OPPO නිර්මාණය කරන ලද අතිනවීන imaging NPU – MariSilicon X තාක්ෂණය 2021 දෙසැම්බර් 14 සහ 15 යන දෙදින තුළ පැවති OPPO INNO Day 2021 හිදී නිල වශයෙන් නිවේදනය කරන ලදී.
6nm ක්‍රියාවලි තාක්ෂණය මත ගොඩනගා ඇති, MariSilicon X advanced NPU, ISP සහ multi-tier memory architectureහි සුසංයෝගයෙන් විස්මිත සුපිරි ක්‍රියාකාරිත්වයක් සහ ශක්ති කාර්යක්ෂමතාවයක් ලබාදී real-time RAW processing හරහා විස්මිත 4K AI Night Video, live preview සමගින් ලබාදෙයි. MariSilicon X 2022 පළමු කාර්තුවේදී Find X කාණ්ඩය සමගින් පාරිභෝගිකයන්ට භාවිත කළ හැකියි.
ඡායාරූප ලබාගැනීමේ තාක්ෂණයේ නිම්වළලු පුළුල් කිරීමට දශකයකට වැඩි කාලයක් පළපුරුද්ද සමග, කැමරා මාදිලි, කාච සහ algorithm සම්බන්ධ මෙම ක්ෂේත්‍රයේ දැවැන්තම සහ සුවිශේෂම නව නිර්මාණ රැසක් පිටුපස OPPO සිටින බව OPPOහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Jiang Bo මහතා මෙම උත්සවයේදී ප්‍රකාශ කළේය.
MariSilicon X හි NPU තත්පරයකට ටි්‍රලියන 18ක ක්‍රියාකාරිත්වයක් (TOPS) ලබාදෙන අතර AI ඇල්ගොරිතමවලට සහය වීමට අවශ්‍ය සංගණක බලයට වඩා අතිශයින්ම වැඩිය. NPU විස්මිත බල කාර්යක්ෂමතාවක් සමගින් බැටරිය බැසයාමකින් තොරව ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයක් ලබාදෙයි. NPUහි සුවිශේෂ tera-bps memory subsystem එකකින්ද සමන්විත වන අතර storage and processing units අතර දත්ත නැවත නැවත Copy කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අඩු කරයි.