සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.Sri Lanka Latest News
ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින්, දහස් ගණනක් තරුණ තරුණියන් සඳුදා [සැප්තැම්බර් 08] කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූහ.
“Gen Z ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා” සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසූ බව වාර්තා වී තිබේ.
අගනුවරින් පිටත නගරවල ද පැවති විරෝධතාවලින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා සඳහා නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර ඔවුහු විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ඒවා මත යැපෙති










