පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමිපාදයාණන් වහන්සේ බැහැදැකීම සඳහා ගම්පහ විමුල්ල විද්‍යාකර පිරිවෙනට පැමිණියේය. Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හාල්පන්විල පාලිත ස්වාමීපාදයාණන් වහන්සේ සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේද බැහැදැක, මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකරන ලෙසට උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ රජය විසින් මීට සති තුනකට පමණ පෙර ප්‍රකාශයට පත් කළ පරිදි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා තරුණයින් 8 දෙනෙකු බේරාගත් බවට කළ ප්‍රකාශය සාවද්‍ය බවයි.
එහිදි ඔහු මෙලෙස අදහස් පළ කළේය.
“අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් 8 දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලිසියක අද රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ. එසේ තිබියදී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදවාගත්තා කියලා. එම නිසා මෙම කරුණු කාරණා අද අප විසින් විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් සැල කර සිටියා. අප විසින් සිව් නිකායික මහානායක ස්වාමීපාදයණන් වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපෙක්ෂා කරනවා. එම සංදේශයට මහනාහිමියන්ගේ අත්සන ලබාගැනීමද අද දින සිදු වුණා. අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමිපාදයාණන් වහන්සේද ඊට අත්සන යොදා අපට ශක්තිය සහයෝගය පළ කරා.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අද(26) සවස අමරපුර මහා නිකායේ මහානායක ස්වාමිපාදයාණන් වහන්සේ සමඟ බුරුම(මියන්මාර) තානාපතිතුමන් හමුවී මෙම සංදේශයේ පිටපතක් බාරදීමට නියමිත බවයි. තවද එහි ප්‍රධාන පිටපත රැගෙන මියන්මාරයට ගොස් සිතගු සියාඩෝ අනුනායක ස්වාමිපාදයාණන් වහන්සේ වෙතින් මහානායක ස්වාමිපාදයාණන් වහන්සේ හමුවී එරට රාජ්‍ය පාලකයන් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර වහාම මේ තරුණයින් බේරා ගැනීමට අදාල කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස තමන් මැදිහත් බව ඒ මහතා කියා සිටියේය.
මේ සඳහා මියන්මාරය දිසාවෙන් වගේම තායිලන්තය දිසාවෙනුත් සහාය ලබාගනිමින් සිටින බවත්, මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය භාර තායිලන්තයේ ප්‍රධාන හමුදා නායකයකු සමඟද සාකච්ඡාවක් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවත් අදාල තරුණයින් සියළු දෙනා බේරාගැනීමට කළ හැකි සියළු මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය.