• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පවුලේ හැමෝටම දවසේ ගමනකට නියම තැන

September 28, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ස්වභාවධර්මය අපට දායාද කොට ඇති අගනා වස්තූන්ගෙන් එකක් ලෙස නකල්ස් වනාන්තරය හා එහි තිබෙන කඳුවැටි සැලකිය හැකිය. ජෛව විවිධත්වයෙන් පොහොසත් සතා සිව්පාවුන්ට ජීවය දෙන නකල්ස් වනාන්තරයට අයත්වන තවත් එක් සුන්දර කඳුවැටියක් ලෙස “දෝතළුගල” කන්ද හැඳින්විය හැකිය.

පවුලේ සමාජිකයන් සමඟ වුවද සති අන්තයේ සංචාරයක් ලෙස යාහැකි, තරණය කිරීමට පහසු කන්දක් ලෙස මෙය හැඳින්විය හැකිය. කඳු මුදුණ තෙක් පහසු මාර්ගයක් තිබීමත්, කිසි ලෙසකින්වත් මාර්ගය නොවරදින ලෙස තිබීමත් නිසා මෙය තරණය කිරීම පහසුය. දෙපස තුරු වියන් යටින් ගමන් කරන ඔබට ඈතින් දිස්වන නීල හරිත කඳුවැටිද සුන්දරව දර්ශනය වෙයි. ලකේගල, යහන්ගල, කෙහෙල්පත්දෝරුවගල, දුම්බානගල, වාමරපුගල, ලබුලැස්සපතන, කොබේනිගල යන ප්‍රසිද්ධ කඳු සේම දියඇලි, වැව්, ගංඟා ඈතින් දැකගත හැකිය. පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙම කඳුවැටියෙහි මීමින්නා, දිවියා, කොළ දිවියා, හඳුන් දිවියා, ගෝනා සහ කුරුලු විශේෂ දහයක්, සමනල විශේෂ අටක්, සර්ප විශේෂ පහළොවක්ද දැකිය හැකිය.

කොළඹ සිට පැය පහකින් පමණ ළඟාවිය හැකි මෙම ස්ථානයට ගමන් මාර්ගය වැටී ඇත්තේ කොළඹ, නුවර, උඩුදුම්බර හරහාය. උඩුදුම්බර නගරයෙන් මීමුරේ ප්‍රවේශ මාර්ගයේ කිලෝමීටර හතක් පමණ ගිය පසු දකුණු පසින් හමුවන වන සංරක්ෂණ කාර්යාලය අසලින් පිවිසුම් මාර්ගය වැටී තිබේ. කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදීගත යුතුය. එක් දිනක් තුළ සාර්ථක කඳු තරණයකට කැමැති ඔබට මෙය කදිම සංචාරයකි. පැය හතරක් වැනි කෙටි කලකින් අවසන් කළ හැකි බැවින් කඳු තරණය අවසන් කළ පසු වන සංරක්ෂණ කාර්යාලය පසුපස පිහිටා තිබෙන පුංචි ලෝකාන්තයද නැරඹීය හැකිය. එයත් ඔබට නවමු අත්දැකීමක් වනු ඇත. සුන්දර ෆයිනස් වතු මැදින් වැටී ඇති අඩිපාර ඔස්සේ කිලෝමීටර එකහමාරක් ගිය පසු පුංචි ලෝකාන්තය දෙසට යා හැකිය. අවට ගම්දනව් හා මහා ප්‍රපාතයන්, ඈතින් පෙනෙන කඳුවැටි, හෙල් ඔබගේ සිතට මහත් වූ සතුටක් සේම නිදහස් මානසිකත්වයක් ගෙනදෙන බව නම් නොඅනුමානය.
ඉතින් ඔබත් යන්න මවුබිමේ සොඳුරු තැන් සොයා… ඔබේ සංචාරයේදී ගහකොළ සහ පරිසරය හැඩ කරන සතාසිවුපාවුන්ද ආරක්ෂා කර පැමිණීමට වගබලාගන්න.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ?

Next Post

‘දූ අනුරාධාට’ දූ අනුරාධාගෙන්ම පිළිතුරු

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.