ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් ඊයේ (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු විය. Sri Lanka Latest News
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත්වරු පරීක්ෂක මගී නෞකාව හා එහි පැමිණි සංචාරකයන් පිළිගැනීම සිදුකළහ.
ඉන්දියාවේ චෙන්නායි පොන්ඩිචේරි වරායේ සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම මගී ප්‍රවාහන සේවය ආරම්භ කෙරිණ.