ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුව පැත්තෙන් මැයි දිනය ඉලක්ක කොටගෙන විශේෂ ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. Sri Lanka Latest News
මෙම ප්රචාරක ව්‍යාපෘතියෙන් ආණ්ඩුව කියන්නට යන්නේ එජාප මැයි රැලියට සජබ ප්‍රබලයන් තිදෙනකු ගොඩවීමට නියමිතව ඇතැයි කියාය.
ඒ අනුව, අපද මේ සජබ මන්ත්‍රීවරුන් තිදෙනා කවුරුන්ද යන්න පිළිබඳ සොයාබැලීමක නිරත වීමු.
එහිදී අපට දැනගන්නට ලැබුණේ මීට කලකට පෙර ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ්, ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ සහ මුජිබර් රහුමාන් ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණි දිනයේ සිටම රනිල් සමග එකට කටයුතු කළ ඒ.එච්.එම්. ෆවුසි යන තිදෙනා මෙසේ එජාප වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවට ප්‍රචාරය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි කියාය.