රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ලක් කල බව පේරාදෙණිය පොලිසිය පවසයි.
තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඊයේ (28) දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයෙකු හා පවසුවැයි කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කල බව ඇය පැවසීය.
මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ මහාචාර්ය රංජිත් බන්ඩාර මහතාගෙන් කල විමසිමකදි ඔහු ඇය වෙත දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි භිතිය ඇති සමයේ කලානම් ඔවුන් විසින් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනය නොකල බවත් මාහාචාර්යවරයා පැවසිය.
lankadeepa