ජන සංගණනයට අනුව මෙරට ලක්ෂ 17ක් ආබාධිත ප්‍රජාව සිටින බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා කීපවරක් ප්‍රශ්න කළ බවත් ඔවුන්ට ලබා දෙන දීමනාව රු. 5000 සිට 7500 දක්වා වැඩි වුවත් ඒවා නියමිත දිනවලට නොලැබෙන බවට වාර්තා වන බවත් මෙවැනි දුෂ්කරතාවලට ආබාධිත ප්‍රජාව යොමු නොකර මේ සම්බන්ධව සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. (Sri Lanka Latest News)
එමෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 1988/27 තුළ රජයේ සංස්ථාවල රැකියා ලබා දීමේ දී ආබාධිත ප්‍රජාවගෙන් 3%කට රැකියා ලබා දිය යුතු වුවත් එය මේ වන තෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් මේ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ගැන නව කෙටුම්පතක් ගෙන එන බව කිව්වත් තවමත් ගෙනවිත් නොමැති බවත් එම නව පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට හේතු කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සංඥා භාෂා පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් රටේ නීතියක් බවට පත් කරන ලෙසත් පොදු ස්ථානවල දී ආබාධිත ප්‍රජාවට ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් ගැටලු ඇති බැවින් ඒවා විසඳන ලෙසත් ආබාධිත ප්‍රජාව යොදා ගන්නා උපකරණ වැට්වලින් නිදහස් කළත් වෙළෙඳපොළේ හිගයක් ඇති බැවින් ඒවට විසදුම් ලබා දෙන ලෙසත් ඊට අමතරව ඔවුන්ගේ රක්ෂණ ගැන කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.