ජනතාවගේ අදහස් ප්රමාණවත් පරිදි නොවිමසා ශ්රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත ඉදිරිපත් කර ඇති බවත් මේ කෙටුම්පතේ නිදහස් මාධ්යකට අහිතකර යෝජනා රැසක් ඇති බවත් වන්දි ගෙවා බලපත්ර ලබ ගැනීම කොමිෂන් සභාව තීරණය කරන ආකාරයට බලපත්ර අහෝසි කිරීමි වැනි දැ ඇතුළත් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. (Sri Lanka Latest News)
නිදහස් රටක නිදහස් මාධ්ය පැවතිය යුතු නිසා ප්රජාතන්ත්රවාදය අගයන සමාජයක මෙම පනතේ මෙම අහිතකර වගන්ති සම්බන්ධයෙන් දැඩි අප්රසාදය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන යහපත පෙරදැරිව බලපත්ර ලබා දීම හොි අහෝසි කිරීමෙන් රජය ඉවත් නොවන්නේ නම් මෙය අධිකරණය හමුවේ අභියේගයට ලක් කරන බවත් TRC එකට මහජන යහපත කුමක්ද කියා තිරණය කිරීමට ඉඩ දුන්නොත් මාධ්ය නිදහස නැති වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙහිදී පැවසීය.









