• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලිනාට්‍ය මාව ඩැහැගත්තා

October 10, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ටෙලිනාට්‍ය මාව ඩැහැගත්තා
Share on WhatsAppShare on Facebook

ප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වන දක්‍ෂ චරිතාංග නළුවකු වීම ලෙහෙසි පහසු නැත. එලෙසම දක්‍ෂ චරිතාංග නළුවකු වීම සඳහා කඩවසම් පෙනුමක් අවශ්‍ය වන්නේද නැත. එනමුදු.., කඩවසම් රූපකාය සමඟ ප්‍රේක්‍ෂකයන් අතර හැමදාමත් තම ප්‍රතිරූපය ජීවත් කරවන අති දක්‍ෂ චරිතාංග නළුවෝද අප අතර වෙති. ‘රොජර් සෙනෙවිරත්න’ කියන්නේද ඒ අතරින් එක් අයෙකි. ‘චාතුර්යා’ ටෙලිනාටකයෙහි ‘තේමිය මඬුගල්ල’ ලෙස රඟමින් යොවුන් සිත්සතන් අමන්දානන්දනීය කළ මේ අපූරු රංගවේදියා ‘සකිසඳ එලියස්’ තුළින් වයස් බේදයක් නොමැතිව කා අතරත් අතිශය ජනප්‍රියත්වයට බඳුන් විය. බොහෝ විට මාධ්‍ය හරහා කතාබහට නොඑන රොජර්, ‘මව්රට’ පුවත්පතේ අප කළ ආරාධනය නම් පිළිගත්තේ, ඉතාම මිත්‍රශීලී ලෙසිනි.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. මම සතුටින්, ජීවිතය ඔහේ ගලා යනවා.
ඔබ මාධ්‍ය සමඟ සුහද වන අවස්ථා අඩුයි නේද?
වැරැදි අදහසක්.., මාධ්‍ය සමඟ මගේ කිසිම ආරවුලක් නැහැ.., සිදුව ඇත්තේ මාධ්‍ය මට සුහද කතාබහක් සඳහා ආරාධනය කරන අවස්ථාවන් අවම වීමයි. හැබැයි මම කිසිවිටෙක මාව ඉන්ටර්විව් කරන්න කියලා මාධ්‍ය පසුපස හඹා යෑමක් කරන්නේද නැහැ. ඒ වගේම මාධ්‍ය මට කතා කළහොත් මම ඔවුන් සමඟ සුහද කතාබහකට පැමිණීම ප්‍රතික්‍ෂේප කරන්නේද නැහැ.
දැන් අපි ඔබ ගැන කතාබහට පිවිසෙමු, ‘චාතුර්යා’ගෙන්ම පටන්ගමු. ඔබ අසීමිතව ජනප්‍රිය වූයේ ‘චාතුර්යා’ ටෙලිනාට්‍යයෙන්?
ඇත්තෙන්ම ‘චාතුර්යා’ ටෙලිනාට්‍ය තුළින් මා වටා එක්රොක්වූ ප්‍රේක්‍ෂක මනාපය අසීමිතයි. හැබැයි.., හොඳ රංගනවේදියකු වීමට අවශ්‍ය ආරම්භය මට ලබා දුන්නේ වේදිකාවයි. ඒ නිසා මම පළමුව වේදිකාව වෙත යොමු වෙන්නම්. රංගන කලාව සඳහා අත්පොත තැබීමට පාසල් වේදිකාව මට යම් තරමක පෙරහුරුවක් වුණා. ඒ අතර 1976 මිල්ටන් ජයසූරිය නම් හිතවතකුගේ මාර්ගයෙන් මම සුගතපාල ද සිල්වා මහතාව හඳුනා ගන්නවා. එතැනදී මට ලැබෙන්නේ රංගනය හදාරනවාට වඩා වෙනස් යමක්. ඒ වෙනස තුළ ‘දුන්න දුනුගමුව’ නාට්‍යයේ නඬේ ගුරාගේ මෙහෙවර සමඟ වේදිකා සැරැසිලි, කොස්ටියුම් ඩිසයිනින් වාගේම සහාය පරිපාලක යන කාර්යයන්ද මට හිමිවෙනවා.
නාට්‍යයක රඟපෑමේ ආශාවක් ඔබට එතැනදී ඇතිවුණේ නැතිද?
මොකෝ නැත්තේ, චරිතයක් රඟපාන්න තියෙන ආශාව හිත ඇතුළේ නලියන්න ගත්තා. ඒත් ඉතින් මට අයිතිව තිබූ මෙහෙවර සාර්ථකව ඉටු කරමින් අවස්ථාව ලැබෙන තුරු බලාගෙන හිටියා. ඒ ඉවසීම තුළ තිබුණේ සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීණ කලාකරුවා සමඟ ගැවැසීමේ අසීමිත කැමැත්තයි. අනෙක් එම පසුබිම තුළ මා ලද පන්නරය මිල කරන්නට බැහැ. වීදි නාට්‍ය සහ වැඩමුළුවලට සහභාගි වන්නට ලැබුණු අවස්ථාවන් කොතෙක්දැයි කියන්නට බැහැ. නාට්‍ය පරිවර්තනය ගැන පවා මම එහිදී හැදෑරුවා. ඔය අතර ‘ජර්මන් කල්චර් ඉන්ස්ටිටියුට්’ එකේදි මට බෙල්ජියම් ජාතික රූචි කොලින්ස් මුණගැහෙනවා. ඔහු සමඟ එකතුවී දොන් වියෙගෝ නාට්‍යය නිර්මාණය කරනවා. වේදිකා නළුවකු ලෙස රංගනයට එක්වූයේ එතැනින්. පාලිත සිල්වාද එහි ප්‍රධාන චරිතයක් රඟපෑවා.
එයින් පසුව ඔබ වේදිකාවේ සම්මානනීය දිගු ගමනක යෙදුණා?
අනිවාර්යයෙන් එය එලෙසම සිදුවුණා. 1992 ඇල්ඩා කැමෝගේ ‘පස්වැන්නා’ නාට්‍යය පරිවර්තනය කොට තරුණසේවා සභාවේ පරිවර්තක අංශයෙහි සම්මාන එකොළහකට මම හිමිකම් කිව්වා. එය තවමත් නොබිඳුණු වාර්තාවක්. එලෙසම රාජ්‍ය නාට්‍ය උළෙලවලදී ද මා විසින් රචිත නාට්‍ය සඳහා හොඳම නිර්මාණයට හිමි සම්මානය ලැබුණා. තවත් එක් සුවිශේෂී සිදුවීමක් ගැන මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ ඇන්ටන් චෙකොප්ගේ ‘ඩෙක් ඔෆ් ද ක්ලාක්’ අනුසාරයෙන් මවිසින් රචිත කෙටි වේදිකා නාට්‍ය ගැනයි. බොහෝ විට කෙටි වේදිකා නාට්‍යයක් වේදිකා ගතවන වාර ගණන ඉතාම අඩුයි. නමුත් කියන්නට සතුටුයි, සුගපාල ද සිල්වා මහතාගේ ඉතා සුහද මැදිහත් වීම තුළ මගේ නිර්මාණය රටවටා වාර 900ක් ප්‍රදර්ශනය වුණා. ඒ වගේම එයට තවත් සුවිශේෂී හේතුවක් තිබුණා. ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් එවකට සිරගතව සිටි ‘සේපාල ඒකනායක’ සිර මැදිරියේ සිට නිර්මාණය කළ ‘පෝලින්’ යන කෙටි නාට්‍යයද එම ප්‍රදර්ශනය සඳහා සම්බන්ධව තිබුණා. මම හිතන විදියට මගේ නිර්මාණය සාර්ථක වීම සඳහා එම සුසංයෝගය කදිම අත්වැලක් වුණා.
හිටි අඩියේ ඔබ වේදිකාව අතහැර දැමුවේ ඇයි කියා ඇසුවහොත්?
උත්තරය බොහොම සරලයි. එතැනදී සිදුවුණේ නොසිතූ ලෙස ටෙලිනාට්‍ය විසින් මාව ඩැහැගැනීමයි.
ඒ ගැන ඔබ යම් පසුතැවීමකට මැදිව සිටියාද?
කොහොමවත් නැහැ. වේදිකාවට මම බොහොම ආදරෙයි. නමුත් ටෙලිනාට්‍යවලට මැදිව සිටීම ගැන කිසිදු පසුතැවීමක්ද මා තුළ නැහැ.
තරුණ ආකර්ශණයට ඔබ මැදිවූයේ ‘චාතුර්යා’ ටෙලිනාට්‍යයෙන්?
නිසැකවම. සෙනුරි සහ චාතුර්යා යන ටෙලි නිර්මාණ වගේම නිෂ්පාදනයන් වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. එලෙසම ‘චාතුර්යා’ 2002 විකාශනය වීමත් සමඟ ‘ස්වර්ණවාහිනිය’ වසරේ ජනප්‍රියතම රූපවාහිනී සේවය වුණා.
තරුණ කෙල්ලන් ඔබට උමතුවෙන් මෙන් ලියුම් එව්වලු?
මොනවා කියනවද? ලියුම් මිටි ගණන් තමයි ලැබුණේ. හිතාගන්නට බැරි අසීමිත ජනප්‍රියත්වයක් එයට හිමිවුණා.
පෞද්ගලික රූපවාහිනී සේවයක් ඔබ සමඟ යම් අමනාපයක් ඇතිකර ගත්තේ ‘චාතුර්යා’ නිසාද?
නැහැ. එයට හේතු වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ ‘බට්ටි’ ටෙලිනාට්‍යයයි. එය මගේ නිෂ්පාදනයක්. ඔබ පැවැසූ පෞද්ගලික රූපවාහිනී සේවය එවකට ඉතා දීර්ඝ ලෙස ඉන්දියානු ටෙලිනාට්‍ය ව්‍යසනයට ප්‍රේක්‍ෂකයන් මැදිකොට තිබුණා. එයට විරුද්ධව දේශීය කලාකරුවන් විසින් කුමන බලපෑමක් කළද එය වැඩක් වූයේ නැහැ. මම ඒ සඳහා පියවර ගත්තේ ‘බට්ටි’ ටෙලි කතාව තුළිනුයි. පළමුව කොටස් 20කට නිර්මාණය කළ එය ඊට පසුව කොටස් 400ක් දක්වා දිවගියේ දැඩි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මතයි. ස්වාධීන රූපවාහිනියද ‘බට්ටි’ නිසා අසීමිතව ජනප්‍රිය වුණා. ඉන්දියානු ටෙලි විකාරය අතහැර දමා ප්‍රේක්‍ෂකයන් ‘බට්ටි’ වටා රොක් වුණා. බලපෑම් කර නතරකර ගන්නට බැරි වූ එම ටෙලිනාට්‍ය පෙළ ඉබේම නතර වුණා. එදායින් එදාමයි, එම පෞද්ගලික රූපවාහිනී සේවය මට ඔවුන්ගේ කිසිදුම වැඩසටහනක් සඳහා ආරාධනා කළේ නැහැ. ඒ වාගෙම ඔවුන්ගේ සේවයෙහි විකාශනය වන කිසිදුම ටෙලිනාට්‍යයක් සඳහා මාව කිසිවකු සහභාගිකර ගත්තේද නැහැ
හොඳම නැඟී එන නළුවා ලෙස ඔබ සුමති ටෙලි සම්මානයට පාත්‍රවුණා?
ඔව්.., ධර්මසේන පතිරාජ මහත්තයාගේ ‘නාඳුණන පුත්තු’ ටෙලිනාට්‍යය සඳහා එය මට හිමිවුණා. එම නාට්‍යයෙහි කියැවුණේ, ආචාර්ය එන්. එම්. පෙරේරාගේ ගාම්භීර චරිතය ගැනයි. පතිරාජ මහත්තයා වාගේම මමත් තද වාමාංශිකයන් නිසා මම එහි බොහොම ඇල්මෙන් රඟපෑවා.
දේශපාලනයට ඔබ මැදිවූයේ ඒ වාමාංශික හැඟීම් මතද?
බොහෝ විට එහෙම තමයි එය සිදුවුණේ. තවත් එකක්, දේශපාලනයට සම්බන්ධ වීමට තවත් විශේෂ හේතුවක් තිබුණා. 78 ආණ්ඩුව සමයේ එවකට හිටපු අධ්‍යාපන ඇමැති විසින් ‘ඉතිහාසය’ කියන විෂය පාසල් අධ්‍යාපනයෙන් අයින් කළා. එය සිදුවූයේ ‘ධවල පත්‍රිකාව’ කියන පනත යටතෙයි. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. ධවල පත්‍රිකාවට විරුද්ධව ජේ.වී.පී. එක පාරට බහින කොට මම පාසල් ළමයින් 400ක් පමණ අරන් එළියට පැන්නා. හැම අංශයකින්ම පැමිණි පේරාදෙණිය විශ්වවිiාල සිසුන් අපට එදා සහාය දුන්නා කොහොමින් හරි දන්නෙම නැතිව අපි ජේ.වී.පී. කොල්ලො වෙලා තිබුණා. එය තමයි මගේ දේශපාලනයෙහි ආගමනය. එයට පසුව ඒ තරුණ අවධියේ මට කැලණියේ පන්ති කරන්නත් පුළුවන්කම ලැබුණා. රෝහණ විජේවීර, ගමනායක සහ කළු ලකී යන ප්‍රවීණයන් සමඟ මා ගෙවූ ඒ කාලය මගේ ජීවිතයේ ඉතාම සුවිශේෂී සිදුවීමක්. ඒ කාලේ ‘ස්පාටකස්’ කියන වේදිකා නාට්‍යය නිර්මාණය කළා කියලා මා ඇතුළු කණ්ඩායම කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හතර වැනි තට්ටුව කරාද රැගෙන ගියා. මට මතකයි, එක් නිලධාරියෙක් මගෙන් ඇහුවා ‘ස්පාටකස්’ වාගේ චරිතයක් නිර්මාණය කළේ ඇයි කියලා. මමත් එතැනදී ඔහුගෙන් ඇසුවා ඔබ රොජර් සෙනෙවිරත්න වුණා නම් ස්පාටකස් වැනි වටිනා චරිතයක් බාරගන්නේ නැතිදැයි කියා.
කලාකරුවකු කියන ගෞරවයත් එවැන්නකදී ඔබට ලැබුණෙ නැතිද?
බොහෝ විට එය ලැබුණා. මොකක් හෝ ඔත්තුවකට ගේ චෙක් කරන්න ආවත්, මාව හඳුනාගත්තාට පසුව ඔවුන් සුහදව නික්ම ගිය අවස්ථාද තිබුණා.
තවත් කුමක් හෝ සුවිශේෂී යමක් කරන බලාපොරොත්තුවක් ඔබේ ජීවිතයේ තියෙනවද?
ඔව්… ටෙලි නිර්මාණ කිහිපයක් නිර්මාණය කරන ආශාව මා සතුව තිබෙනවා. ඒ අතර දයා රාජපක්‍ෂ නම් ප්‍රවීණ චිත්‍ර කතාකරුවාගේ ‘ගිනිබත් කිරීටය’ සහ ‘මව්ලානා’ යන කතා දෙකත් සෝමපාල රණතුංග නම් ප්‍රවීණ ගත්කරුවාගේ ‘ඇස් දෙක’ නව කතාවක් ප්‍රධානයි. මැරෙන්නට කලින් ඒ අපූරු නිර්මාණයන් ප්‍රේක්‍ෂකයා අතරට ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ට්‍රම්ප් වගේ අපිත් ගෝඨාට හිනාවෙමුද? (ඉරුදින විග්‍රහය)

Next Post

ගැහැනු වගේම පිරිමිත් කණවැන්දුම් වෙන ග්‍රහයෝග

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.