පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, මහබැංකු සේවකයෝ 70% ක ඉහළ වැටුප් වර්ධකයක් ලබා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කරන ලෙස, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සදහා ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මහබැංකුවට නියෝග කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එකී ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී මහබැංකු නිළධාරීන් පැමිණ තිබුණු අතර, එම අවස්ථාවේ දී මෙම විශ්මයජනයක වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කමිටුව, අදාළ නිළධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
ඉදිරි සතිය ත-ුළදී වැටුප් වර්ධක වාර්ථාව මහබැංකුව විසින් ලබා දීමට නියමිත අතර, ඉන් පසුව, මහබැංකු නිළධාරීන් සහ මුදල් මණ්ඩලය ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා ස්ථාපිත කරන ලද ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැදවීමට නියමිත බව පැවසේ.
මහබැංකුව, 70%කින් වැටුප් ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම, විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයද දැඩි ලෙස විවේචනය කර තිබුණි.