• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් අද පොලොන්නරුවේ! සින්නක්කර ඉඩම් ඔප්පු බෙදා දෙයි! PHOTOS I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය.
මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

සියලු දෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන්නැයි ද සියලු පාර්ශ්වවලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු 204,002 සකස් කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට සියලුම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතී. ඒ අනුව මැයි මාසය අවසන්වන විට සින්නක්කර ඔප්පු 20,178 මහවැලි ජනපදිකයන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීම මෙහිදී සිදු විය.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

අද මේ ශාලාවේ සිටින ඔබ මෙම ස්ථානයට පිවිසියේ බලපත්‍රලාභීන් ලෙසයි. නමුත් ඔබ මෙතැනින් පිටව යන්නේ ඉඩම් හිමියන් ලෙස බව මම සිහිපත් කිරීමට කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම ගෞරවයක් ලෙසයි සළකනු ලබන්නේ. ඉඩමට තිබෙන වටිනාකම අපට තිබෙන පිළිගැනීම බවට පත්ව තිබෙනවා.

අද මේ රටේ විශාල පිරිසකට පරම්පරා ගණනක සිට ජීවත්වුවත් එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය හිමිව නැහැ. උරුමය වැඩසටහන හරහා සිදුවන්නේ එම ඉඩම් අයිතිය සින්නක්කර ඉඩම් ඔප්පුවකින් ජනතාවට ලබා දීමයි. මින් පසුව ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ. ඔබට ලැබෙන නීත්‍යානුකූල ඉඩම් අයිතිය කිසිවෙකුට අහෝසි කිරීමේ හැකියාවක් නැහැ.

අපි සියලුදෙනා පසුගිය වසර තුනේදී ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. රටේ ආර්ථිකය වගේම අපේ ආර්ථිකයත් කඩා වැටුණා. අත මිට මුදල් හිඟ වුණා. සියලුදෙනා අසීරුවෙන් ජීවත් වුණේ. දැන් එම ආර්ථික ගැටලු අප ටිකෙන් ටික විසඳාගෙන යනවා. අප තව වසර දෙක තුනක් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

රජයේ සේවකයන්ට රැපියල් දස දහසක් වැටුප් වැඩිවීමක් ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. පුදිගලික අංශයේත් බොහෝ ආයතනවල වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඒ වගේම වතුකරයේත් වැටුප් වැඩි කිරීමට අප දැන් නියෝග කර තිබෙනවා.

පසුගිය ආර්ථික දුෂ්කරතාවන් හමුවේ රටේ දිළිදු කණ්ඩායම වර්ධනය වුණා. ඒ වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ සඳහා ලෝක බැංකුවේ සහාය හිමි වු අතර ඒ අනුව සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක් වැඩි කර අස්වැසුම ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට අපට හැකි වුණා. ඒ වගේම ප්‍රතිලාභීන් ප්‍රමණය ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට කටයුතු කළා.

තවද, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කළා.
මේ සියල්ල සමඟ රටේ ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ එන විට එහි ප්‍රතිලාභය එක කොටසකට හිමි වන්නයි, අනෙක් කොටසට නොලැබී යාමටයි ඉඩ තබන්න බැහැ. ඒ නිසා දැනට රජයේ ඉඩම්වල සිටින සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් මෙම පියවර විප්ලවකාරී පියවරක් බව කිවයුතුයි. ලෝකයේ වෙනත් රටවල මෙලෙස ඉඩම් අයිතිය ජනතාවට ලබාදී නැහැ. එසේනම් අප සිදු කර තිබෙන්නේ විශාල විප්ලවයක්. කෘෂිකර්මාන්තය සඳහා පමණක් නොව නිවාස සඳහා ද ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. ඒ වගේම මහල් නිවාසවල සිටින අයට එම නිවාසවල අයිතිය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ලෝකයේ තිබෙන විප්ලවකාරී පියවරක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම මෙය මෙරට ජනතාවට ලබා දෙන විමුක්තියක් ලෙස මම සලකනවා.

මෙම ඉඩම් ඔප්පු කඩිනමින් සකස් කිරීම පිළිබඳ අප පසුගියදා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. අගමැතිතුමා මේ කටයුතු භාරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට දැනුම් දෙන්න කැමතියි. මෙම වැඩසටහන ඉදිරි මාස දෙක තුළ කඩිනමින් අවසන් කළයුතුයි. ඉඩම් කොමසාරිස් කාර්යාල, මහවැලි අමාත්‍යාංශය, මිණුම් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු එක්ව මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මෙම ඉඩම් ලබාගත් පසු රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වීම ඔබේ වගකීම වෙනවා. රටේ කෘෂිකර්මාන්තය නවීකරණ කරමින් තරගකාරී කෘෂි අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමට අප සියලුදෙනාට වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ පිළිබඳ සාකච්ඡා කර ලබාදිය හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණෙනවා. ඒ වගේම මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බලා ඉදිරි වසර තුන හතර තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ලබන ජුනි මාසයේ ලෝක බැංකුවේ නියෝජිතයන් මෙහි පැමිණෙනවා.ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ සැලසුම් ඉදිරිපත් කළ යුතු නිසා මෙම කටයුතු නීතිගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම පොළොන්නරුව දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. අප මේ වන විටත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇතැම් අය අහනවා අවුරුදු 76ක් මොනවද කළේ කියලා. වාර්මාර්ග ඉදිකර, විදුලි බලය ලබාදී ජනතාව එහි පදිංචි කර ගොවිතැන් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළා. නමුත් මේ පළාත්වලට නොලැබී ඇති සංවර්ධනය ලබාදීමේ වගකීම මම භාරගෙන තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.
මම කිසි දවසක කියන්නේ නැහැ ආණ්ඩුව බෙදෙන්න ඕන කියලා. අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. අනිත් අය එපා කියපු ආණ්ඩුවකුයි අපි භාරගත්තේ. සියලුදෙනා මේ ආණ්ඩුව භාර ගැනීමට අකමැති වුණා. නමුත් දැන් අප එක්වෙලා රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. දැන් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ පුරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දෙමු කියලා මම ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
උරුමය වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන වැඩසටහනක්. රටේ විශාල පෙරළියක් සිදුවන ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
එතුමා එදා බාරගත්තේ අරාජික වූ රටක්. නමුත් එතුමා අප සමග එක්වී මේ රට විශ්වාසනීය රටක් බවට පරිවර්තනය කර තිබෙනවා . එතුමා රටේ දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ඇතිකළා. එතුමාගේ ගමන බොහෝ අය විවේචනය කළා. එතුමා ඒ කිසිවකුටත් ඇහුම්කම් නොදී රට ඉදිරියට ගෙන ගියා.
පසුගිය අවුරුදු දෙක තුළ ගොවි ජනතාවටද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණා. පොහොර තිබුණෙ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමා ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර ලබා දුන්නා.එතුමා ගොවි ජනතාව විශ්වාස කළා. අර්බුද සමයේ ආහාර අහේනියක් නොමැති රටක් බවට මේ රට පත් කළේ ගොවි ජනතාවයි.
පොළොන්නරුවේ ගොවි ජනතාව වෙනුවෙන් උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දිමට පියවරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වටපිටාවක් අද ගොඩනැගී තිබෙනවා.
ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට ද කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඔබ ලබා දී තිබෙන වර්ධනයද පිටිවහලක් වුණා. එම නිසා අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඔබ සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරනවා.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ලබා දෙන්නේ ඉඩමක් සහිත ගෙයක්, ආහාර සහ ජලය කියන මූලික අවශ්‍යතා තුනම ලැබෙන ක්‍රමයක් බව කිව යුතුයි. සින්නක්කර අයිතිය සහිතව මේ ඉඩම ලබා දෙන විට, ඉතිරි කාරණා සම්පූර්ණ වූ විට ලස්සන පවුලක් නිරුත්සාහයෙන්ම නිර්මාණය වනවා. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දෙන විට ඒ තුලින් විශාල ආර්ථික බලයක් නිර්මාණය වෙනවා.
ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට නොහැකි වන විට අපට විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු වුණා. අද එම අයිතිය ලබා දෙනවා පමණක් නෙවෙයි ආණ්ඩුවේ ප්‍රමුඛතම වැඩපිළිවෙල වී තිබෙන්නෙත් කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලයි.
ඔබට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර රටේ ආර්ථිකය බිඳ වැටිලා, ජනතාව අවුල්, වියවුල් වෙලා, මේ රට පැවති තත්ත්වය. නමුත් අද ඒ තත්ත්වයෙන් මේ රට මුදවා ගෙන අත්දැකීම්, පළපුරුදු මෙන්ම ප්‍රතිඵල සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ඉදිරියට ගෙන එන අයුරු ඔබට දකින්න ලැබෙනවා. ඒ වෙනුවෙන් අපේ ගෞරවය එතුමාට පුද කළ යුතුයි.
අද රටේ ආර්ථිකය මෙන්ම සමාජ තත්ත්වයත් ඉදිරියට යමින් පවතිනවා. නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙල ඉදිරියට යනවා. එය අඛණ්ඩව ගෙන යාමට අවස්ථාව අප ලබා දිය යුතුයි. එය කඩාකප්පල් කර, අත්දැකීම් නොමැති අයට එය බාර දී, අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු කාලයක් නෙවෙයි මෙය. මේ රටේ පාලනයට අත්හදා බැලීම් සිදු කරන්න බැහැ. එහෙම වුනොත් මේ රට නැවත කඩා වැටෙනවා. මේ සියල්ල විනාශ වෙනවා.
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ජනාධිපති මාධ්‍ය අංශය
2024-05-04

SendShareShare
Previous Post

මාස 4ට 730ක් පාරෙදි මැරිලා! Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් එනවා! මහින්ද නාමල්ට තව ටිකක් ඉන්න කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.