• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, December 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Gurudawa

තරගයේ වීරයා රොෂාන්! තරගාවලියේ වීරයා සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 11, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
තරගයේ වීරයා රොෂාන්! තරගාවලියේ වීරයා සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

2015 ජනාධිපතිවරණය දිනා ශ්‍රීලනිපයේ නායකත්වය භාරගෙන යූ.ඇන්.පී. සහ ශ්‍රීලනිපය එක්ව ජාතික ආණ්ඩුවක් හැදීමෙන් පසු ආණ්ඩුවෙන්වත්, විපක්ෂයෙන්වත් ප්‍රහාරවලට මුහුණ නොදුන් ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන විය. රාජපක්ෂ පවුලත් ඔහුට ගහන්න බය විය. විමල්ලා, උදයලාත් මුලදී ‘හිටං හුටං’ කිව්වාට පසුව මෛත්‍රී එක්ක සෙට් විය. මෛත්‍රී යූ.ඇන්.පී. නායක අගමැති රනිල්ට මහ බැංකු මංකොල්ලය ගැන කියමින් පහර දුන්නත් ඔහුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කොන්දක් තිබුණ යූ.ඇන්.පී. ඇමැතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් නොවීය. මෛත්‍රීට යූ.ඇන්.පී.යෙන් බය නැතුව ගැහුවේ සරත් ෆොන්සේකා වැනි කිහිප දෙනෙක් පමණි. එහෙත් මෛත්‍රී එක්ක බය නැතුව හැප්පුණු මෛත්‍රීගේම වැයික්කියේ එක මන්ත්‍රීවරයෙක් විය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොළොන්නරුව නියෝජනය කළ රොෂාන් රණසිංහය. රාජපක්ෂ පවුලම හොර රහසේ ජනාධිපති මන්දිරයට රිංගමින් මෛත්‍රී එක්ක ඩීල් දමද්දී ඔහු මෛත්‍රීගේ බළකොටුවේ පය තියාගෙන බය නැතුව මෛත්‍රී එක්ක හැප්පුණේය. 2015දී ඔහු මෛත්‍රීපාලට එරෙහි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය. ඒ, මෛත්‍රීපාල ආණ්ඩුවයි විපක්ෂයයි දෙපැත්තේ තියාගෙන රජෙක් වගේ වැජඹෙන කාලයේය. ඒ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු නිසා ඔහු 2019 ජූලි 13 යළිත් ඒ වරප්‍රසාද ප්‍රශ්නය මතු කළේය. පහත දැක්වෙන්නේ එම වරප්‍රසාද ප්‍රශ්නයයි.Sri Lanka Latest News

‘වසර හතරකට පෙර මම මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළා. එහෙත් එයට විසඳුමක් දෙන්න කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම දිගටම ජනාධිපති මෛත්‍රීපාලගේ මතවාදය විවේචනය කළ අයෙක්. මෙය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මම කළේ. මේ නිසා ජනාධිපතිගේ පාර්ශ්වයෙන් මට හිරිහැර සිදුවුණා. හැම පැත්තෙන්ම ජනාධිපතිත් ඔහුගේ පවුලත් මට ගහන්න පටන්ගත්තා. පොළොන්නරුවේ පොලිසිය මම දමන පැමිණිලිවලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ජනාධිපතිගේ පවුලෙ පොලිසිය තමයි පොළොන්නරුවේ පොලිසිය මෙහෙයවන්නේ. ඔහු මාව බොරු ගොතපු නඩුවක පැටලෙව්වා. ඕනෑ නම් යූ.ඇන්.පී.යේ පොළොන්නරු මන්ත්‍රීවරුන්ගෙන් සංවිධායකයන්ගෙන් අහන්න. ඔවුන් දිවුරා කියයි. 2016 මගේ ජීවිතයට අනතුරක් කරන්න නාඳුනන කල්ලියක් උත්සාහ ගත්තා. 2017 වැලිකන්දෙදී මට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කළා. 2017 අගෝස්තු මගේ කොළඹ ව්‍යාපාරික ආයතනයක් ගිනිබත් කළා. මේ ජනාධිපති තමයි ආරක්ෂක ඇමැති. ඔහුගේ සහෝදරයා ඩඩ්ලි සිරිසේන තෙවරක් මට තර්ජනය කළා. මම පොළොන්නරුවේ පොලිසියට පැමිණිලි කළා. නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම සී.අයි.ඩී.යට ලිව්වා. සී.අයි.ඩී.ය කිව්වා ඒක ඔවුන්ට අදාළ නැහැ කියලා…’

මේ, රොෂාන් රණසිංහ බය නැතුව මෛත්‍රීපාලගෙන් ගේම ඉල්ලපු හැටිය. රොෂාන් පළමුව පොළොන්නරුවෙන් පාර්ලිමේන්තු එන්නේ 2010දීය. 2015දී ඔහු පොළොන්නරුවේ වැඩිම මනාප දිනාගත්තේය. 2010දී මෛත්‍රීපාල පක්ෂ ලේකම් සහ දිස්ත්‍රික්ක නායකයා ලෙස ඡන්ද 90,118ක් ගනිදීද් රොෂාන් රණසිංහ 56,223ක් ගත්තේ පළමුවරට පාර්ලිමේන්තුවට තරග කරමිනි. 2020 මහ මැතිවරණයේදී රොෂාන් රණසිංහ හිතුවේ මෛත්‍රීපාලට පොදුජන පෙරමුණ නාමයෝජනා නොදෙයි කියාය. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ කීවේය. පුළුවන් නම් ශ්‍රීලනිපයෙන් ඉල්ලලා පාර්ලිමේන්තු එන්න යැයි ඔහු අභියෝගයක්ද කළේය. හැබැයි ඒ වෙනකොටත් රාජපක්ෂවරු මෛත්‍රී එක්ක ඩීල් එකක් දමලා මෛත්‍රීට පොළොන්නරුවෙන් නාමයෝජනා දීමට යන බව රොෂාන් දැන සිටියේ නැත. මෛත්‍රීපාල මහ ඡන්දයට ආවේ හිටපු ජනාධිපති වරප්‍රසාද පාවිච්චි කරමින්ය. ඒත් ඔහු ගත්තේ ඡන්ද 111,137ක් පමණි. රොෂාන් රණසිංහ ඡන්ද 90,615ක් ගත්තේය. වෙනස ඡන්ද 20,522කි.
ගෝඨා ජනාධිපති වී මෛත්‍රී ජනාධිපති කාලයේ මෛත්‍රී එක්ක බය නැතුව හැප්පුණු රොෂාන්ලව මායිම් කළේ නැත. ඔහු මෛත්‍රීපාලව හොඳින් තියාගන්න රොෂාන්ලාව දුරස් කළේය. එයට හේතුව මෛත්‍රී ජනාධිපති කාලයේ ගෝඨාභය හිරේ නොගොස් බේරාගන්න මෛත්‍රී උදව් කිරීමත්, 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාට දිනන්න මෛත්‍රී ශ්‍රීලනිප සහාය අරන් දීමත්ය. මෛත්‍රී වෙනුවෙන් ගෝඨා කළ ලොකුම කෘතගුණය රොෂාන් රණසිංහට ඇමැති ධුරයක් ලබා නොදීමය. ගෝඨා දුන්නේ රාජ්‍ය ඇමැති ධුරයකි. ගෝඨා රොෂාන්ට රාජ්‍ය ඇමැති ධුරය දුන්නේත් පක්ෂයේ සහ පවුලේ බලපෑමටය.

රොෂාන් රාජ්‍ය ඇමැති ධුරයේ සිටියේත් දැඩි අපහසුතාවකින්ය. එයට හේතුව ගෝඨා ගොවිතැනට කාබනික පොහොර භාවිත කරන ලෙසට දුන් නියෝගයය. මේ නියෝගයෙන් වැඩියෙන්ම බැටකෑවේ ගොවිතැනින් ජීවත් වෙන පොළොන්නරු ජනතාවය.

කොළඹ ගෝල්ෆේස් පිටියට අරගලය එන්නට පෙර 2022 අප්‍රේල් 02 ඔහු ගෝඨාට ලිපියක් ලියා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වුණේය. ඔහු රාජ්‍ය ඇමැති ධුරයෙන් පමණක් නොව පොළොන්නරු ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත් විය. ඔහු ඉල්ලා අස්වෙන ලිපියේ කාබනික පොහොර භාවිතය නිසා අස්වැන්න අහිමිවූ ගොවීන්ට වන්දි ගෙවන ලෙස ගෝඨාභයගෙන් ඉල්ලා සිටියේය. අරගලය වෙලාවේ ඔහුගේ නිවාසය සහ වාහනද පහර දීමට ලක්විය. ගෝඨාභය අගමැති මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉවත් වෙන්න කියා රනිල්ව අගමැති කළ වෙලාවේ රොෂාන්ව ක්‍රීඩා ඇමැති කළේය. රනිල් අගමැති වූ විට රනිල්ට සහායට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක්වත් සිටියේ නැත. ඒ වෙලාවේ රනිල්ගේ සහායට මන්ත්‍රීවරු එකතු කළේ රොෂාන් රණසිංහය. ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වී වැඩබලන ජනාධිපති ලෙස රනිල් පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වෙද්දී රනිල්ට ඡන්ද අරන් දෙන්න පුළුවන් තැනක රාජපක්ෂලාවත්, නිමල් ලන්සලාවත් හිටියේ නැත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හිටියේ තුෂ්ණිම්භූත වෙලාය. මන්ත්‍රීවරු තැන තැන රංචු ගැසී කතා කළා මිසක් රනිල්ට ඡන්දය දෙන්න මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්වත් සංවිධාන කරන්න තැනක් හෝ කෙනෙක් සිටියේ නැත. රාජපක්ෂලා සැඟවී දුරකතනයෙන් මන්ත්‍රීවරුන්ට කතාකොට රනිල්ට ඡන්දය දෙන්න කීවා මිස එළියට එන්න බය වූහ. රොෂාන් බය නැතිව තමන්ගේ නිවෙසේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එකතු කරගෙන රනිල්ට සහාය දියයුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

‘එහෙව් රොෂාන් ඇයි අද රනිල්ගෙන් ගේම ඉල්ලන්නේ…?’

රනිල් ගෝඨාගේ කැබිනට් මණ්ඩලය වෙනස් නොකළේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමැතිවරුන්ට ආදරයකට නොව ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමැතිවරු ඕනෑම යෝජනාවකට අත උස්සන සිග්නල් කණු කියා දැනගෙනය. රනිල්ට 2002දී හෝ 2015දීවත් යූ.ඇන්.පී. ඇමැති මණ්ඩලයේ මෙහෙම ඇමැතිවරු හමුවී නැත. මේ, රනිල් කියන කිසි දෙයකට විරුද්ධ නොවී ‘ශැි ීසර’ කියන ඇමැති මණ්ඩලයකි. ඒත් රනිල් මේ ඇමැති මණ්ඩලයේ සිටි එක් ඇමැතිවරයෙක්ව වරදවා කියෙව්වේය. ඔහු රොෂාන් රණසිංහය. රොෂාන් ලංකාවේ හිටපු ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ප්‍රහාරවලට හසු නොවූ බලවත්ම ජනාධිපතිව සල්ලං කළ මිනිහා බව රනිල්ට අමතක විය. රනිල් අනෙක් හැම අමාත්‍යාංශයම තමන්ට ඕනෑ විදියට පාලනය කළා සේ ක්‍රීඩා අමාත්‍යාංශයත් තමන්ට ඕනෑ විදියට පාලනය කරන්න පටන් ගත්තේය. ක්‍රීඩා අමාත්‍යාංශය කලින් තිබුණේ රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂ අතේය. නාමල්ගේ වැඩවලට ගෝඨාභය ඇඟිලි ගැසුවේත් නැත. මහින්ද රාජපක්ෂ ඇඟිලි ගැසුවේත් නැත. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඔටුන්න නාමල්ගේ ඔටුන්න විය. ගෝඨා, නාමල්ලාව ඉවත් කොට රොෂාන්ව ක්‍රීඩා ඇමැති කළ විට නාමල් හිතුවේ රොෂාන්ව තමන්ට ඕනෑ විදියට නටවන්නටය. ඒත් රොෂාන් ඒ වැඩේට ඔට්ටු නොවීය. කලින් රොෂාන්, නාමල්ගේ හිතෛෂියකු වුවත්, ක්‍රීඩා ඇමැති වූ පසු නාමල්ට ඕනෑ දේවල් කළේ නැත. ඒ වගේම රනිල් ඔහුට ඕනෑ දේවල් කරන්න ආ විට ඔහු රනිල්ට ඉඩ දුන්නේත් නැත. රනිල්ගේ අධිරාජ්‍ය හදලා තිබුණේ මහජන ඡන්දවලින් නොව පොහොට්ටුවේ මන්ත්‍රී ඡන්ද බලයෙන්ය. රනිල් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්වත් නටවමින් සිටියේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අසරණ කරවමිනි. පළාත් පාලන ඡන්දය වහාම පවත්වන ලෙස අධිකරණය තීන්දු දුන් විට රනිල් අධිකරණයේද කට වැහුවේය. හැමෝම හිතුවේ රනිල් සර්වබලධාරී කියාය. නමුත් රනිල්ගේ කනෙන් රිංගා ක්‍රිකට් අතුරු කමිටුව පත් කරලා තමන් රනිල්ගේ පයට පෑගෙන දූවිලි නොවේ යැයි කියා රොෂාන් ලෝකයටම පෙන්නුවේය. කොන්ද පණ නැතිව ශැි ීසර කියන ඇමැතිවරුන්ගේ ඇස් ඇරෙව්වේය.

රොෂාන් කොන්ද කෙළින් තියාගෙන ඇමැතිකම බල්ලට දමලා ගහපු ගේම අතට ගත්තේ රනිල් සමගි ජන බලවේගය තුළ ගහන ගේම්වලින් බේරි බේරී කොන්ද කෙළින් තියාගෙන හිටිය සජිත්ය. ඔහු රොෂාන් පත්කළ අතුරු කමිටුව අතුරුදන් කරන්න රනිල් ගහපු ගේම රනිල්ගේ අතෙහිම පත්තු කළේය. රනිල් 1994 සිට 2019 දක්වා විපක්ෂ නායකකම් කළේය. හැබැයි කවදාවත් චන්ද්‍රිකාගේ වේවා මහින්දගේ වේවා ජනාධිපති බලපෑමට යට නොවී නිදහස් ප්‍රතිපත්ති තීන්දු ගන්න ඇමැතිවරයෙක් වෙනුවෙන් ආණ්ඩුවයි විපක්ෂයයි එකට එකතු කරන්න සමත් වී නැත. රනිල්ට කලින් විපක්ෂ නායකකම් කළ ඩඩ්ලි, මැතිනිය, ජේ.ආර්. හෝ අනුරවත් එහෙම ගේමක් ගහලා නැත. හැමදාමත් වෙන්නේ ජනාධිපති බලයට එරෙහිව එළියට එන ඇමැතිට ඇමැතිකම අහිමි වී ඔහු විපක්ෂයේ වාඩිවීම පමණකි. එහෙත් සජිත් මුළු ආණ්ඩුවත් විපක්ෂයත් ඇමැතිවරයා වටේ එක්රොක් කළේය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවුණේ 1964 ආණ්ඩු පෙරළියට 2001 ආණ්ඩු පෙරළියට එහා ගිය මාර පෙරළියකි. තරගයේ වීරයා රොෂාන්ය. හැබැයි මැච් එක දින්නේ සජිත්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

ShareTweetSendShare
Previous Post

ෂම්මි සලකපු අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක් රඟපෑවා ක්‍රිකට් නිසා අනිත් ප්‍රශ්න යට යනවා කියලා! ඡන්දෙ ගන්න කොට ජවිපෙ තුන්දෙනත් හිටියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් බලධාරීන් රටටම ක්‍රිකට් තහනම් කරන්න කියලා ICC එකෙන් ඉල්ලලා! රට පාවා දුන්නා! මට නැත්නම් කාටවත් නෑ වගේ යන යකා කොරහත් බිඳගෙන ගිහින්! අතුරු කමිටුව තිබ්බා නම් මේ තහනම එන්නේ නෑ! සජිත් කියපු අනාවැකිය හරි ගියා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව රට බංකොලොත් කරපු රාජපක්ෂ ඇතුලු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබ පෙත්සමට අද නාවලපිටියේදී අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව රට බංකොලොත් කරපු රාජපක්ෂ ඇතුලු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබ පෙත්සමට අද නාවලපිටියේදී අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

මියගිය හෝ සදාකාලික ආබාධිතයකුට ලක්ෂ 10යි! තුවාල වූ අයකුට ලක්ෂ 5යි! වන්දි දෙන්න කැබිනට් එක තීන්දු කරලා! පාස්කු ප්‍රහාරයේ නඩු 107ම නිෂ්ප්‍රභ කරන්න! නීතිපතිවරයා උසාවියට දැනුම් දෙයි!
Exclusive

මෙන්න අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වුණා! පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේග සම්බන්ධ බවට 50%කට වැඩි පිරිසක් විශ්වාස කරනවා!  I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

පෙට්‍රල් 10කින් ඩීසල් 27කින් අඩු කරයි!  I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ෂර්මලාට බැරි වුණාට ලොයිඩ්ටයි-අර්ජුනටයි කැන්ගරුවන් දණ ගස්සන්න පුළුවන් වුණා I Sri Lanka Latest News

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News
Exclusive

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ටිබෙට් බුදු දහමේ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 25ක් තැබූ සුපිරි මිනිසා I Sri Lanka Latest News

Load More
Leave Comment
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව රට බංකොලොත් කරපු රාජපක්ෂ ඇතුලු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබ පෙත්සමට අද නාවලපිටියේදී අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව රට බංකොලොත් කරපු රාජපක්ෂ ඇතුලු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබ පෙත්සමට අද නාවලපිටියේදී අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනාවරණය කළ රට බංකොලොත් කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයත්...

Read more
මියගිය හෝ සදාකාලික ආබාධිතයකුට ලක්ෂ 10යි! තුවාල වූ අයකුට ලක්ෂ 5යි! වන්දි දෙන්න කැබිනට් එක තීන්දු කරලා! පාස්කු ප්‍රහාරයේ නඩු 107ම නිෂ්ප්‍රභ කරන්න! නීතිපතිවරයා උසාවියට දැනුම් දෙයි!

මෙන්න අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වුණා! පාස්කු ප්‍රහාරයට දේශපාලන බලවේග සම්බන්ධ බවට 50%කට වැඩි පිරිසක් විශ්වාස කරනවා!  I Sri Lanka Latest News

තෙල් අඩු කළා!

පෙට්‍රල් 10කින් ඩීසල් 27කින් අඩු කරයි!  I Sri Lanka Latest News

Sri Lanka Latest News

ෂර්මලාට බැරි වුණාට ලොයිඩ්ටයි-අර්ජුනටයි කැන්ගරුවන් දණ ගස්සන්න පුළුවන් වුණා I Sri Lanka Latest News

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

පිලිපීනයේදී හරිහරියට දුවලා ලංකාවට රන් පදක්කම් අරන් ආ යාපනයේ 72 හැවිරිදි අකිලාට යාපනයේදී උණුසුම් පිළිගැනීමක්! තෑගි පිට තෑගි! Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version