මේ වනවිට රට තුළ පවතින වසංගත තත්ත්වය නිසාවෙන් කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝදායනයට ලක් වෙන පුද්ගලයන් සඳහා උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ වෛද්‍යවරුන්ට අපහසුතාවයක් ඇතිව ඇති බැවින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සහ නිරෝදායනයට ලක්වන පවුල් සඳහා ඇතිවන ගැටලුවලට zoom තාක්ෂණය ඔස්සේ ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු කටයුතු කර තිබෙනවා.
තමන් සේවය කරනු ලබන ග්‍රාම නිළධාරී වසමේ කොවිඩ් ආසාදිතයින් විසින් ඔවුනට ඇති වී තිබෙන ගැටලු පිලිබද ව නිරන්තරයෙන් දුරකතනයෙන් කරුණු විමසුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට නො හැකි බව පවසන බැවින් එම පිරිස් වෙත සහනයක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.
මේ සදහා ප්‍රජා ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් විසින් දායකත්වය ලබා දී වෛද්‍ය උපදෙස් ලබා දීම සිදු කරනු ලබන අතර, මේ සදහා සමස්ත රටේ ම කොවිඩ් ආසාදිතයින් සහ නිරෝදායනයට ලක්වෙන පවුල්වල පුද්ගලයන් සහභාගි කර ගැනීමට සූදානම් බව ද මෙම වැඩසටහනේ නිර්මාතෘ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික මහතා පැවසුවා.