සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒකපාර්ශ්විකව තීරණය කරන ලද දින ඇතුළත් ලිපිය ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. (Sri Lanka Latest News)
එහෙත්, තමන් විසින් මුලින් යෝජනා කළ පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර විවාදය පිළිබඳ එම ලිපියේ කිසිදු සඳහනක් කර නොමැති බවයි නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ.