අදට යෙදී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පළ කරමින් සහ රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටද ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනාවක් අද (24) උදෑසන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ දේශන ශාලාවේ දී පැවැත්විණි.Sri Lanka Latest News
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සත බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක, ත්රිපිටිකවාගීෂ්වර ආචාර්ය පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි ධර්ම දේශකයාණන් වහන්සේ වූහ.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. ජමල්ඩීන් මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සියලුම නිලයන්ට අයත් සාමාජික සාමාජිකාවන් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ.