ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවත්, ඇයට ලංකාවේ පුරවැසිභාවය නොමැති බවත්, ඒ හේතුවෙන් ඇයට රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් යූ.වී. සරත් රූපසිරි මහතා විසින් 2021.12.15 දින නිකුත් කරන ලද ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ඊයේ දින සගත කළේය.
එම ලිපියට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත මෙම කරුණු දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා රූපසිරි මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක්ද යොමු කොට ඇත.
පහත පලවන්නේ එම ලිපියය.