සංචාරකයන් සදහා ඔන් එරයිවල් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ආන්දෝලනාත්මක වී.එෆ්.එස් සමාගම තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
ඒ අනුව, ඔන් එරයිවල් වීසා ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම හසුරුවනු ලබන්නේ ආගමන විගමන නිළධාරීන් විසිනි.
කෙසේ වෙතත්, ඊ වීසා නිකුත් කිරීමට අදාල ලියවිලි සකස් කිරීම ඇතුළුව ඊට අදාල ක්‍රියාවලිය වී.එෆ්.එස් සමාගම විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
ඊ වීසා නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තුව අයදුම් කරන වීසා වර්ගය අනුව වෙනස් වෙයි.
දින තිහක කාලයක් සදහා දිවයිනට පැමිණෙන සංචාරකයන්ට ලබා දෙන වීසා බලපත්‍ර සදහා අයකරන ගාස්තුව නැවත ඩොලර් පනහ දක්වා පහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඊට අදාල කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.