• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘දූ අනුරාධාට’ දූ අනුරාධාගෙන්ම පිළිතුරු

September 28, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කෝමල අත්පා
සෙමෙන් සැලේ
හිනැහී යළි
මව් තුරුලේ මෙලෙස
හදවත රැඳි දුක්
කෙමෙන් මැකේ
ජීවිතයම
සොම්නසින් පිරේ”

මීට දශක කිහිපයකට පළමුව අසීමිත ජනප්‍රියත්වයකට බඳුන්වූ අලංකාර ගීතයක පදපේලි කිහිපයකි ඒ.
පිය උරුමයෙන් උද්දාමයට පත් ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සනත් නන්දසිරි විසින් ගැයූ ඒ ගීතය රචනය වූයේ බුද්ධදාස ගලප්පත්ති නම් වූ ප්‍රවීණයාගේ සොඳුරු වදන් පෙළහරකිනි. ගීතය නම් කළේ ‘දූ අනුරාධා’ ලෙසිනි.
නන්දසිරි යුවළගේ පහන් නිවෙසට සිරිදුව කැන්දාගෙන ආ ඒ සොඳුරු දූ අනුරාධා ‘හාට්’ විශේෂාංගයට ගොඩවූයේ හරිම සුහදව මිත්‍රශීලී බවකිනි.

ඉතින් කියන්න තාත්තා ඔබ වෙනුවෙන් ඒ ගීතය ගයන විට ඔබට වයස කීයද?
මට හරියටම මාස 10යි. ඒ කොයි තරම් දුර අතීතයක් ‘දූ අනුරාධා’ ගීතයට තිබුණත් අදත් එය ඇසෙන විට මම හුඟක් හැඟීම්බර වෙනවා. වැඩි ආදරයට හැමදාමත් තාත්තා මට කතා කළේ ‘පුතා’ කියලා. ‘දූ අනුරාධා’ කියලා සින්දුවෙ තිබුණට අදටත් මම ඒයාගෙ ‘පුතා’. මම හිතන්නේ ලෝකේ ඉන්න හොඳම තාත්තලා කිහිපදෙනා අතර මගේ ආදරණීය තාත්තා ඉදිරියෙන්ම ඉන්නවා. තාත්තා මට ආදරය කරන තරම කොතෙක්ද? එයට වඩා දස දහස් ගුණයකින් මමත් මගේ තාත්තට ආදරය කරනවා.
‘දූ අනුරාධා’ ගීතයට සෙනෙහෙබර පිළිතුරු ගීයක් ගැයුවේ ඒ නිසාද?
හරිම ආත්මීයව ගැයූ ගීතයක් ඒක. නෙලුම් පොකුණ රඟහලේ මමයි, අම්මයි, තාත්තයි එකතු වෙලා නිර්මාණය කළ ‘දූ අනුරාධා’ සංගීත ප්‍රසංගයේදී තමයි මම තාත්තාගේ ආදරණීය ගීතයට දුන් පිළිතුරු ආදරණීය ගීතය ගායනා කළේ. ගීතය ලිව්වේ විදුර ඩයස් අබේගුණවර්ධන. සංගීතය නදීක ගුරුගේ විසින් නිර්මාණය කළා. මම ඒ ගීතය ගායනා කරනකොට මමත්, අම්මත්, තාත්තත් හරිම හැඟීම්බරව අපේම ලෝකවල මොහොතකට තනිව සිටියා.
තාත්තට අසනීපයි කියලා ආරංචි වුණා?
අසනීපයි කියන්නේ තාත්තට දැන් අවුරුදු ගානක ඉඳන් ෂුගර් තිබුණා. ඒකට ඉන්සියුලින් ප්‍රතිකාරය ගන්නවා. ඒ වගේම තාත්තා ආහාර පාලනය එක්ක හුඟක් පරිස්සම් වෙනවා. ඒ අතරතුර 2017 අවුරුද්දෙ තාත්තා ඇමෙරිකානු සංචාරයකට සහභාගි වුණා. ඒ ගිය අතරදී ටිකක් උස වාහනයකට නඟින්න ගිහින් පා පුවරුවේ තාත්තගේ කකුල ටිකක් තදින් වැදුණා. අන්න ඒ වැදීම නිසා දණහිසට පහළින් පුංචි ආබාධයක් ඇතිවුණා.
අම්ම ගැනත් ටිකක් කතා නොකළොත් ඇයට දුක හිතෙයි නේද?
ඇත්තටම ඔව්. මගේ අම්මා ගැන කතා නොකර කොහොමද. ඈ ගෙදරට සිරිදුවක් වගේ. හුඟක් විට මගේ අම්මා හැමෝම දන්නේ ගායිකාවක් විදිහට විතරයි. නමුත් මගේ අම්ම දක්ෂ රංගන වේදිනියක්. හඬකැවීමේ අංශයේ දක්ෂතම ලෙස තම හඬ හසුරුවනනියක්. ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනියක්.
තාත්තයි අම්මයි ගැන කතා කළ ඇති. දැන් අපි අනුරාධා ගැන කතා කරමු?
කොතැනින්ද මං පටන් ගන්නේ ඉතින්.
පාසල් කාලෙට යමු. සංගීත ගුරුවරියක වීමේ හීන දැකපු හැටි කියමු?
සංගීත ගුරුවරියක වෙන්න ඕනෑ කියලා නම් හීනයක් තිබ්බේ නැහැ මගේ හිතේ. හැබැයි ප්‍රයිමරියෙ ඉඳලම සංගීතයට ඇලුම් කළා. එය හැදෑරුවා. මම ඉගෙනගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. ඒලෙවෙල් කරන අතරතුර ඉන්දියානු සංගීත පාඨමාලාව අවන් කරලා විශාරද විභාගවලට පෙනී සිටින කාලේ ප්‍රයිමරියේ ළමයින්ට සංගීතය උගන්වන්න කියලා හදිසි ආරාධනාවක් ලැබුණා.
තවමත් ඔබ ඒ වෘත්තිය තුළ සේවය කරනවද?
නැහැ. 2002 මම විවාහ වුණා. ඒ එක්කම මහත්තයට උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ පදිංචියට යන්න වුණා. හරිම දුකෙන් ගුරු වෘත්තියට සමුදුන්නේ අම්ම වගේම මමත් පවුල කියන බැඳීමට තැන දුන්න නිසයි.
දැන් ඔබ ගාන්ධාරී සංගීත ආයතනයේ ප්‍රධාන ආචාරිනිය ලෙස කටයුතු කරනවා?
ප්‍රධාන ආචාර්යවරයා මගේ තාත්තා. මම ඔහුගේ සහායට සිටින සංගීත ගුරුවරිය ලෙස උගන්වනවා.
නවක ගායික ගායිකාවන්ට දියයුතු පණිවුඩයක් තියෙනවද?
පණිවුඩය දිය යුත්තේ ගායක ගායිකාවන්ට නොවේ. ඔවුනට දැනුම දෙන ගුරුවරුන්ට. ඇත්තටම මේ පණිවුඩය දෙන්නේ කොයි විදියටද කියන අවස්ථාව මම හොය හොය හිටියෙ. ඉතාම ගෞරවණීය ලෙස මම ‘හාට්’ විශේෂාංගයට ස්තුතිවන්ත වෙනවා. මට මේ සඳහා අවස්ථාවක් සලසා දුන්නට. මොකද මාධ්‍යයක් හරහා මම මේ විදියට මේ කතාව කියන පළමු වතාව මෙයයි. ඇත්තෙන්ම කියනව නම් රට හැම තැනකම සංගීත ආයතන හරිම සුලබව බිහිවීගෙන යනවා. හැබැයි ඒ අතරින් වැඩිහරියක් පන්තිවල ඉගැන්වෙන්නේ ප්‍රමිතියන් අනූන දේ නෙමෙයි. සංගීතය කියන්නේ දේවත්වයෙන් පිදිය යුතු පූජනීය විෂයක්. ඒ වගේම ඒවා තරණය කළ යුතු ඉසව් බොහොමයක් තිබෙන අතර එය විවිධාකාරයි. සරලව කියනවා නම් සෞන්දර්ය විශ්වවිද්‍යාල හරහා සංගීත උපාධිධාරීන් බිහිවෙනවා. ඒ වගේම විශාරද උපාධිය ලබාගත හැකි සංගීත ආයතනද තිබෙනවා. අපේ ‘ගාන්ධාරී’ ආයතය තුළින්ද විශාරද උපාධිය ලබාගත් සිසු සිසුවියන් සිටිනවා.

ඒ වගේම එම සිසු සිසුවියන් ගුරු වෘත්තියේ නියැළෙමින් තමන්ගේම කියන සංගීත ආයතනයන් පවත්වාගෙන යනවා. විශාරද උපාධිය ලබාගෙන ගිහින් පන්ති පැවැත්වීම වරදක් නෙමෙයි. වරද තිබෙන්නේ තමන් වෙත එන සිසු සිසුවියන්ට ඒ නිවැරැදි ශිල්පය ලබානොදීම තුළයි. විශාරද වශයෙන් තබ්ලා වාදනය පමණක් ඉගෙනගත් අයෙක්ට වයලීනය ගැන තම ගෝලයන්ට උගන්වන්න බැහැ. නිදසුනක් වෙනුවට මම ආදර්ශයක්ම මෙතැතනදි දෙන්නම්. අනුරාධා නන්දසිරි ලෙස මම විශාරද මට්ටමෙන් ප්‍රගුණ කළේ ගායනය පමණයි. හැබැයි වයලීනය වාදනය කිරීමේ හැකියාව මට තිබෙනවා. නමුත් මම මගේ ගෝලයන්ට උගන්වන්නේ ගායනය පමණයි.
මගේ තාත්තා ගැන වුණත් මට කියන්න තියෙන්නේ එවැන්නක්. මගේ තාත්තට පේපර් කොලිෆිකේෂන් තියෙන්නේ ගායනයට සහ තබ්ලා වාදනයට පමණයි. විශාරදයකු ලෙස ඔහු ලබාගත් දැනුම එයයි. නමුත් වයලීනය සිතාරය වාදනය කිරීමේ හැකියාවද මගේ තාත්තට සහජයෙන් පිහිටා තිබෙනවා. ඒ වුණත් ඔහු සිය ගෝලයන්ට උගන්වන්නේ ගායනය සහ තබ්ලා වාදනය පමණයි.

ප්‍රමිතිය කියන්නේ අන්න එයයි. විශාරද ලබාගත් දැනුම පමණක් ලබාදීමයි ‘ගාන්ධරී’ ආයතනය වෙත එන දරුවකුට දෙන්නේ. වයලීනය හෝ සිතාර් වාදනයෙන් විශාරද ලෙස ඉගෙනගැනීමට අවශ්‍ය නම් අප ඒ දරුවන්ව ඒ සඳහා සුදුසු අයකු වෙත යොමුකරනවා.

නිලන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පවුලේ හැමෝටම දවසේ ගමනකට නියම තැන

Next Post

සජිත්ට දිනන්න රනිල් අවශ්‍යමද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.