• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිය අපගේ…! හිරබත මහ උන්ගේ..! අලුත්කඩේ අරගලය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2023 මාර්තු 03 ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එනම් 2023 පළාත් පාලන ඡන්දය සඳහා 2025 අයවැයෙන් වෙන්කළ මුදල් වහාම මුදාහැර ඡන්දය පවත්වන්න කියාය. මේ නියෝගය නිකුත් කළාට පසු රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ඡන්ද තියන්න සල්ලි හොයන්න අධිකරණයට බැහැ යැයි කීවේය. ඉන් පසු මේ වන විට රනිල්ගේ ආරක්ෂකයකු බවට පත්ව තිබෙන පොදු පෙරමුණු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ කල්ක්‍රියාව හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කළ යුතු යැයි කියාය. ඔවුන්ගේ නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් යැයි ඔහු කීවේය. කතානායකවරයාද ඔහුගේ යෝජනාව පිළිගත්තේය.නීතිය අපගේ…! Sri Lanka Latest News

ඉන් පසු රනිල්ගේ ආරක්ෂකයකු බවට පත්ව ඇති තවත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙක් වන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළේ පළාත් පාලන ඡන්දයට අතුරු තහනම් නියෝගය නිකුත් කළ විනිසුරුවරුන්ගේ කල්ක්‍රියාව හොයන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව සිය වාර්තාව දෙන්න පෙර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම බරපතළ නීති විරෝධී කටයුත්තක් බවය. එම නිසා ඔහු නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම වාර්තාව එන තෙක් පළාත් පාලන ඡන්දයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව කටයුතු නොකරන ලෙස අදාළ අංශවලට උපදෙස් දෙන ලෙසය.

කතානායකවරයාගේ සහ රාජ්‍ය ඇමැති ෂෙහාන්ගේත්, මන්ත්‍රී දොළවත්තගේත් ප්‍රකාශවලට එරෙහිව විපක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අන්තර්ජාතික නීතිවේදීන්ගේ සංගමය විරෝධය පළකළහ. අතුරු තහනම් නියෝගය දුන් විනිසුරුවන් ගැන හොයන තේරීම් කාරකසභා යෝජනාව ක්‍රියාත්මක වුණේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයත් ක්‍රියාත්මක කළේ නැත. නිදහසින් පසු ලංකාවේ ඡන්දයක් ගැන දීපු අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකර කුණු කූඩයට දමපු පළමු ආණ්ඩුව මේ රනිල්ගේ ආණ්ඩුවය.

ආණ්ඩුව හිතන්න ඇත්තේ ආණ්ඩුවට විරුද්ධව තීන්දු දෙන විනිසුරුවන් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට කැඳවනවා කියා විනිසුරුවන් බයකරගත හැකිය කියාය. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී පසුව ආණ්ඩුවට ගිය ඩයනා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියගේ බි්‍රතාන්‍ය පුරවැසි නඩුවේ තීන්දුව අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේ මින් පසුවය. තීන්දුව ඇයට පක්ෂ විය. මෙම තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරු සභාපතිවරයාම ඇමැති රොෂාන් රණසිංහ පත්කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට එරෙහිව තීන්දුව දුන්නේය. පාර්ලිමේන්තුවේදී මේ විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය විපක්ෂ නායකවරයාත්, එවක ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහත් විවේචනය කළහ. රනිල් පාර්ලිමේන්තුවට පැමිණ මෙම විනිසුරුවරයාව ආරක්ෂා කරමින් කතා කළේය. රනිල් එම විනිසුරුවරයාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කරමින් ව්‍යවස්ථාදායක සභාවට එව්වත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය එය අනුමත කළේ නැත. ව්‍යවස්ථාදායක සභාවට එම විනිසුරුවරයාගේ නම අනුමත නොකිරීම ගැන රනිල් ප්‍රසිද්ධියේ ව්‍යවස්ථාදායක සභාවට පහර දුන්නේය. එපමණක් නොව එම විනිසුරුවරයාව පාර්ලිමේන්තුවේ විවේචනය කිරීම අධිකරණයට අපහාසයක් කියා ආණ්ඩු හිතවාදීහු හිටපු ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව උසාවි ගියහ. එසේම එම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණයට එරෙහිවත් ආණ්ඩු හිතවාදියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

මේ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ආණ්ඩුව අධිකරණය ඉන්නේ තමන් සමග බව පෙන්වන්න නාට්‍ය රඟපාන බවය. රනිල් ජනාධිපති වී නීති විද්‍යාලයට ගොස් පළමු නාට්‍යය රඟ දැක්වීය. ඉන් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හදපු නීතිඥ සංගමයක් සියලු විනිසුරුවන්ට ජනාධිපති සමග නුවරඑළියේ සාදයක් සංවිධාන කළේය. ඊටත් පසු රනිල් නීතිඥ දිවියට ඇතුළුවී රත්‍රන් ජුබිලිය සමරන දිනයත් නීතිවේදීන්, විනිසුරුවන් සියල්ලෝම ඉන්නේ රනිල් සමග කියා පෙන්වන්න සංවිධාන කොට තිබිණි.

සමගි ජන බලවේගය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ පක්ෂයෙන් නෙරපීම සම්බන්ධ නඩු තීන්දුව ලිවීම එක් විනිසුරුවරයෙක් හිතාමතාම පමා කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ මේ අතරතුරය. අනෙක් විනිසුරුවන් දෙදෙනා සිය තීන්දුව ලියා තිබියදී තෙවැනි විනිසුරු තීන්දුව ලිවීම පමා කිරීමෙන් විශාල සැකයක් මතුවන බව ඔහු කීවේය. කිරිඇල්ල මෙම ප්‍රකාශය කරද්දී ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශයක් කරමින් කීවේ ජනාධිපති නීතිඥයෙක් රනිල්ගේ නම විකුණමින් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කරන බවය.

‘රනිල් මොකක් හරි නීති ගැටයක් ගහලා ජනාධිපතිවරණය කල් දමා ගනීවි…’

‘බලන්නකෝ රනිල් අන්තිම මොහොතේ උසාවිය ලවා සමගි ජන බලවේගය කියන පක්ෂය කුඩුකරනවා…’

‘සජිත්ට අපේක්ෂක වෙන්න බැරිවෙන විදියට උසාවියේ ගේමක් ගහයි…’

මේ, රනිල් හිතවාදීන් පමණක් නොව රනිල් විරෝධීන්ද අධිකරණය රනිල් එක්ක යැයි කියලා පෙන්වන්න පෙන්නපු නාට්‍ය දැකලා කී කතාය.

‘කෝ පුංචි ඡන්දය තියන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා. නියෝගය කුණු බක්කියේ. කවුද කතා කළේ?’

‘ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර තහනම් කියලා පනත සම්මත කරගත්ත ගමන් ද්විත්ව පුරවැසි ගීතාට මන්ත්‍රීකම නැතිවුණා. ද්විත්ව පුරවැසි බැසිල් මන්ත්‍රී ධුරයට තරග නොකරන්න තීරණය කළා. 2022 ආපහු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කියලා 21(ඒ) ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. බැසිල් මන්ත්‍රීකමෙන් අයින් වුණා. ඒත් බි්‍රතාන්‍ය පුරවැසි ඩයනා ඉන්නවා. අභියාචනාධිකරණය ඒක අනුමත කළා. ඒ තීන්දුවට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ඇදි ඇදී යනවා. ඩයනා පාර්ලිමේන්තුවේ යකා නටනවා…’

මේ, කොළඹ හතේ පමණක් නොව ගමේ ගොඩේ මිනිස්සුත් කී කතාය.

වැඩි කාලයක් ගියේ නැත. මැයි පළමු දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය රට හෙල්ලෙන තීන්දුවක් දුන්නේය. එනම් ඔක්තෝබර් 04 වන තෙක් ජනාධිපතිවරයාට අගවිනිසුරුවරයා හැර වෙනත් විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කිරීම තහනම් කරමින්ය. මේ තීන්දුව දුන්නේ විපක්ෂය විවේචනය කළ ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට නියෝග කරන මෙන් ආණ්ඩුවේ හිතවාදියෙක් පවරපු නඩුවටය. ඔක්තෝබර් 05 වන විට මෙරට සිටින්නේ මහජන ඡන්දයෙන් තේරීපත් වූ අලුත් ජනාධිපතිවරයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් නම්කිරීමේ බලය ඔක්තෝබර් 05 වන විට යන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වෙන නව ජනාධිපතිවරයාටය.

මේ තීන්දුව විප්ලවකාරී තීන්දුවකි. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත්වන්න බැරි වූ රනිල්, රාජපක්ෂවරුන්ගේ පිහිටෙන් ජනාධිපති වී අලුත්කඩේ නටන නැටුම පෙනි පෙනී දුන් තීන්දුවකි.

ඊළඟ තීන්දුව දුන්නේ ඩයනාට එරෙහිවය. බි්‍රතාන්‍ය පුරවැසි ඩයනාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඉන්න ඉඩ සලසාදී රනිල්ගේ ආණ්ඩුව නැටුවේ අලුත්කඩේ වන්නමය. මේ වන්නමට එරෙහිව සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් අධිකරණයට ගොස් කළ සටන නොවන්න බි්‍රතාන්‍ය පුරවැසි ඩයනා වත්මන් පාර්ලිමේන්තුවේ යකා නටයි. ආගමන විගමන නීති උල්ලංඝනය කළ ඩයනා අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බවට උසාවිය දුන් නියෝගය කුණු කූඩයට දැමූ ආණ්ඩුව, රට යවන්න සල්ලි අරන් වංචා කළා කියා දමිතාව ආගමන විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිංහල අවුරුද්දේ හිරේ දමනු ලැබීය. ආණ්ඩුවට පක්ෂව දෙන තීන්දු අභියෝගයට ලක්කරපු හිටපු ඇමැති රොෂාන් රණසිංහට වගේම ඕෂල හේරත්ටත් එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා නගා නඩු වැටිණි. ඒත් ඕෂල සටන අතහැරියේ නැත.

අරගලයෙන් ගෝඨාභයගේ පඬුපුල් ආසනය රත්වුණත් රනිල් පෙන්නුවේ මගේ ආසනය රත්කරන්න අරගල ලක්ෂයක් කළත් බැහැ කියාය. පළාත් පාලන ඡන්ද නියෝගය කුණු බක්කියේය. බි්‍රතාන්‍ය පුරවැසි ඩයනා පාර්ලිමේන්තුවේය.

‘කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්…’

මිනිස්සු ඇහුවේ කම්පා වෙලාය.

‘නීතිය උඹගේ – හිරබත මහ උන්ගේ’

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙකකින් කීවේය. අලුත්කඩේ අරගලයට ජය වේවා…

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවට ලේසි වෙන්නෙ නෑ වගේ! චන්ග් වෙනුවට එන්න හිතන් ඉන්න හෝර්ස්ට් දැනටම ලංකාවට යුද ප්‍රකාශ කරලා වගේ! Sri Lanka Latest News

Next Post

ඩයනාට රූපවාහිනියෙනුත් නඩුවක් දමයි! දෙන්නම් කියලා ලිඛිතවම කියලා ලක්ෂ 10ක පොල්ලක් තියලා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.