• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් වගේ අපිත් ගෝඨාට හිනාවෙමුද? (ඉරුදින විග්‍රහය)

October 10, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් වගේ අපිත් ගෝඨාට හිනාවෙමුද? (ඉරුදින විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2020 මුල් කාර්තුවේදී නවසීලන්ත අගමැතිනිය වූ ජෙසින්ඩා ආර්ඞ්න් ‘යුගයේ කාන්තාව’ ලෙසට ජාත්‍යන්තරයෙන් සම්මාන දිනාගැනීමට සමත් වූවාය. ඊට හේතුව වූයේ වසර මුලදී රට ඇතුළේ පැතිර යෑම ආරම්භ වූ කොරෝනා වෛරසය සාර්ථකව මැඩපැවැත්වීමට ආර්ඞ්න් කටයුතු කිරීමය. ලෝකයේ බලවත් යැයි කියාගන්නා සියලුම රටවල නායකයන් කොරෝනා ඉදිරියේ හතරගාතේ දා බිම ඇදවැටෙද්දී කාන්තාවක් ලෙස ආර්ඞ්න් ලෝකයටම ආදර්ශයක් දෙමින් කොරෝනාව මර්දනය කිරීම මෙසේ සම්මාන ලැබීමට හේතු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය එවකදී ආර්ඞ්න්ව නම්කළේ කොරෝනාව ජයගත් වීර කාන්තාව ලෙසටය. ජාත්‍යන්තර පුවත්පත්වල මුල් පිටු එකල සැරසුණේ ආර්ඞ්න්ගේ සිනාසෙමින් සිටින අලංකාර ඡායාරූපවලිනි. කොටින්ම එකල ආර්ඞ්න් නවසීලන්තයේ අගමැතිවරියට වඩා සුපිරි තාරකාවක් ලෙසට එකල මාධ්‍ය අරක්ගෙන තිබිණි.
හැබැයි ආර්ඞ්න්ට මාධ්‍යවල මේ ජනප්‍රියත්වය හිමිව තිබුණේ යන්තම් දින 102ක් පමණි. හරියටම පසුගිය අගෝස්තු මාසයේ කොරෝනා දෙවැනි රැල්ල නවසීලන්තය පුරා හමා යන්නට විය. නවසීලන්තයේ ප්‍රධාන නගරයක් වූ ඕක්ලන්ඞ්වලින් විශාල කොරෝනා පොකුරක් එකවර මතුවිය. එහිදී ආර්ඞ්න්ට මුලින්ම හිනාවුණේ වෙන කවුරුවත් නොව ලෝකෙට ලොක්කා යැයි කියාගන්නා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
“එක්තරා රටක් පෙන්නුවා කොරෝනා මර්දනය කරන්න මොඞ්ල් එකක් ඒ අය හැදුව කියල. ඒකෙන් කොරෝනා මර්දනය කළා කියල කිව්වා. ජයඝෝෂා නැඟුවා. ලෝකෙ මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට ඒක පත්වුණා. හැබැයි පව්. අන්න දැන් ඒ රටට ආයෙමත් කොරෝනා හැදිලා. ඒ අය දැන් ආයිමත් මරහඬ දෙනවා. ඒකයි මම මුලින්ම කිව්වෙ මේක කාටවත් නවත්වන්න බෑ කියලා…”
එදා ට්‍රම්ප් ලෝකයටම ඇහෙන්න ආර්ඞ්න්ව සමච්චලයට ලක්කළේ එහෙම කියලාය. ට්‍රම්ප්ගේ මේ කතාවෙන් ආර්ඞ්න්ද දැඩි අපහසුතාවට පත්විය. නමුත් හැරෙන තැපෑලෙන් ට්‍රම්ප්ට උත්තර දෙන්නටද ආර්ඞ්න් කටයුතු කළාය.
“කොරෝනා කීදෙනෙක්ට හැදිලද කියලා ගණන් කරන එක නෙමෙයි ප්‍රශ්නය. ජාතියක් හැටියට, රටක් හැටියට කොරෝනාවලට අපි මුහුණදෙන්න ඕනෙ. කොරෝනා නැති කරන්න නිවැරැදි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න ඕනෙ. ඒකයි රටකට අවශ්‍ය වැඩපිළිවෙළ. අපි පළමුවැනි කොරෝනා රැල්ල ජයගත්තා. ඒ වගේම මේ දෙවැනි කොරෝනා රැල්ලත් අපිට ජයගන්න පුළුවන්…”
ආර්ඞ්න්, ට්‍රම්ප්ට උත්තර දුන්නේ ඒ විදිහටය.
ආර්ඞ්න් කිව්වා හරිය. කිව්ව වාගේම ආර්ඞ්න් වහාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය පියවර ගත්තාය. අගෝස්තු මාසයේදීම අදාළ ප්‍රදේශ ලොක්ඩවුන් කිරීමට ආර්ඞ්න් කටයුතු කළාය. එසේ ලොක්ඩවුන් කොට නිශ්චිතවම කොරෝනාව පරාජය කොට ආර්ඞ්න් ඕක්ලන්ඞ් යළි විවෘත කළේ පසුගිය සතියේදීය. එසේ කොට දෙවැනි කොරෝනා රැල්ලත් තම රට ජයග්‍රහණය කළ බවට ජයග්‍රාහී ලීලාවෙන් නිවේදනයක් නිකුත් කළාය. දැන් ආර්ඞ්න් සූදානම් වන්නේ ඊළඟ ඡන්දයටය. දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ කොරෝනා පරද්දා ජයග්‍රහණය කළා සේ ආර්ඞ්න් මහ ඡන්දයෙන්ද විපක්ෂය පරදා දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරනු ඇතැයි කියලාය.
ආර්ඞ්න් පිළිබඳව මේ කතාව මතක් වුණේ මේ දිනවල ලංකාවේ යළිත් පැතිර යන කොරෝනා රැල්ල දෙස බලන විටය. මොකද දකුණු ආසියාවේ මේ පුංචි රටේද සිටින්නේ නවසීලන්තයේ ආර්ඞ්න් හා සමානවම පළමු වටයේ කොරෝනා මර්දනය කළ ජනාධිපතිවරයෙකි. ආණ්ඩුවකි. ආර්ඞ්න් වගේම ගෝඨාත් තමන්ටම ආවේණික ක්‍රමවේදයක් නිර්මාණය කරගෙන කොරෝනා පළමු රැල්ල මර්දනය කිරීමට පියවර ගත්තේය.
හැබැයි පළමු කොරෝනා රැල්ල ජයග්‍රහණය කළත් ආර්ඞ්න්ට කළා වගේ ලෝකෙ කවුරුවත් ගෝඨාට සම්මාන දෙන්න ගියේ නැත. ගෝඨාට ප්‍රශංසා කරන්න ඉදිරිපත් වුණේ නැත. ගෝඨාගේ පින්තූර මාධ්‍යවල පළකරමින් ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ගියේ නැත.
ඒකට හේතුවක් තිබේ. ඒ වෙන මොකවත් නොව ඉරිසියාව සහ කුහකකමය.
මේ විදිහටම ගෝඨා තිස් වසරක යුද්ධය දිනන්න ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදුකළ මෙහෙය ජාත්‍යන්තර රටවල් කවදාවත් අගය කළේ නැත. ඒ ක්‍රෙඩිට් එක ගෝඨාට දෙන්න ගියෙත් නැත. ඒ අය හිතන්නේ අපිට කරන්න බැරි නම් උඹලටත් කරන්න බැරිවෙන්න ඕනෑ කියලාය. හැබැයි ගෝඨා උන්ට කරන්න බැරිවුණ දේ මේ රට ඇතුළේ කරලා පෙන්නුවේය.
හැබැයි දැන් නවසීලන්තයට වගේම ලංකාවටත් කොරෝනා දෙවැනි රැල්ල ගසමින් තිබේ. එදා කොරෝනා දෙවැනි රැල්ලේදී ඇමෙරිකාවේ ට්‍රම්ප් නවසීලන්තයේ ආර්ඞ්න්ට හිනාවුණා වගේ ලංකාවේ විපක්ෂයත් අද ගෝඨාටත් හිනාවෙන්න පටන් අරන් තිබේ.
“අයියෝ ඔන්න කොරෝනා මර්දනය කළා කිව්වාට ආයෙත් අවිල්ලා. ඒ කියන්නෙ මේගොල්ලන්ට කොරෝනා මර්දනය කරන්න බැරි වෙලා. එදා බොරුවක් තමයි මේ අය කරල තියෙන්නෙ. දෙවැනි රැල්ලෙන් නම් කොහොමත් බේරෙන්න මේ අයට බැරිවෙයි…”
ලංකාවේ විපක්ෂය අද කියන්නේ එහෙම කතාවකි.
හැබැයි නවසීලන්තයේ ආර්ඞ්න්ට වගේම ලංකාවේ ගෝඨාටත් අද කියන්න තියෙන්නේ එකම කතාවකි.
“මේක ත්‍රස්තවාදය මර්දනය කරනව වගේ මර්දනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ලෙඩක්. ත්‍රස්තවාදය බෝවෙන්නෙ නෑ. මේක බෝවෙනවා. මේක මර්දනය කරන්න නිවැරැදි ක්‍රමවේදයක් අවශ්‍යයි…”
ගෝඨාට කියන්න තියෙන්නේ ඒකය.
ගෝඨා පළමු වතාවේ කොරෝනා රැල්ල පැමිණි විට ඒ ක්‍රමවේදය සාර්ථකව අත්හදා බලා කොරෝනාව පාලනය කළේය. දැන් දෙවැනි රැල්ල ගම්පහ, මිනුවන්ගොඩින් ආරම්භ වී තිබේ. ඒ ප්‍රදේශයට මේ වන විට ඇඳිරි නීතිය පනවා ඒ දෙවැනි රැල්ල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයද ගෝඨා ආරම්භ කොට තිබේ.
කොහොම වෙතත් මේ විදිහට ගෝඨාට හිනාවෙන විපක්ෂයේ අය ඕනෑකමින්ම අද අමතක කර ඇති කාරණයක්ද තිබේ. ඒ වෙන මොකක්වත් නොව අද ජනාධිපති පුටුවේ ගෝඨා නැතිව එතැන මෛත්‍රිපාල හිටිය නම්, මහින්දගේ ආණ්ඩුව නැතිව එතැන රනිල්ගේ ආණ්ඩුව තිබුණ නම් මේ රටට සිද්ධ වෙන සන්තෑසිය ගැනය.
අද එහෙම වුණා නම් මෛත්‍රි ජනාධිපති හැටියට කොරෝනාව මර්දනය කරන්න එක කමිටුවක් දාලාය. රනිල් අගමැති විදිහට තව කමිටුවක් දාලාය. රාජිතට සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කොරෝනාව මර්දනය කරන්න වෙහෙස වෙනවාට වඩා වැඩි වෙහෙසක් මෛත්‍රිගෙයි, රනිල්ගෙයි මේ කමිටුවලට ගිහින් දරන්න සිද්ධ වෙනවාය.
කොරෝනාව රට වටේම පැතිර යද්දී මෛත්‍රි රට වහන්න ඕනෑ යැයි කියනු ඇත. එහෙම රට වහන්න ගියොත් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා යැයි රනිල් කියනු ඇත.
මෛත්‍රි පී.සී.ආර්. කරන්න ඕනෑ නැතැයි කියනවා ඇත. රනිල් පී.සී.ආර්. කරන්න ඕනෑ යැයි කියනවා ඇත.
දෙන්නා එළ හරකයි මීහරකයි වගේ දෙපැත්තට අදිමින් කාලය කද්දී මුළු රටම කොරෝනාවෙන් විනාශ වී යනු ඇත.
ඒක නිසා අද විපක්ෂයද කුහක නොවී සිතිය යුතු එක් කාරණයක් තිබේ. ඒ විපක්ෂයත්, විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ පවුලුත් අද නිදහසේ ජීවත් වන්නේ ගෝඨා මේ ගෙනයන වැඩපිළිවෙළ නිසා කියන එකය. ඒක නිසා අද විපක්ෂය කරන්න ඕනේ ඇමෙරිකාවේ ට්‍රම්ප් නවසීලන්තයේ ආර්ඞ්න්ට හිනාවුණා වගේ ගෝඨාට හිනාවෙන එක නොව කොරෝනාවෙන් මේ රට ගලවගන්න ගෝඨාට උදව් කරන එකය. එහෙම නොවුණොත් මේ කොරෝනා දෙවැනි රැල්ල ගෝඨා දිනපු දවසට විපක්ෂයට එළියට බැහැල දේශපාලනය කරන්න එක මිනිහෙක්වත් ඉතුරු වෙන එකක් නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

කාලෙකට පස්සෙ එළියට ආපු කටකාර නෑනා

Next Post

ටෙලිනාට්‍ය මාව ඩැහැගත්තා

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.