සක්වල වැඩසටහන් තුළින් තමා පාසල් මට්ටමේ යම් වැඩ කොටසක් කරන නිසා පාසල්වල ඇති ගැටලු රාශියක් ගැන දැන ගැනීමට ලැබුණු බවත් මේ ගැටලු එක පක්ෂයක ආණ්ඩුවක නොව සෑම ආණ්ඩුවකම වැරැදි බවත් එම නිසා අධ්‍යාපන ක්ෂේත්රය ගැන විධිමත් විවාදයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එසේම වසර 29ක් කල්මැරුණු ගැටලුවක් වන ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සඳහා සැවොම වගකිව යුතු බවත් මේ අවස්ථාවේ හෝ එයට විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ගුරු විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් 1/3ක දීමනාවක් ලබා දුන්නත් ඉතිරි 2/3 දෙන්නේ කවදාද මෙන්ම ඒ සඳහා කොපමණ මුදලක් වැය වන බවට ගණනය කර ඇත්තේද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.