විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුවේ ප්‍රබලයන් සමග සාකච්ඡා කොට කෝටිපති ව්‍යාපාරිකයන් හට මත්පැන් බලපත්‍ර ලබා දීමට කටයුතු කොට ඇති බවට මාධ්‍ය කළ වාර්තාකරණයත් සමග ආගමික නායකයන් රැසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම මන්ත්‍රීවරුන් කව්රුන්ද කියා රටට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසකටද ආගමික නායකයන් විසින් පැමිණිලි කොට ඇති බව වාර්තා වේ.
ඉදිරි මහමැතිවරණයට පෙර මෙම හෙළිදරව්ව සිදු කළ යුතු බවත්, මෙම ඩීල් මන්ත්‍රීවරු කව්රුන්ද යන්න පිළිබදව රටම දැනගත යුතු බවත් මෙම ආගමික නායකයන් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව පැවසේ.
කෙසේවෙතත් විපක්ෂයේ පක්ෂයෙක් ඉදිරියේදී මෙම ඩීල් මන්ත්‍රීවරුන් පිළිබදව විශේෂ හෙළිදරව්වක් පාර්ලිමේන්තුව හමුවේ සිදුකිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.