ගණන් පැසසුම් තම ට්විටර් ගිණුමට බැරවන විට ප්‍රශාන්ත් තම කෘතඥතාවය සමඟ එම සටහන පිළිකුල් ලෙස එක්කර තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දෙවියන්ට කන්නලව් කරන්න කතරගම වැන්දා

Next Post

කොරෝනා සිරුරු භූමදාන කළාට ප්‍රශ්නයක් නෑ -විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.