• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මවගෙ මරණයෙන් පසු උපන් මහාකොළසන්නි යකා

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මවගෙ මරණයෙන් පසු උපන් මහාකොළසන්නි යකා
Share on WhatsAppShare on Facebook

යකුන් දහඅටක් මූලික කරගෙන දහඅට සන්නිය පැවැත්වෙයි. එය පහතරටට ආවේණික අංගයක් යැයි පැවැසීමේද වරදක් නැත. කෙසේ හෝ මෙය ඉතා බලවත් ශාන්තිකර්මයකි. වර්තමානයේ දහඅට සන්නිය ගැන එතරම් උනන්දුවෙන් කතා නොකළද අතීතයේ එය ජන සංස්කෘතිය තුළ පැවැති ජනප්‍රිය අංගයකි. ඊට සාක්ෂි පැරැන්නන් සතුව පමණටත් වඩා ඇත. එම නිසාම අපි අද කියවන ඔබට එම දහඅට සන්නියේ සිටින ප්‍රධානියා හෙවත් ප්‍රධාන යකා ගැන පැවැසීමට කටයුතු කරන්නෙමු. ඒ අනුව මෙම දහඅට සන්නිය සඳහා පැමිණෙන බව කියන භයානක යකුන් දහඅටෙන් ප්‍රධානියා වන්නේ “මහාකොළ සන්නි යකා” බව පැවැසෙයි. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ අනෙකුත් යකුන් සිටිනා බවද සඳහන්ය.

දහඅට සන්නියේ සිටිනා මෙම භයානක යකුන් දහඅට ඉතාමත් ප්‍රසිද්ධ වන්නේ මිනිසුන් වෙත විවිධ ලෙඩ රෝග ඇතිකිරීමටය. ඒ අතරින් බඬේ අමාරුව යන රෝගය ඇති කරන්නේ “අමුක්කු සන්නි යකා” බව පැවැසෙයි. එමෙන්ම ජලයෙන් ඇතිවන රෝග “ජල සන්නි යකා” ඇති කරවන අතර අතට පයට හානි කරවන්නේ “කොර යකා” බව පැවැසෙයි. එසේ වන්නේ ඔවුන්ගේ බැල්ම මිනිසුන් වෙත එල්ලවීම මඟිනි. මේ ආකාරයට ලෙඩ රෝග දහඅටක් එම යකුන් දහඅට විසින් ඇතිකරවන බව පැවැසෙයි. ලංකාවේ පහතරට ප්‍රදේශයට ආවේණික තොවිල් වර්ග අතරින් දහඅට සන්නිය හෙවත් සන්නි යකුට හිමිවන්නේද ප්‍රධාන තැනකි.

මහාකොළසන්නි යකා ගැන විවිධ ප්‍රදේශ තුළ ඇත්තේ විවිධ වූ කතාය. ඒ අතරින් දකුණු පළාතේ මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ පුද්ගලයකු බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහිමූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාගය වැනි ලෙඩ රෝග සඳහාය. එමෙන්ම මෙම ලෙඩ රෝග සන්නි යකා විසින් ඇති කරනු ලබන සන්නි රෝග වශයෙන්ද හඳුන්වයි. මහාකොළසන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතලවීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනීම, නිතර උණ ගැනීම, අංශභාගය, අත පය කොරවීම, වලිප්පුව වැනි ලෙඩ රෝග පීඩා නැතිකිරීම සඳහා මෙම සන්නි යකුම නටන බව පැවැසෙයි.

මෙම මහාකොළ සන්නි යකාගේ උත්පත්තිය පිළිබඳ පැවැසෙන කතාවද ඇඟ කලිපොළා යන්නකි. එය ගෞතම බුදුන්ගේ කාලය දක්වාම ගමන් කිරීමද විශේෂත්වයකි. එම කතා පුවත මෙසේ දැක්විය හැකිය. අතීතයේ සිටි බව පැවැසෙන එක්තරා රජකුගේ බිසවක අනාචාරයේ හැසිරී තිබේ. මෙය පසුව රජුට ආරංචි වූ අතර ඔහුගේ අවසන් තීරණය වන්නේ බිසවට මරණ දඬුවම නියම කිරීමයි. එහෙත් ඒ වන විටත් ඇය දරුවකු වැදීම සඳහා ගැබ්ගෙන තිබූ බවද පැවැසෙයි. කෙසේ හෝ රජුගේ තීරණය අවසන් තීරණය වී තිබේ. ඒ අනුව ඇයට මරණ දඬුවම හිමි වී ඇත. එහෙත් ඒ අවස්ථාවේ ඇය සිය දරුවාද වැදූ බව සඳහන් වේ. පසුව එම දරුවා සිය මවගේ මළකුණ ආහාරයට ගෙන වැඩී තිබේ. එසේ සිය මවගේ මළකුණ ආහාරයට ගෙන වැඩුණු දරුවා පසු කලෙක මහාකොළසන්නි යකා බවට පත් වූ බව ජනප්‍රවාදයේ පැවැසෙයි.
නමුත් දහඅට සන්නියේ එන මෙම කතා සත්‍යද අසත්‍යද එසේ නැත්නම් මිථ්‍යා කතාද කියා ඔප්පු කිරීමට අදටත් සාක්ෂි නොමැත. එකම සාක්ෂිය වන්නේ ජනප්‍රවාදයම පමණි. එසේ ජනප්‍රවාදයන් පැවත එන්නේ මුඛ පරම්පරාවෙන් නිසා මෙම කතා ලේසියෙන් බැහැර කිරීමටද හැකියාව නැත. කෙසේ හෝ ලාංකේය ජනයා අදටත් දහඅට සන්නිය පිළිබඳ සිටින්නේ දැඩි විශ්වාසයෙනි. අදටත් දහඅට සන්නිය නටන පිරිස් දැකගත හැකිය. නමුත් රට යන තාලය දෙස බැලීමේදී මෙවැනි දෑ විශ්වාස කරන අවසාන පරම්පරාවද විසිඑක්වැනි සියවසේ අප විය හැකිය.
නලින්ද සෙනෙවිරත්න

SendShareShare
Previous Post

උදුම්බරා ගැලවෙද්දි නදීශානි අතුරුදන්?

Next Post

දේවිකාගේ අමතක නොවන අතීතය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.