මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මත වායුගෝලයේ විෂබීජ සහිත වෛරසයක් පැතිරී යෑම නිසා වාතය මගින් බෝවන රෝග ඇතිවිය හැකි බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පලඳින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
බැක්ටීරියාවක් මගින් බෝවන උණ සන්නිපාතය වැනි රෝගයක් මේ දිනවල පැතිරී යන බැවින් නිතර දෑත් පිරිසිදු කර ආහාර සහ ජලය භාවිතයට ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
ඇතැම් ආහාර මගින් මෙම බැක්ටීරියාව පැතිරී යෑමෙන් මෑතකදී වෛද්‍යවරයකු පවා මියගිය බවද ඔහු සඳහන් කළේය.
මුඛ ආවරණ පැලඳීම නීතියක් නොවුණත්, පවතින අවදානම් තත්ත්වය හමුවේ තම සෞඛ්‍යාරක්ෂාව සහතික කරගැනීම පිණිස මුඛ ආවරණ පලඳින ලෙසද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ප්‍රේමලාල් විජේරත්න