උමා ඔය ව්‍යාපෘතිය හෙට (24) දිනයේ ඉරාන ජනාධිපතිවරයාගේ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.Sri Lanka Latest News
ඊට අමතරව අගමැතිවරයා සහ ආණ්ඩුවේ අනෙකුත් ඇමැතිවරුන්ටද එම උත්සවයට ආරාධනා කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ඡායාරූපද ආරාධනා පත්‍රයේ ඇතුළත් කිරීමට ලේකම්වරයා පියවර ගෙන ඇත.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ අදාළ ව්‍යාපෘතිය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ආරාධනා පත්‍රයේ නොමැති වීමය.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා හට මෙම උත්සවය සදහා ආරාධනා කර තිබේද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නොමැත.
පහත දැක්වෙන්නේ ලේකම්වරයා විසින් යොමු කොට ඇති එම ආරාධනා පත්‍රයය.
ආරාධනාවයි..!
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය
මහවැලි රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා,
වාර්මාර්ග රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, සහ වාර්මාර්ග අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියගේ
ආරාධනාවෙන්,
අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්රමුඛ
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ
සහභාගිත්වයෙන්,
ඉරාන ඉස්ලාමීය ජනරජයේ
ගරු ජනාධිපති ආචාර්ය සයියඩ් ඒබ්රහිම් රෙයිසි මැතිදුන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන්
විසින්,
2024 අප්‍රේල් මස 24 වන දින
පෙ.ව. 10.00 යෙදෙන සුභ මොහොතින් ජනතා අයිතියට පවරන අවස්ථාවට සහභාගී වන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි.
මේ සඳහා වන මුද්‍රිත ආරාධනා පත්‍රය මේ වනවිට තැපෑල වෙත භාර දී ඇති අතර එය ලබන අගහරුවාදා දිනට ප්‍රථම ලැබෙනු ඇත.
එතෙක් කාලය වෙන්කර ගැනීම සඳහා පූර්ව පණිවිඩයක් ලෙස මෙම පණිවිඩය යොමු කරනු ඇත.
ඔබගේ සහභාගිත්වය කරුණාකර අප වෙත තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි
සමන් දර්ශන පාඬිකෝරාල ,
ලේකම්,
වාරිමාර්ග අමාත්‍යාංශය