ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කළාය.Sri Lanka Latest News
මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේදී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මහත්මිය මෙම අදහස් ප්‍රකාශ කළාය.









