• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් ඔපේ යටින් හපේ! සිංහල සංගීතයේ වර්තමාන දුක – සැප සහ කැත! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

තරුණ හිත්වලට වඩාත්ම සමීප සංගීත ප්‍රසංග වේදිකාවල උන්මාදනීය උමතුවක් වූ ජනප්‍රිය තරුණ ගායක රවී රොයිස්ටර් හදිසියේම වාගේ රට හැර යන්නට තීරණය කරපු නිවුස් එක පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල ලොකු වයිරල් එකක් වුණා. (Sri Lanka Latest News)

ඒ හින්දමද කොහෙද රොයිස්ටර්ට චැට් ප්‍රෝග්‍රෑම්වලට ලහි ලහියට ආරාධනාත් ලැබෙන්න ගත්තා. ඔහුගේ මොබයිල් ෆෝන් එකට වුණත් නිවනක් තිබුණේ නැහැ. කොහොම නමුත් ඔහු තමාට ඇරයුම් ලැබුණු හැම චැට් ප්‍රෝග්‍රෑම් එකකටමත් සහභාගි වුණා. හැංගෙන්න, මුවාවෙන්න, ෆෝන් එක ඕෆ් කරගන්න ඔහුට වුවමනාවක් තිබුණෙත් නැහැ. ඒ විදියට ආරාධනා ලැබ පැමිණි චැට් ප්‍රෝග්‍රෑම් එකකදීත් රොයිස්ටර් කිව්වේ ටිකක් සැර කතාවක්.

එතැනදී රොයිස්ටර් කතා කෙරුවේ තමා ගැනම නෙවෙයි. ඔහුගේ සැර කතාවට මේ රටේ හැම කලාකරුවකුටම වන අසාධාරණ ගැන කතාබහට ගැනුණා.
‘අපේ රටේ කලාව කියන වචනය භාවිත වෙන්නේ හරිම වැරැදි විදියට. එකාට එකා නැහැ. හිනාවෙලා කතා කළත් ඒකත් මූනිච්චාවට. දක්ෂයාට තැන නැහැ. අලුතෙන් ආපු කෙනකුට අත දීමක් නැහැ. අලුතෙන් යමක් කරන්න හදන කෙනකුට අගය කිරීමක් නැහැ…’

ඉහත කියපු ප්‍රෝග්‍රෑම් එකට ඇවිදින් රොයිස්ටර් කතාව පටන්ගත්තේ එහෙමයි. ඉන් පස්සේ ඔහු ඒ සඳහා පැමිණ සිටි සංගීත කණ්ඩායම දිහා බලලා බොහොම ගෞරවයෙන් තම කතාවට ඔවුන්ගේ මෙහෙවරත් ඈඳාගත්තා.

‘මේ ඉන්නේ අපිට ලස්සනට සින්දු කියන්න හරි ලස්සන සහයෝගයක් දෙන පිරිසක්. මෙයාලා වාගෙම අපේ සින්දුවට ගැම්ම දෙන තාල අල්ලලා අපට ස්ටේජ් එකේ නියමෙට නටන්න රඟන්න රිදම් එක දෙන මියුසීෂියන්ස්ලා තව කොයි තරම් ඉන්නවද? ඒ අය නැත්නම් මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරනවා තියා හිතන්නවත් බැහැ. ඒ තරමට අපි අගය කළ යුතු මේ පිරිසට හරි හැටි ගෙවීමක් ලැබෙනවද? එදා ලැබුණෙත් නැහැ. අද ලැබෙන්නෙත් නැහැ. සින්දු කියන කට්ටියට ලන්සුව ලක්ෂ ගණනින්. හැබැයි වාදකයන්ට එයින් අලුක්කාලක්වත් නැහැ. ගායකයා ලක්ෂයක් හමාරක් හෝ ඊට වැඩිය ගන්නවා නම් ඇයි වාදක මඬුල්ලටත් එහෙම දෙන්න බැරි? මියුසික් නැතිව අපි කාටවත් සින්දු කියන්න පුළුවන්ද? මියුසික් ගෲප් එකක් නැත්නම් මියුසිකල් ෂෝ එකක් තියන්න පුළුවන්ද? ගායක ගායිකාවන්ට ලස්සනට සින්දු කියන්න එයාලා ලස්සනට සංගීතය දෙනවා නම් අර ගායකයන්ට වාගේ හොඳ ගෙවීමක් එයාලටත් දෙන්න ඕනේ නේද? ඇයි එහෙම නොදෙන්නේ? ඒක වැරැදි ක්‍රමයක්. මේ ඉන්ඩස්ටි්‍ර එක තුළ තියෙන වැරැදි ක්‍රමයක්. ඇත්තෙන්ම මේ ක්‍රමවේදය වෙනස් කරන්නම ඕනෑ…’
රොයිස්ටර් කියන්න ඕනෑ ටික සේරම හරියට කිව්වා. විනාඩි දෙක තුනකින් කිව්වා. ඒ කතාවට ගියේ විනාඩි දෙක තුනක් වුණාට හිතලා බලන්න දවස් ගානක දේවල් ඒ කතාවේ තියෙනවා. ඒ කතාව හරියටම හරි. ඕඩියන්ස් එක ඔකඳ වෙන්නේ ගායකා හෝ ගායිකාව නියම මූඩ් එකට ඇවිදින් සින්දුව කිව්වොත් විතරයි. එයාලට ඒ මූඩ් එක ගන්න සියයට පනහක්ම උදව් කරන්නේ මියුසික් ගෲප් එකේ රිදම් එක තමයි. මියුසිකල් ෂෝ එකකට යන්න දසදහස් ගණන්වලට තියෙන ටිකට් ගන්න කලින් අපි හැමෝම වාගේ අහනවා ප්ලේ කරන ගෲප් එක මොකක්ද කියලා. එහෙම අහන්නේ කොයි තරම් සුපිරි ගායක ගායිකාවො ආවත් ගෲප් එකත් ඕඩියන්ස් එකේ ෆන් එකට සියේට පනහක සපෝර්ට් එකක් දෙන නිසයි. එහෙම බලනකොට මියුසික් ගෲප් එකත් ලොකු මිලකට අලෙවි විය යුතුයි. විශේෂයෙන්ම චැට් ප්‍රෝග්‍රෑම්වලට එන මියුසික් ගෲප්වලටත් මේ අසාධාරණ ගෙවීම් කෙරෙනවා. ඉතින් රොයිස්ටර් කරපු කතාව මොනම විදියකටවත් වැරැදිය කියන්න බැහැ. ඒ කතාව ටිකක් සැර වුණත් කිව්වේ ඇත්තම කතාවක්.

රට හැරයෑම වෙනුවෙන් දැක්වූ හේතු පාඨ වගේම ඔහු චැට් ප්‍රෝග්‍රෑම්වලට ඇවිදින් කියපු කතාවද සියේට සීයක් ඇත්ත. අනෙක ඔහු ඒ කතාව කියන්න පටන්ගත්තේ සුපිරි තබ්ලා වාදක මනෝජ් පීරිස් ඇතුළු ඔහුගේ සංගීත කණ්ඩායමද මුල්කර ගනිමින්ය කියන කාරණය ඒ වීඩියෝව බලන ඕනෑම කෙනකුට පෙනෙනවා. ඒ කියන්නේ ටෙලිවිෂන් කලාවේ චැට් ප්‍රෝග්‍රෑම් ආශ්‍රිතව මනෝජ් පීරිස්ලා වැනි සුපිරි සංගීතවේදීන් පවා ගෙවීම්වලදී යම් අසාධාරණයන්ට ලක්වෙනවා. එහෙම වෙන එක හරිද? නැහැ. ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරැදියි. එහෙනම් ඉතින් රවී රොයිස්ටර් කියපු විනාඩි දෙක තුනක සැර කතාවත් හරියටම හරි. ඒ කතාව හරි නිසා තමයි ඒ වීඩියෝව සෝෂල් මීඩියාවල එකසිය ගානට සංසරණය වෙන්නේ.

මෙතැනදී තව කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි එදා ඒ චැට් ප්‍රෝග්‍රෑම් එකටම ඇවිදින් හිටපු ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය නළු ජාත්‍යන්තර සම්මාන දිනූ කුමාර තිරිමාදුර කියපු සැර කතාව. ඒ කතාව රොයිස්ටර් කිපපු කතාවට වැඩිය සැරයි වගේ කියලයි වීඩියෝව බලපු හැමෝටම දැනුණේ. රොයිස්ටර්ගේ සැර කතාවට තිත තැබෙනතුරු තිරිමාදුර බොහොම ඉවසීමෙන් බලාන හිටියා. ඉන් පස්සේ ඔහු ගරුසරු ඇතිව අවසර ගෙන අපේ රටේ ටෙලි නළු නිළියන්ට සිද්ධ වෙන අසාධාරණය ගැන කතා කරන්න ගත්තා. විශේෂයෙන්ම සුපිරි මට්ටමේ සම්මානනීය කියන කලාකරුවන් පවා ඒ අසාධාරණයට ගොදුරු වන එක ඉතා කනගාටුදායකය කියන එක ගැන ඔහු කතා කළේ ඉතා හැඟුම්බරවයි.

‘සමාවෙන්න ඕනෑ මෙහෙම ප්‍රසිද්ධියේ මේ ගැන කතාකරන එක ගැන. අර මල්ලි කිව්වා වාගෙම අපේ කලාකරුවන් නිසි අගය කිරීමක් ලැබෙන්නේ නැහැ තමයි. අලුතෙන් ඇවිත් කාගේ හෝ ප්‍රවීණ ගායකයකුගේ ගියිකාවකගේ සින්දු කියන අලුත් තාලේ කොල්ලන්ට කෙල්ලන්ට එක රැයකට ලක්ෂ දෙක තුන හෝ හතර පහ ගෙවනවා. හැබැයි ටෙලිනාට්‍ය නළුවකුට නිළියකට දවසකට ගෙවන්නේ රුපියල් විසිදාහයි. සමහර දෙනකුට ඊටත් අඩුයි. මම ඇවිදින් රුසියානු සිනමා සම්මාන උළෙලක පවා හොඳම නළුවාට හිමි සම්මානය ගත්ත කෙනෙක්. මට ගෙවන්නෙත් රුපියල් විසිදාහයි. උදේ පාන්දර වාහනයට නග්ගගන්නවා. ගෙදර එන්නේ සමහර දවස්වලට රෑ දහයත් පහුවෙලා. අතට දෙන්නේ විසිදාහයි. ප්‍රවීණයන්ටත් මෙහෙම සලකන එක කනගාටුයි. ඇත්තෙන්ම කලාව කියන එක අපේ රටේ භාවිත වෙන විදිය හරිම වැරැදියි. ඒ වගේම අසාධාරණයි…’
ඒ, තිරිමාදුරගේ වේදනාත්මක කතාවය.

කොයි පැත්තෙන් බැලුවත් ශ්‍රී ලාංකේය කලා කෙතෙහි සිදුවන විෂමතා අප්‍රමාණය. අද විතරක් නෙමේය. එදත් එය මෙලෙසම සිදුවිය. එදාය යැයි කීවේ මෙයට වසර ගණනකට පෙර සිටය. 70,80,90 දශක යනු සිංහල සිනමාව වසන්තයක්ව තිබූ යුගයකි. 80 දශකයේ මුල් භාගයේ පැමිණි රූපවාහිනී කලාවද 90 දශකය සහ 2000 වසරෙන් පසු ගෙවීගිය වසර කිහිපය තුළ පමණක් වසන්නයක්ව තිබිණි. බොහෝ දේ විනාශයට සහ හෑල්ලුවට පත්වන්නට ගත්තේ එයට පසුවය. දේශපාලනය සහ සිනමාව, ටෙලි සහ සංගීත කලාව එකට කලවම් වීමත් සමග කල්ලිවාද සහ ප්‍රබුද්ධ පීචං පන්ති බෙදීමත් එයට වක්‍රව නොව සම්පූර්ණයෙන්ම එක් පැත්තකින් වගකිව යුතු බව මුසාවක් නොවේය. මේ ගැන බොහෝ දෙනා බොහෝ විට කතා කළ වාර අනන්තය. අප්‍රමාණය. නමුත් තවමත් ඒ කිසිවක් සඳහා විසඳුමක් නැත. මෙලෙස සිදුවන්නේ ඇයි? හේතුව කුමක්ද?

හේතුව පැහැදිලිය. වගකිව යුත්තන් කිසිවක් නුදුටුවා හෝ නෑසුණා හෝ සුව නින්දේය. නැත්නම් අත් පොරවාගෙන නිසොල්මනේය.
ඉතින් අනෙක් උන් කුමක් කරන්නද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ස්වාමිනි, ඔබට ස්තුතියි! Sri Lanka Latest News

Next Post

ජපන් විදේශ ඇමැතිනිය ලංකාවට ඇවිත් කියපු කරපු දේවල් ඔන්න අපි රටටම කියනවා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.