ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවාවේ ගිලන් රථ 322න් 56ක් වැඩ නොකරන බවත් ඒවායේ සේවය කළ රියදුරන් සහ හදීසි සේවා නිලධාරින් රට අතහැර ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මෙම ගිලන්රථ අලුත්වැඩියව සහ මේ සදහා සේවකයන් යෙදවීමේදී රජයේ අවධානය අවම වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කර කඩා වැටීමට ඉඩ නොදෙන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.











