පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙට එරෙහිව සිදු කරන විමර්ශන සහ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්තශාලා පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන දැවැන්ත විමර්ශනයන්ට බාධා වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබේ.Sri Lanka Latest News
තමන් විසින් සිදු නොකළ ප්‍රකාශ ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ඇතැම් සමාජ මාධ්‍ය තුළ ඒවා ප්‍රචාරය කිරීමෙන් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා වන බව කියමින් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව සිදු කරන විමර්ශන අඩපණ කිරීම සඳහා ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් මෙම ප්‍රචාරයන් සිදු කරන බවද මේ වන විට අනාවරණය වී ඇත.
සමාජ මාධ්‍යවල මෙවැනි අසත්‍ය ප්‍රචාර පළ කිරීම ඉදිරි විමර්ශන කටයුතුවලට බරපතළ අන්දමින් බලපාන බවද පොලිස් විමර්ශන කණ්ඩායම් පවසති. මෙම අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන පුද්ගලයන් සහ හුවමාරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.










