• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, March 26, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රුහුණ කන්ද…! කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!

December 6, 2022
in Exclusive, Holiday
Reading Time: 2 mins read
A A
රුහුණ කන්ද…!  කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!
895
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ ජෛව විවිධත්වයෙන් උපරිම පරිසර පද්ධතියක් වන කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි රුහුණ කන්ද පිළිබඳවයි. සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටි මෙම රුහුණ කන්ද වන පියස දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ තෝතැන්නකි. විවිධ පක්ෂීන්, උරගයන්, කෘමි විශේෂ, මැඩි විශේෂ, ක්ෂීරපායීන් මෙන්ම ඉතා දුර්ලභ සමනල් විශේෂද මෙම වනාන්තරයේ දැකගත හැකියි. මගුරු ගඟ රුහුණ කන්ද වනාන්තරය හරහා ගලා යෑම නිසා තවත් අමතර ආකර්ෂණීය බවක් ඊට එක්ව තිබෙනවා. මෙම වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් ලෙස හැඳින්වෙනවා. රුහුණ කන්දේ විශේෂත්වයක් වන්නේ නිවාස තුනකින් පමණක් සමන්විත කුඩා ගම්මානයක් මෙම වනාන්තරය තුළ පිහිටා තිබීමයි. ගම්වැසියන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිසරට ආදරය කරන අය වීම ඉතා අගය කළ යුතු කරුණකි.

රුහුණ කන්ද පර්යේෂණ මධ්‍යස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. පර්යේෂණ, අධ්‍යයනය, ක්ෂේත්‍ර චාරිකා සහ පරිසර සංරක්ෂණය යන කටයුතු එම මධ්‍යස්ථානය හරහා සිදුකරන සේවාවලින් කිහිපයකි. උණහපුළුවා, පලා පොලඟා, වලිකුකුළා, අළු කෑ`දැත්තා, ඉන්දියන් පිත්තා, ගොනුස්සා, ඇහැටුල්ලා, මකුළුවන්, රත් කෑරලා, පිනුම් කටුස්සා සහ මැඩි වර්ග, මෙරටට ආවේණික මිරිදිය මසුන්, බත්කූරා, කුඩා කුහුඹු වර්ග, විෂ සහිත කඩි විශේෂ, විවිධ මල් වර්ග, ඒක දේශීය ශාක සහ ඕකිඩ් වර්ග ද මෙහි දැකගන්නට ලැබෙනවා. පිටතඹල වන බස්සා, ඒකදේශීය පඬුවන් බස්සා, වත රතු මල් කොහා, අළු දෙමළිච්චා, කැහිබෙල්ලා ආදී පක්ෂීන්ද සුලබව මෙහි දැකගත හැකිය.

කුරුලු විශේෂ 52ක් පමණ රුහුණ කන්ද වනාන්තරය තුළදී නිරීක්ෂණය කළ හැකි බව වාර්තාවල සඳහන්ය. නොඉඳුල් පරිසරය විඳගැනීමටත්, පරිසර අධ්‍යයනයන්ටත්, සොබාදහම සුරැකීමටත් මේ සුන්දර වනාන්තරයට යෑමට දැන් ඔබට අවස්ථාව විවරව තිබෙනවා. ඒ උදෙසා වන මාර්ගෝපදේශකත්වය සහ දැනුම බෙදාදීම සඳහා රුහුණ කන්ද සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඔබ මේ සොඳුරු වන පියසට එන්නේ නම් පා සටහන් පමණක් ඉතිරි කර ආපසු යෑමට වග බලාගන්න. කිසිවක් රැගෙන නොයන්න. රුහුණු කන්ද සංචාරක මධ්‍යස්ථානයේ වැඩමුළු පැවැත්වීම සඳහා සහ රාත්‍රී නවාතැන් ගැනීම සඳහාද පහසුකම් පවතින අතර මස් මාංශ සහ මත්පැන්වලින් තොරව ආහාර ගැනීමට අදාළ නීතිරීති පද්ධතියක්ද එහි ක්‍රියාත්මක වේ. 2009 සහ 2011 වසරවල ආරම්භ වූ මෙම සංචාරක හා පර්යේෂණ මධ්‍යස්ථානය හෙක්ටයාර 5,000කින් පමණ සමන්විත වන්නකි. එම මිනුම්කරණය සිදුකර ඇත්තේ 1920දීය.

රුහුණ කන්ද පරිසර පද්ධතියට පැමිණීම සඳහා වඩාත් සුදුසු කාලසීමාව වන්නේ දෙසැම්බර් සිට මාර්තු දක්වා වන කාලපරිච්ඡේදය බව හඳුනාගෙන ඇත. එම කාලසීමාව තුළ වර්ෂාපතනය අඩු වීම ඊට හේතුවයි.

සිංහරාජ වනාන්තරය හා සමානත්වයේලා සැලකිය හැකි වටිනා පරිසර පද්ධතියක් වන මෙම රුහුණ කන්ද වනාන්තරය රැකගැනීම පරිසරට ආදරය කරන සැමගේ වගකීමක් බව ‘කැලෑ කොලමේ’ අපි සිහිපත් කරමු.



සමන් හල්ලොලුව

Share358Tweet224SendShare90
Previous Post

අතිශය කාලීන විශිෂ්ට කාටූන් චිත්‍රයක්!

Next Post

ඩයනා බ්‍රිතාන්‍යය පුරවැසියෙක්! එයාට ලංකාවෙ පුරවැසිභාවය නෑ! රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් දෙන්න බෑ! හිටපු ආගමන විගමන පාලක රූපසිරි මහතා 2021.12.15 මේ ලියුම ගහපු නිසාද මාරු කළේ? (PHOTO & VIDEO)

MORE NEWS

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!
Exclusive

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)
Exclusive

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Exclusive

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023
රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස්පතිට සේවා දිගුවේ ලියුම ලැබෙන්නේ හෙට! එතකොට හැමෝටම බලාගන්න පුලුවන් ඒ කාලය තව මාසයක්ද මාස 3ක්ද අවුරුද්දක්ද කියලා!

March 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version