• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රතු සාටකය සහ රතු ටයි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
රතු සාටකය සහ රතු ටයි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ රහස් චරිතය ගැන ජේම්ස් මැනර් ලියපු පොතක මෙසේ සටහන්ව තිබිණි. එහි සඳහන් වූයේ දේශීය කපු රෙදිවලින් මහපු ජාතික ඇඳුම ඇඳගෙන මහජනතාව අතරට යන බණ්ඩාරනායක ගෙදරට අඳින්නේ කලිසම කියාය. ඒ වගේම බලු තරගවලට යද්දීත්, බිලියඩ් ගහන්න සමාජ ශාලාවට යද්දීත් ඔහු අඳින්නේ කෝට් කලිසම් බවද එහි සඳහන් වේ. සිය පියාගේ අවමඟුලේදී රෙද්ද බැනියම ගලවා ටොප් හැට්, ටේල් කෝට් ඇඳ පියාගේ මිනිය කරගහගෙන ගිය හැටි එහි සඳහන්ය.Sri Lanka Latest News

ජේ.ආර්. ජයවර්ධනත් එළියට යද්දී ජාතික ඇඳුම ඇන්දාට ගෙදර ඉන්නේ කලිසම ඇඳගෙන බව හැමෝම දනී. ඒත් ඩී.ඇස්., සර් ජෝන් සහ ඩඩ්ලි ඇන්දේ ටයි කෝට්ය. 1960 ජූලි මහ මැතිවරණය පරාජයට පත්වූවාට පසු ලංකාවේ තවදුරටත් ටයිකෝට් ඇඳුම දේශපාලනයට හරි නොවන බව ඩඩ්ලිගේ සගයෝ ඩඩ්ලිට පෙන්වා දුන්හ. ඩඩ්ලි අකැමැත්තෙන් ජාතික ඇඳුම ඇඳගෙන දළදා මාලිගාව වඳින්න ගියේ හැමෝම මවිතයට පත්කරවමිනි.

ලංකාවේ මිනිස්සු එළියට යන්නේ කලිසම ඇඳගෙනය. හැබැයි ගෙදරට අඳින්නේ සරමය. සරම ඔවුන්ට හුරුපුරුදුය. ජේ.ආර්.ලාට බණ්ඩාරනායකයාට පුරුදු කලිසමය. මේ නිසා ඔවුන් එළියට යද්දී ජාතික ඇඳුම ඇඳ ගෙදරට අඳින්නේ කලිසමය.

මේ රෙද්ද බැනියම නොහොත් ජාතික ඇඳුම දේශපාලනයේ සංකේතයක් කළේ බණ්ඩාරනායකය. 1956 ඔහු හදපු සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගය ටයිකෝට්කාරයන් සහ ජාතික ඇඳුම අතර සටනක් දියත් කළහ. යූ.ඇන්.පී.යට පක්ෂ වූයේ ටයි කෝට් අඳින, කලිසම අඳින බටහිර වෛiවරු, බටහිර පන්නයට හැඩගැහුණු ගුරුවරු සහ ටයිකෝට් අඳින නිලධාරීන්ය. ශ්‍රීලනිපයට පක්ෂ වූයේ රෙද්ද බැනියම අඳින දේශීය වෛiවරු, සිංහල ගුරුවරු සහ කම්කරුවන්ය.

ටයි කෝට්වලට එරෙහි ජාතික ඇඳුම සංකේතවත් කරන දේශපාලනය සුන්නත්දූලි කළේ ජේ.ආර්. සහ ප්‍රේමදාසය. ඒ දෙන්නාම ඇන්දේ ජාතික ඇඳුමය.

යළිත් මේ ටයිකෝට් එරෙහි ජාතික ඇඳුම සංකේතවත් කරන දේශපාලනය කරළියට එන්නේ රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වූවාට පසුවය. ඔහු ඇන්දේ ටයිකෝට්ය. ටයිකෝට් ගලවන්න යැයි ඔහුට ඔහුගේ සගයන් කිව්වත් ඔහු ඔවුන්ට කන්දුන්නේ නැත.

2005 ජනාධිපතිවරණයේදී මේ ටයිකෝට් ඇඳුම ඔහුට අවාසි ලෙස බලපෑවේ මහින්ද රෙද්ද බැනියම ඇඳගෙන ආ නිසාය. ඒ මදිවාට ඔහු රතු පැහැති කුරහන් සාටකයක්ද කරේ දමාගෙන ආවේය.
මහින්දගේ කුරහන් සාටකයයි රෙද්දයි බැනියමයි රනිල්ගේ පරාජයට ලොකු හේතුවක් වූයේ මහින්ද දිනවන්න මාරගෙන මැරෙන සටනක් කළ ජවිපෙ මහින්දගේ දේශීය ප්‍රතිරූපය මාකට් කළ නිසාය.

‘ඔබට ඕනෑ ටයිකෝට් අඳින බටහිර ගැති රනිල්ද? රෙද්ද බැනියම අඳින ජාතික නායකයකු වන මහින්දද…?’

මහින්දගේ වේදිකාවේ එවක ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගෙන් පටන්ගෙන සියලු ජවිපෙ නායකයන් අහපු ප්‍රශ්නය ඒකය. ජවිපෙ හදපු ඒ ජාතික රැල්ලේ මහින්ද හොඳට පීනුවේය.

2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා යූ.ඇන්.පී. – ජ.වි.පෙ. පොදු අපේක්ෂකයා ලෙස ආවේ හමුදා ඇඳුම ගලවලා රෙද්ද බැනියම ඇඳගෙනය. ඒ මහින්දගේ ජාතිකත්ව ප්‍රතිරූපයට අභියෝග කරන්නටය.

2015 මෛත්‍රීපාල ආවෙත් රෙද්ද බැනියම ඇඳගෙනය. මහින්දගේ ජාතිකත්ව ප්‍රතිරූපය මෛත්‍රී ඇඟට ගත්තේ ගමේකම ගමේ කතාව හොඳ හැටි පාවිච්චි කරමින්ය.

මහින්දගේ රෙද්ද බැනියමටත් රනිල්ගේ ටයිකෝට් ගැටුමත් අතරමැද හිරවන්නේ ගෝඨාභයය. ඔහු ටයිකෝට් නොඇඳ රෙද්ද බැනියමත් නොඇඳ බුෂ් ෂර්ට් එකයි කලිසමයි අඳින්නේ ඔහු සාම්ප්‍රදායික දේශපාලනඥයකු නොවන බව පෙන්වන්නටය. ජනාධිපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු සැසිවාරය අමතන දින ඔහුට රෙද්ද බැනියම අඳින්න බැරි නම් රතු කුරහන් සාටකය දමන්න යැයි රාජපක්ෂ පවුල බල කළත් ඔහු ඔවුන් කියන දේ අහන්නේ නැතිව ටයිකෝට් ඇන්දේය. ගෝඨාභය සහ රාජපක්ෂ පවුල අතර පළමු ගැටුම හටගත්තේ මේ ඇඳුමෙන්ය. නිදහස් දිනට ඔහු ජාතික ඇඳුම හෝ ටයිකෝට් නොඇඳ බුෂ් ෂර්ට් අඳින්නේ ඔහුගේම ආණ්ඩුවේ විවේචන මැදය.

2005 ටයිකෝට් එපා, රෙද්ද බැනියම හොඳයි කියපු දේශප්‍රේමීන්ට ඔහු ටයිකෝට් එක පුරුදු කළේය. ඒත් මේ දේශප්‍රේමීන්ට හරියට ටයිකෝට් මහලා ඇන්දුවේ ගෝඨාගෙන් පසු ජනාධිපති වූ රනිල්ය. එදා ටයිකෝට් අඳින පරගැති රනිල් එපා කී පොහොට්ටු මන්ත්‍රීවරු මෙදා රනිල්ව ජනාධිපති කරන්න අත් දෙකම ඉස්සූහ. එපමණක් නොව රනිල් ජනාධිපති වූ පසු රෙද්ද බැනියම ඇඳ ඇඳ සිටි අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහලා ටයිකෝට් අඳින්න පටන්ගත්හ.

2024 ජනාධිපතිවරණයේදී පොහොට්ටු පාක්ෂිකයන්ට රතු සාටක හොයන්න නැත. ඔවුන්ට තෝරාගන්න තියෙන්නේ රතු ටයිකාරයන්වය.

රතු හැට්ටකාරී නාට්‍යය වගේ ලංකාවේ රතු ටයි එකට ප්‍රකටව සිටින්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාය. ඔහු පොදු ජන පෙරමුණු අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රධාන අපේක්ෂකයෙකි. ලෝකය පුරා රතු ටයි එක ප්‍රකට කළේ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ය. රතු රිපබ්ලිකන් පක්ෂයේ ඡන්ද ජයග්‍රහණය පෙන්වන සිතියමේ පාටය. 2000 ජනාධිපතිවරණයේදී යූ.එස්.ඒ. ටුඩේ පුවත්පත රිපබ්ලිකන් ජයග්‍රහණය පෙන්වූයේ ඇමෙරිකානු සිතියමේ රතු පැහැගන්වලාය. ට්‍රම්ප් ජනාධිපතිවරණයට රතු පාට ටයි එක ඇන්දේ රිපබ්ලිකන් පක්ෂයට යූ.එස්.ඒ. ටුඩේ දුන් රතු පාට මතක් වෙන්නටය. අවසානයේ රතු ටයි එක ඔහුගේ බ්‍රෑන්ඩ් එක විය.

ධම්මික පෙරේරාගේ බ්‍රෑන්ඩ් එකත් රතු ටයි එකය. ඔහු ට්‍රම්ප්ට කලින් රතු ටයිකාරයෙක් විය. ඔහු රතු සාටකය සිය සංකේතය කරගත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙන්න හදන්නේ රතු ටයි එක ඇඳගෙනය. යූ.ඇන්.පී. නායකයාව සිටියදී කොළ, අළු සහ නිල් පාට ටයි ඇන්ද රනිලුත් ජනාධිපති වූ පසුව විටින් විට රතු ටයි එක අඳින්න පටන්ගෙන තිබේ.

අලුත්ම රතු ටයිකාරයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. ඔහු පසුගියදා ඉන්දියාවට ගොස් ඉන්දීය විදේශ ඇමැති හමුවූයේ රතු ටයි එක ඇඳගෙනය. අනුර කුමාරට රතු ටයි එක හරියන්නේ ජවිපෙ පාට රතු පාට නිසාය. හැබැයි ඔහුත් රතු ටයි එක ඇඳගෙන ඉලක්ක කරන්නේ රතු සාටකයට වශී වුණු පොහොට්ටු පාක්ෂිකයන්ය.

මහින්දගේ රතු සාටකය සහ රෙද්ද බැනියම වෙනුවට රතු ටයිකෝට් ඇඳගෙන පොහොට්ටු පාක්ෂිකයන් දිනාගන්නේ රනිල්ද, ධම්මිකද, අනුරද කියා තවම කියන්න බැරිය. හැබැයි 2024 ටයිකෝට් නොඅඳින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවෙන් සම්මත නොකර මුලු මහබැංකුවම 70%කින් පඩි වැඩි කරගත්තේ ‌කොහොමද? මහබැංකු නිලධාරීන් සහ මුදල් මණ්ඩලය පාර්ලිමේන්තුවට කැඳවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

සජිත් දිනවන්න ආ කාන්තාවන්ගෙන් කන්ද උඩරට අතුරු සිදුරු නැතිව පිරී යයි! සමගි වනිතා බලවේගයේ මංගල රැස්වීමේ සජීවී විකාශය මෙන්න! LIVE VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.