• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුහුණ කන්ද…! කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!

December 6, 2022
in Exclusive, Holiday
Reading Time: 2 mins read
A A
රුහුණ කන්ද…!  කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ ජෛව විවිධත්වයෙන් උපරිම පරිසර පද්ධතියක් වන කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි රුහුණ කන්ද පිළිබඳවයි. සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටි මෙම රුහුණ කන්ද වන පියස දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ තෝතැන්නකි. විවිධ පක්ෂීන්, උරගයන්, කෘමි විශේෂ, මැඩි විශේෂ, ක්ෂීරපායීන් මෙන්ම ඉතා දුර්ලභ සමනල් විශේෂද මෙම වනාන්තරයේ දැකගත හැකියි. මගුරු ගඟ රුහුණ කන්ද වනාන්තරය හරහා ගලා යෑම නිසා තවත් අමතර ආකර්ෂණීය බවක් ඊට එක්ව තිබෙනවා. මෙම වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් ලෙස හැඳින්වෙනවා. රුහුණ කන්දේ විශේෂත්වයක් වන්නේ නිවාස තුනකින් පමණක් සමන්විත කුඩා ගම්මානයක් මෙම වනාන්තරය තුළ පිහිටා තිබීමයි. ගම්වැසියන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිසරට ආදරය කරන අය වීම ඉතා අගය කළ යුතු කරුණකි.

රුහුණ කන්ද පර්යේෂණ මධ්‍යස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. පර්යේෂණ, අධ්‍යයනය, ක්ෂේත්‍ර චාරිකා සහ පරිසර සංරක්ෂණය යන කටයුතු එම මධ්‍යස්ථානය හරහා සිදුකරන සේවාවලින් කිහිපයකි. උණහපුළුවා, පලා පොලඟා, වලිකුකුළා, අළු කෑ`දැත්තා, ඉන්දියන් පිත්තා, ගොනුස්සා, ඇහැටුල්ලා, මකුළුවන්, රත් කෑරලා, පිනුම් කටුස්සා සහ මැඩි වර්ග, මෙරටට ආවේණික මිරිදිය මසුන්, බත්කූරා, කුඩා කුහුඹු වර්ග, විෂ සහිත කඩි විශේෂ, විවිධ මල් වර්ග, ඒක දේශීය ශාක සහ ඕකිඩ් වර්ග ද මෙහි දැකගන්නට ලැබෙනවා. පිටතඹල වන බස්සා, ඒකදේශීය පඬුවන් බස්සා, වත රතු මල් කොහා, අළු දෙමළිච්චා, කැහිබෙල්ලා ආදී පක්ෂීන්ද සුලබව මෙහි දැකගත හැකිය.

කුරුලු විශේෂ 52ක් පමණ රුහුණ කන්ද වනාන්තරය තුළදී නිරීක්ෂණය කළ හැකි බව වාර්තාවල සඳහන්ය. නොඉඳුල් පරිසරය විඳගැනීමටත්, පරිසර අධ්‍යයනයන්ටත්, සොබාදහම සුරැකීමටත් මේ සුන්දර වනාන්තරයට යෑමට දැන් ඔබට අවස්ථාව විවරව තිබෙනවා. ඒ උදෙසා වන මාර්ගෝපදේශකත්වය සහ දැනුම බෙදාදීම සඳහා රුහුණ කන්ද සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඔබ මේ සොඳුරු වන පියසට එන්නේ නම් පා සටහන් පමණක් ඉතිරි කර ආපසු යෑමට වග බලාගන්න. කිසිවක් රැගෙන නොයන්න. රුහුණු කන්ද සංචාරක මධ්‍යස්ථානයේ වැඩමුළු පැවැත්වීම සඳහා සහ රාත්‍රී නවාතැන් ගැනීම සඳහාද පහසුකම් පවතින අතර මස් මාංශ සහ මත්පැන්වලින් තොරව ආහාර ගැනීමට අදාළ නීතිරීති පද්ධතියක්ද එහි ක්‍රියාත්මක වේ. 2009 සහ 2011 වසරවල ආරම්භ වූ මෙම සංචාරක හා පර්යේෂණ මධ්‍යස්ථානය හෙක්ටයාර 5,000කින් පමණ සමන්විත වන්නකි. එම මිනුම්කරණය සිදුකර ඇත්තේ 1920දීය.

රුහුණ කන්ද පරිසර පද්ධතියට පැමිණීම සඳහා වඩාත් සුදුසු කාලසීමාව වන්නේ දෙසැම්බර් සිට මාර්තු දක්වා වන කාලපරිච්ඡේදය බව හඳුනාගෙන ඇත. එම කාලසීමාව තුළ වර්ෂාපතනය අඩු වීම ඊට හේතුවයි.

සිංහරාජ වනාන්තරය හා සමානත්වයේලා සැලකිය හැකි වටිනා පරිසර පද්ධතියක් වන මෙම රුහුණ කන්ද වනාන්තරය රැකගැනීම පරිසරට ආදරය කරන සැමගේ වගකීමක් බව ‘කැලෑ කොලමේ’ අපි සිහිපත් කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අතිශය කාලීන විශිෂ්ට කාටූන් චිත්‍රයක්!

Next Post

ඩයනා බ්‍රිතාන්‍යය පුරවැසියෙක්! එයාට ලංකාවෙ පුරවැසිභාවය නෑ! රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් දෙන්න බෑ! හිටපු ආගමන විගමන පාලක රූපසිරි මහතා 2021.12.15 මේ ලියුම ගහපු නිසාද මාරු කළේ? (PHOTO & VIDEO)

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.