• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට දිනන්න රනිල් අවශ්‍යමද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 28, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 1 min read
A A
සජිත්ට දිනන්න රනිල් අවශ්‍යමද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1988 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු එවකට අගමැති ප්‍රේමදාස ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඔහුගේ වටේ සිටි අය කීවේ ජනාධිපතිවරණය දිනන්න නම් ජේ.ආර්. එක්ක ගනුදෙනු නතර කරන්න කියාය. එයට හේතුව ජේ.ආර්. ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්න ඉදිරිපත් කරපු කොන්දේසිය නිසාය. එම කෝන්දේසි නම් ඉන්දු – ලංකා ගිවිසුම ආරක්ෂා කිරීම පළාත් සභා ක්‍රමය ආරක්ෂා කොට එයට වැඩි බලතල දීම සහ ප්‍රභාකරන් ඉවර කරන තෙක් ඉන්දීය හමුදාව උතුරු – නැඟෙනහිර තබා ගැනීමය.
ජේ.ආර්. ප්‍රේමදාසට මේ කොන්දේසි ඉදිරිපත් කළේ ඉන්දියාවේ බලපෑම මතය. එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට අවශ්‍ය වූයේ ජේ.ආර්.නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එකඟ කරවා ගන්නටය. ඉන්දීය නිදහස් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජේ.ආර්.ට රජීව් මේ ඉල්ලීම කළේ ඉන්දු – ලංකා ගිවිසුම සාර්ථක කර ගන්න නම් ජේ.ආර්. තවත් නිල කාලයක් ජනාධිපති ධුරය දැරිය යුතු බව පහදා දෙමිනි. ජේ.ආර්. එයට කැමැති වී ලංකාවට ඇවිත් තවත් වතාවක් ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම ගැන හොයන්න කමිටුවක්ද පත් කළේය. ජ.වි.පෙ. භීෂණය නිසාත්, ජේ.ආර්.ගේ බිරියගේ බලපෑම නිසාත් ජේ.ආර්.ඒ අදහස අතහැරියේය. ජේ.ආර්. ඒ අදහස අතහැරිය විට ඉන්දියාවේ මතය වූයේ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කරන්න නම් ගිවිසුම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ ගාමිණීට අපේක්ෂකත්වය දිය යුතු බවය. හේතුව ගාමිණී ගිවිසුම ආරක්ෂා කරයි යැයි ඉන්දියාව හිතුවේය. ඒත් පක්ෂ ලේකම් රන්ජන්, ජේ.ආර්.ගේ පුතා රවී සහ ජේ.ආර්.ගේ බෑණා රනිල්ගේ මතය වූයේ අපේක්ෂකත්වය ප්‍රේමදාසට දිය යුතු බවය. ජේ.ආර්.තමා අපේක්ෂකත්වය ප්‍රේමදාසට දෙන්න තීරණය කළ බව දැන්වූ විට ඉන්දියාව එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතුව ප්‍රේමදාසගේ ඉන්දීය විරෝධය සහ ඉන්දු – ලංකා ගිවිසුම් විරෝධයය. ප්‍රේමදාසට දිනන්න නම් ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය බව ජේ.ආර්. දැන සිටියේය. එයට හේතුව උතුර – නැඟෙනහිර ඡන්දයය. උතුර – නැඟෙනහිර දමිළ ඡන්ද දිනා ගන්න මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්ගේ සහායත් උතුර – නැඟෙනහිරට ආරක්ෂාව දෙන ඉන්දීය සාම සාධක හමුදාවේ සහායත් අවශ්‍ය බව ජේ.ආර්. දැන සිටියේය. ගිවිසුම පළාත් සභා සහ ඉන්දීය හමුදාව සම්බන්ධ ප්‍රශ්නවලදී තමා වගකීම භාර ගන්නා බව ජේ.ආර්. ඉන්දියාවට පොරොන්දු විය. ඒ සම්බන්ධයෙන් ප්‍රේමදාසව මෙහෙයවීමේ වගකීම තමා භාර ගන්නා බව ජේ.ආර්. ඉන්දියාවට සහතික කර කීවේය. ප්‍රේමදාස අපේක්ෂකත්වය ගත් විගස ප්‍රේමදාස සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ඩික්සිත් අතර හමුවක් ජේ.ආර්.සූදානම් කරනු ලැබීය. එසේම උතුර – නැඟෙනහිර මහ ඇමැති පෙරුමාල් සහ ප්‍රේමදාස අතර හමුවක් සූදානම් කරනු ලැබීය. ජේ.ආර්. ඒ සඳහා පෞද්ගලිකවම මැදිහත් විය. ප්‍රේමදාස ඉන්දු – ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් බවට පත්කරනවා කීවේත් පළාත් සභා ආරක්ෂා කරන බව කීවේත් ජේ.ආර්.ගේ බලපෑම මතය. ඉන්දු – ලංකා ගිවිසුම අහෝසි කරන බව කියන්න යැයි ප්‍රේමදාසගේ වටේ සිටි ගිවිසුම් විරෝධී බලවේග ප්‍රේමදාසට උපදෙස් දුන්නත් ප්‍රේමදාස එය මිත්‍ර ගිවිසුමක් බවට පත්කරනවා කියා ඇඟ බේරාගත්තේය.
1988 ජනාධිපතිවරණය ප්‍රේමදාස දින්නේ උතුර – නැඟෙනහිර ඡන්ද නිසාය. උතුර – නැඟෙනහිර දමිළ ඡන්ද දිනාගන්න එවකට විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක බණ්ඩාරනායක මැතිනියගේ සන්ධානයේ ප්‍රබල සාමාජිකයෙක් වූ පොන්නම්බලම් සමඟ එල්.ටී.ටී.ඊ. නායකයන් හමුවීමට වන්නි කැලයට රිංගූහ. මැතිනිය වෙනුවෙන් අනුර කොටි සමඟ රහස් කතා කියා මෙය හෙළිදරව් කළේ ගාමිණීය. උතුර – නැඟෙනහිර ඡන්ද ප්‍රේමදාසට දිනාගන්නා වැඬේ ජේ.ආර්. පැවරුවේ ගාමිණීටය. පෙරුමාල්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදාව ඡන්ද දිනයේ එල්.ටී.ටී.ඊ.යට උතුර – නැඟෙනහිර සෙල්ලම් කරන්න ඉඩ දුන්නේ නැත. එහි වාසිය ලැබුණේ ප්‍රේමදාසටය.
අද ප්‍රේමදාසගේ පුතා සජිත් අපේක්ෂකයා කොට රනිල් ඔහුට උතුරේ ජනතාවට විසඳුමක් දෙන්න කියන්නේ එදා ජේ.ආර්. ප්‍රේමදාසට ඉන්දු – ලංකා ගිවිසුම ආරක්ෂා කරන්න කී ලෙසටමය. එදා ජේ.ආර්.ගේ මේ බලපෑම ප්‍රේමදාස වටේ සිටි අය ගත්තේ ප්‍රේමදාසට දකුණේ සිංහල, බෞද්ධ ජනයා අතර පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් ලෙසය. අද රනිල් උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්නය කතා කරන්න යැයි සජිත්ට කියන විට සජිත් වටේ සිටින අය කියන්නේ රනිල් සජිත්ව පරාජය කරන්න කුමන්ත්‍රණය කරනවා කියාය. සජිත් තමන් රනිල්ගේ කොන්දේසිවලට යටවී මාතෘභූමිය, රණවිරුවන් පාවානොදෙමි කියා කියන්නේ මේ සජිත්ගේ වටේ ඉන්නා අය පිනවන්නටය.
“සජිත් හිතාගෙන ඉන්නේ ගෝඨාභය ඉල්ලනකොට උතුරේ අපේ මිනිසුන්ට ටී.එන්.ඒ. එකට වෙන විකල්පයක් නැහැ කියලා. සජිත්ගේ කට්ටිය හිතාගෙන ඉන්නේ උතුරේ ගෝඨාභය විරෝධය නිසා දමළ ඡන්ද පොදියම සජිත්ගේ සාක්කුවට වැටෙයි කියලයි”
මේ උතුරේ ප්‍රධානපෙළේ දමිළ මාධ්‍යයක ජ්‍යෙෂ්ඨ කතුවරයෙක් කී කතාවය.
“2005 රනිල් හිතුවෙත් ඔහොමයි. මම රනිල්ට කිව්වා ඡන්දෙ අරන් දෙන්න නම් මොනවාද දෙන්නේ කියල එල්.ටී.ටී.ඊ.ය අහනවා කියලා. රනිල් කිව්වා එල්.ටී.ටී.ඊ.ය ඕනෑ නැහැ දමිළ ජනතාවට මට ඡන්දය දෙනවා ඇරෙන්න විකල්පයක් නැහැ කියලා. අන්තිමේට එල්.ටී.ටී.ඊ.ය ඡන්ද වර්ජනය කරනකොට රනිල්ට තරු පෙනුණා.”
මේ ඔහු කී කතාවය. ඒ කතාව හරිය. 2005 රනිල් හිතුවේත් අද සජිත්ලා හිතන විදිහටය. මේකෙන් වාසි ගන්නේ මහින්දලාය. මහින්දලා දැනටමත් දමිළ ජාතික සන්ධානයේ තමන්ට හිතවත් මන්ත්‍රිවරුන්ට කියා ඇත්තේ අපිට ඡන්දය ඕනෑ නැහැ, ඡන්දය වර්ජනය කරන්න බලපෑම් කරන්න කියාය. දමිළ ජාතික සන්ධාන විරෝධී ගජන් පොන්නම්බලම් මෙවර දමිළ ජනතාව ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බව කියා ඇත. දමිළ ජාතික සන්ධානය තීරණයක් නොගෙන එහි මන්ත්‍රිවරුන් ඉබාගාතේ පොන්නම්බලම් මෙන් ඡන්දය වර්ජනය කරන්න කීවොත් සොරි ඩොට්කොම්ය.
සජිත් පිල දැනටමත් දමිළ ජාතික සන්ධානයේ න්‍යායාචාර්ය සුමන්තිරන්ව අමනාප කරගෙන ඇත. ඔහු මෛත්‍රි සහ රනිල් සමඟ සාකච්ඡා කොට ගෙන ආ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවට සජිත් පිල එරෙහි විය. සුමන්තිරන් ඒ ගැන කලකිරී ට්විටර් පණිවුඩයකින් එය කඩාකප්පල් කළ අයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. සජිත් වටේ ඉන්න අය හිතන්නේ සුමන්තිරන්ට පක්ෂයේ බලයක් නැහැ කියාය. ඒත් පක්ෂයේ මන්ත්‍රි කමිටුව දකුණේ නායකයන් සමඟ ගනුදෙනු කිරීම පවරා ඇත්තේ සුමන්තිරන්ටය. ඒ නිසා ඔහුව අවතක්සේරු කළ නොහැකිය.
දකුණේ දමිිළ පක්ෂ වන මනෝ ගනේෂන් පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය, හකීම්ගේ පක්ෂයට මහ මැතිවරණයකින් මන්ත්‍රිවරු පත්කර ගන්න සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍යය. ඒ නිසා ඔවුහු යූ.ඇන්.පී.යේ සිංහල බෞද්ධ ඡන්ද ගන්න පුළුවන් දිනන අපේක්ෂකයෝ සොයති. රිෂාඞ්ගේ පක්ෂයට එය 50%ක් අදාළ මුත් 100%ක් අදාළ නැත. මන්ද ඔහුගේ මන්ත්‍රිවරු තේරී පත්වී එන්නේ නැඟෙනහිරිනි. නැඟෙනහිර මුස්ලිම් බහුතරය වැඩිය. දමිිළ ජාතික සන්ධානයට සිංහල බෞද්ධ ඡන්ද දිනාගත හැකි නායකයෙක් අවශ්‍ය නැත. හේතුව ඔවුන්ගේ මන්ත්‍රිවරු තේරී පත්වන්නේ දමිළ බහුතරයක් ඉන්න පළාතකිනි. ඒ නිසා ඔවුන්ට විලංගු වන්නේ දකුණේ අපේක්ෂකයාට දිනන්න පුළුවන්ද නැද්ද කියන එක නොවේ. තමන්ගේ ජනතාවට දකුණේ අපේක්ෂකයා දෙන්නේ මොනවාද කියන එකය. 2015 ඔවුන් මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ රනිල්ගේ වචනයට ගරු කරලාය. 1988 ඉන්දියාව ජේ.ආර්.ව විශ්වාස කළා සේ 2015 දමිළ ජාතික සන්ධානය විශ්වාස කළේ රනිල්වය. ඒත් මෛත්‍රි නිසා රනිල් ඒ විශ්වාසය කඩ කරගෙන ඇත. රනිල් කෙරෙහිද දමිළ ජනයාගේ දැන් පැහැදීමක් නැත. හැබැයි රනිල් දකුණේ පරාජය වුණේ තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ගිහින් බව දමිළ ජනතාව දනී. රනිල්ට සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්න බැරි තමන් වෙනුවෙන් පෙනී සිටිය නිසා බවද ඔවුන් දනී. එහෙම බලනකොට තවමත් දමිළ ජනතාවට දමිළ ජාතික සන්ධානයට සුළුවෙන් හෝ විශ්වාසය තබන්න පුළුවන් රනිල් මත පමණි.
සජිත්ට දිනන්න රනිල් අවශ්‍ය වන්නේ මේ නිසාය. සජිත්ගේ තාත්තා 1988 ජනාධිපතිවරණයේදී ජේ.ආර්.ව හැන්ඞ්ල් කළා සේ සජිත් රනිල්ව හැන්ඞ්ල් කරන ආකාරය මත සජිත්ගේ ජයග්‍රහණය තීන්දු වනු ඇත.

උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘දූ අනුරාධාට’ දූ අනුරාධාගෙන්ම පිළිතුරු

Next Post

මෛත්‍රී-මහින්ද-‌ගෝඨා-බැසිල් තීරණාත්මක හමුවක් අද දවල් 12ට

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.