දිනය 1996 මාර්තු මාසේ 17 වැනිදා. පාකස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය. තරගය දිවා රාත්‍රී තරගයක්. තරගය විල්ස් ලෝක කුසලාන අවසාන මහා තරගය ලෙසයි පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව මේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙහිදී මුල් වටයේ තරග පැවැත්වුණේ කණ්ඩායම් දෙකක් යටතේ. ගෲප් ඒ සහ බී යටතේ. ඒ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඔස්ටේ්රලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ කෙන්යාව කියන රටවල් තරගයට සහභාගි වුණා. බී කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, යූ.ඒ.ඊ. සහ නෙදර්ලන්තය සහභාගි වුණා. Sri Lanka Latest News
කණ්ඩායම් 12ක් මේ තරගාවලියට සහභාගි වීම විශේෂයි. මොකද පළමු වතාවට තමයි මෙසේ කණ්ඩායම් 12ක් තරගය සඳහා සහභගි වෙන්නේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කට සහභාගි වෙලා ලකුණු 10ක් ලබාගන්නවා ජයග්‍රහණ 5ක් ඔවුන් ලබාගනිමින්. ඔස්ට්‍රේලියාව තරග 5කට සහභාගි වෙලා තරග 3ක් පමණක් ජයග්‍රහණය කරමින් ඒ කාණ්ඩයෙන් අවසන් තරග සඳහා සුදුසුකම් ලබනවා. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය තමයි බී කාණ්ඩයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගය සඳහා සුදුසුකම් ලබනවා ඔස්ට්‍රේලියාව සමග. මෙහිදී දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය කියන කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයෙන් ඉවත් වෙලා යනවා. (1996 World Cup)
ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේදී ඉතා ප්‍රබල ඔස්ට්‍රේලියාව සමග තරග වදින්න සිදුවන්නේ. මොකද තරගාවලියේ මෙතෙක් ජයග්‍රහණය ශ්‍රී ලංකාව කෙසේ ලබා තිබුණත් ඔවුන්ට පහසු නැහැ මේ ඔස්ටේ්රලියාව පරාජය කිරීම. මුළු ලෝකයේම කතාබහක් බවට එය පත්වෙලා තිබුණා. මාක් ටේලර් ගේ නායකත්වයෙන් යුක්තවයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගයට සහභාගි වෙන්නේ. මාක්ටේලර්, මාක් වෝ, රිකී පොන්ටින්, ස්ටීව් වෝ, ෂේන් වෝන්, ස්ටුවට් ලෝ, මයිකල් බෙවන්, ඉයන් හීලි, පෝල් රයිෆල්, ඩේමියන් ෆ්ලෙමින් සහ ග්ලෙන් මැග්‍රාත් තමයි මේ කණ්ඩායම නියෝජනය කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුක්තවය. සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, කුමාර ධර්මසේන, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග මුත්තයියා මුරලිදරන්. ග්ලෙන් මැග්‍රාත් සහ ෂේන් වෝන් කියන දෙදෙනා ගැන වැඩි දෙනාගේ අවධානය යොමුවෙලා තිබුණා. ඒ වගේම ඔස්ටේ්රලියානු කණ්ඩායමේ ඉතා ප්‍රබල පිතිකරුවන් ලෙස මාක් ටේලර්, මාක් වෝ, රිකී පොන්ටින්, ස්ටීව් වෝ වගේ ක්‍රීඩකයෝ ගැන අවධානය යොමුවෙලා තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් දස්කම් අනුව සනත් ජයසූරිය ඉතා ඉදිරියෙන් සිටියා. ඒ වගේම අරවින්ද ද සිල්වා අවසන් තරගයෙත්, අවසන් පූර්ව තරගවලත් හොඳින් පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයෙක් ලෙස තරගයේ බලාපොරොත්තු තබාගෙන සිටියා. පන්දු යවන්නන් ලෙස මුත්තයියා මුරලිදරන් සහ නවක පන්දු යවන්නෙක් ලෙස චමින්ද වාස් තරගයට ප්‍රවිෂ්ට වෙලා තිබුණා. මේ ක්‍රීඩකයෝ ගැන තමයි අවධානය යොමුවෙලා තිබුණේ. තරගය ආරම්භයේදීම තරගයේ කාසියේ වාසිය දිනාගන්න සමත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග. නමුත් ආන්දෝලනාත්මක තීරණයක් ගනිමින් අර්ජුන රණතුංග පන්දු රැකීමට තීරණය කළා. නමුත් මේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පසුව පන්දු යැවීම වඩා අසීරු බව තමයි බොහෝ දෙනෙක් හිතමින් හිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම ටොස්ට් එක දිනුවොත් පන්දුවට පහරදෙයි කියලා හැමෝම හිතාගෙන හිටියා. නමුත් ශ්‍රී ලංකාවට මෙතෙක් වැඩි වාසි තිබුණේ මුලින්ම ලකුණු රැස්කරන්න පිටියට පිවිසි කණ්ඩායම් ජයග්‍රහණය කරපු ප්‍රතිඵල තමයි තිබුණේ. නමුත් අර්ජුන ආන්දෝලනාත්මක තීරණයක් අරගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ටේ්රලියාවට ලබාදෙනවා. මේ ගැන මුළු ලෝකයම පුදුම වෙනවා. නමුත් පසුව තමයි දැනගන්න ලැබුණේ රෑට පින්න සහිත වීම නිසා පන්දුව හරියට අල්ලගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා, මුත්තයියාට පන්දුව හරියට දඟකවන්න බැරිවෙන්න ඉඩ තියෙනවා වගේ කරුණු මේගොල්ලෝ හිතුවා කියන එක.
ඇත්තටම මුලින්ම පන්දුවට පහරදෙන්න පැමිණි පිතිකරුවන් දෙදෙනා මාර්ක් ටේලර් සමග මාර්ක් වෝ. සම්බන්ධතාව ලකුණු 36යි. ප්‍රථම කඩුල්ල ලකුණු 36දී දැවී යනවා. මේ දැවී යන ක්‍රීඩකයා මාක් වෝ. ඔහු දැවී යන්නේ පන්දු 15කදී 4 පහරක් සමග ලකුණු 12ක් ලබා සිටිද්දී චමින්ද වාස්ගේ පන්දුවකට, සනත් ජයසූරියට උඩ පන්දුවක් ලබාදෙමින්. නමුත් ඉන් අනතුරුව ඔවුන් ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩනගනවා ඉතා සාර්ථක සම්බන්ධතාවක්. රිකී පොන්ටින් සහ මාක් ටේලර් අතරයි මේ සම්බන්ධතාව ගොඩනැගෙන්නේ. ඔවුන් හිසරදයක් බවට පත්වෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රබල පන්දු යවන්නන්ට. නමුත් පන්දුව අතට ගන්න චමින්ද වාස්ට පුළුවන් වෙනවා මාර්ක් ටේලර්ව දවාගන්න. උඩ පන්දුව නැවතත් සනත් ජයසූරිය අතට ලබාදෙමින් ලකුණු 74ක් ලබා සිටි මාර්ක් ටේලර් දැවී යනවා. පන්දු 83කදී තමයි ඔහු ලකුණු 74ක් ලබා සිටියේ.
ඉන් අනතුරුව රිකී පොන්ටින් දැවී යනවා ලකුණු 152ක් ලෙස මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වෙද්දී. කෙළින්ම අරවින්ද ද සිල්වා යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා. ලකුණු 45යි ඔහුට ලබාගන්න ලැබෙන්නේ. ඔහුගේ අර්ධශතකය පවා ඔහුට අහිමි වෙනවා. 4 පහර දෙකක් පමණයි ඔහු එල්ලකොට තිබෙන්නේ. යම් මන්දගාමී ඉනිමක් ඔහු දියත් කරන්නේ පන්දු 73කී. ඔහුට අවශ්‍ය වෙන්නේ ස්ථාවර වීමට. නමුත් එය එතරම් පහසු වෙන්නේ නෑ. වෙනස් තීරණයක් ගනිමින් ෂේන් වෝන් පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් එනවා ලකුණු 156දී. වෝන් දැවී යනවා පැමිණි වහාම. වෝන්ට වෙනසක් කරන්න ලැබෙන්නේ නෑ. ලකුණු 2යි ඔහු රැස්කරන්නේ. මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවකට රොමේෂ් කළුවිතාරණ විසින් ස්ටම්ප් කිරීමෙන් ෂේන් වෝන්ව දවාගන්නවා.
ඉන් අනතුරුව ලකුණු 170දී ස්ටීව් වෝ දැවී යනවා. ස්ටීව් වෝ ගැනත් ලොකු බලාපොරොත්තුවක් තබා සිටියත් කුමාර ධර්මසේනගේ පන්දුවකට අරවින්ද ද සිල්වා උඩපන්දුවක් රැකගනිමින් තවත් කඩුල්ලක් දවාගැනීම සඳහා දායකත්වය ලබාදෙනවා. ස්ටීව් වෝ 170දී දැවී යන්නේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 32ක සබඳතාවක් ගොඩනගාගෙන. ස්ටුවට් ලෝ ලකුණු 202දී දැවී යන්නේ. පන්දු යවන්නේ සනත් ජයසූරිය. නැවතත් අරවින්ද ද සිල්වා මේ කඩුල්ල දවාගැනීමට දායකත්වය ලබාදෙනවා. උඩ පන්දුවක් රැකගනිමින්. දෙවැනි උඩපන්දුව තමයි අරවින්ද ඒ අවස්ථාවේ රැකගන්නේ. ස්ටුවට් ලෝ 202දී දැවී යද්දී ඉයන් හීලි ලකුණු 205දී දැවී යනවා කඩුලු රකින ක්‍රීඩකයා. ඔවුන්ගේ අවසාන බලාපොරාත්තුව වුණේ ඉයන් හීලි. ඉයන් හීලි ලකුණු 2කට දැවී යනවා. නැවතත් පන්දුව යවන්නේ අරවින්ද ද සිල්වා. ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හීලි දැවී යනවා.
අරවින්දගේ තුන්වැනි කඩුල්ල ලෙසයි එය සඳහන් වෙන්නේ. ඒ අනුව ඉයන් හීලි දැවී යනවා. මයිකල් බෙවන් ලකුණු 36යි නොදැවී පන්දු 49කදී. පෝල් රයිෆල් පන්දු 18කදී ලකුණු 13ක් ලබා සිටිනවා. මුළු ලකුණු සංඛ්‍යාව 241ක් ලෙස සඳහන් වෙන්නේ. 205දී 7 වැනි කඩුල්ල දවී ගියත් ලකුණු 36ක සබඳතාවක් ගොඩනගනවා මේ 8 වැනි කඩුල්ල සඳහා මේ ක්‍රීඩකයෝ දෙන්නා. ඔවුන්ව දවාගන්න ලැබෙන්නේ නෑ. නමුත් හිතපු තරම් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා ඔස්ටේ්රලියාවට යන්න ලැබෙන්නේ නෑ. එක් පන්දු වාරයකදී ලකුණු 4.82ක දළ වේගයක් සහිතව ඔවුන් තමන්ගේ ඉනිම නිමා කරනවා.
පන්දු යැවීමෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පන්දු වාර 7යි ලකුණු 38යි. කඩුලු නෑ. චමින්ද වාස් පන්දු වාර 6යි, නිලකුණු පන්දු වාර 1යි, ලකුණු 30යි, එක කඩුල්ලයි. මුත්තයියා මුරලිදරන් පන්දු වාර 10යි, ලකුණු 31යි, එක කඩුල්ලයි. ඔහුගේ එක පන්දු වාරයකට ලකුණු ලබාගැනීමේ වේගය වෙන්නේ 3.1යි. කුමාර ධර්මසේන පන්දු වාර 10 නිමා කරනවා ලකුණු 47කට එක කඩුල්ලයි. සනත් ජයසූරිය පන්දු වාර 8යි, ලකුණු 43යි, එක කඩුල්ලයි. සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙන්නේ අරවින්ද ද සිල්වා. පන්දු වාර 9යි ලකුණු 42යි කඩුලු 3යි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු රැස්කිරීම සඳහා පිටියට පිවිසෙනවා. සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමින් සනත් ජයසූරිය ලකුණු 12කදී දවාගැනීමට සමත් වෙනවා. සනත් ජයසූරිය දුවද්දී දැවීයෑමකටයි හසුවෙන්නේ. ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුනු වෙනවා ඒ අවස්ථාවේදී.
යාර 30 සීමාවෙන් එළියට පහර දෙමින් විශාල රැස්කරමින් ඉලක්කය කිට්ටු කරලා දෙන ආරම්භක සබඳතාව ඉක්මනින් බිඳවැටෙනවා අවසාන මහා තරගයේදී. ඒ බලාපොරොත්තු සුන්වෙලා තත්පර ගානක් ඇතුළත රොමේෂ් කළුවිතාරණ දැවී යනවා ලකුණු 23කට. සනත් කළු පිතිකරු දෙපළම ලකුණු 23 වෙද්දී ක්‍රීඩාගාරයට ගිහින් අවසානයි. රොමේෂ් කළුවිතාරණ දැවී යන්නේ ෆ්ලෙමින්ගේ පන්දුවකට උඩ පන්දුවක් රැකගැනීම නිසා මයිකල් බෙවන් විසින්. අසංක ගුරුසිංහ යම් සාර්ථක ඉනිමක් දියත් කරනවා. දැවැන්ත 6 පහරක් සමග ලකුණු 65ක් පන්දු 99කදී ඔහු රැස් කරනවා. ගුරුසිංහ දැවීයන්නේ ලකුණු 148ක් ලෙස මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබියදී.
ඒ අනුව සබඳතාව ලකුණු 125ක් ලෙස අරවින්ද ද සිල්වා සමග ගොඩනගනවා. අරවින්ද සමග ඉන් අනතුරුව අර්ජුන රණතුංග එකතු වෙනවා. මේ දෙදෙනා නොබිඳුණු සබඳතාවක් රැගෙන යනවා පන්දු වාර 46යි පන්දු 2කදී ලකුණු 245 ලබාගන්නවා කඩුලු 3ක් පමණක් දැවී තිබියදී. අරවින්ද ද සිල්වා අගනා ශතකයක් සමග ලකුණු 107ක් ලබාගන්නවා පන්දු 124කදී, 4 පහර 13ක් සමග. අර්ජුන රණතුංග ලකුණු 47ක් ලබාගන්නවා පන්දු 37කදී. 4 පහර 4ක් සහ එක් 6 පහරක් සහිතව. පිතිකරණ වේගය 127.2ක් ලෙස සඳහන් කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයන් බවට පත්වෙනවා.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා තරගයේ වීරයා බවට පත්වෙනවා. සනත් ජයසූරිය තරගාවලියේ වීරයා බවට පත්වෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක කුසලානයක් දිනාගන්නවා 1996දී. මේ සියල්ල මතකයන් පමණක් බවට පත්වෙමින් අද වෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බංග්ලාදේශයට පරදින තැනට ඇවිල්ලා තියෙනවා. අපි කොච්චර උනන්දු වුණත්, කොච්චර කෑගැහුවත් කැන්ගරුවන් හඹාගොස් සිංහයෝ ජය ගනිද්දී ලෝක කුසලානය. තරගයේ වීරයා අරවින්ද. තරගාවලියේ වීරයා සනත්. එක පත්තරයක් මේ ගැන වාර්තා කරනවා මේ විදියට. ‘ඔස්ට්‍රේලියාව හඬා වැටෙයි’. ක්‍රිකට් ලොව කියන සඟරාව මෙහෙම වාර්තා කරනවා. ‘ලක් පුතුන් ඉතිහාසය අලුතින් ලියති’ කියලා දාද්දී සැබෑ කළ සිහිනය විදියට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර සහිතව විශාල සිංහයෙක්ගේ රූපයක් තවත් පුවත්පතක පළවෙනවා.
‘ලෝක ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට. ටේලර් ගේ මැහුම් වරදියි’ කියලා තවත් පුවත්පතක් වාර් තා කරනවා . කෙසේ වෙතත් ශ්‍රී ලංකාව 1996 මීට හරියටම අවුරුදු 18කට කලින් ලෝක කුසලානය දිනාගත්ත එක දැන් අපිට සිහිනයක් විතරක් වෙලාද කියලා වෙලාවකට හිතෙනවා. නමුත් මේ මතකය තවමත් එහෙමයි. ඒකයි ඔබට මේ මතකය ආයෙත් සිහිපත් කළේ. 96ට ඔබව රැගෙන යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. 96 මතකය විතරක් හිතේ තියාගෙන ලෝක කුසලානය එක වරක් දිනුවාය කියලා උදම් අනමින් ඉන්නේ නැතුව තව වරක් දිනන්න අපිට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ජීවන පහන් තිළිණ