• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කෙසෙල්වත්තේ පවාස්’ මැරුවේ ඉන්දියාවේ හිර බත් කන ‘ධනේෂ්’! පාතාලයම හෙල්ලුම් කෑ අලුත්ම චරිතය කලඑළි බසී!

December 14, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කෙසෙල්වත්තේ පවාස්’ මැරුවේ ඉන්දියාවේ හිර බත් කන ‘ධනේෂ්’! පාතාලයම හෙල්ලුම් කෑ අලුත්ම චරිතය කලඑළි බසී!
Share on WhatsAppShare on Facebook

පාතාලය දැන් ගේම් ගසන්නේ අමුතු විදියටය. ඒ පොලීසියටද කිසිවක් සිතාගන්නට බැරි වෙන්නටය. පුදුමය නම් ඒ ගේම්වලට පොලීසියත් හසුවීමය. ඒ නිසාම ඇතැම් ගේම් ගැසූවන් පොලීසියට අල්ලාගන්නටවත් බැරිය.

මේ අවුරුද්දේ මුල පානදුරේදී මහා දවාලයේ වෙඩි තබා ඝාතනය කළ ධීවර කාර්මිකයාගේ ඝාතකයා අදටත් නිදැල්ලේය. නිදැල්ලේ යැයි කීවාට පොලීසියත් නොමඟ යවා ඝාතකයෝ රටින් පැන්නුවේ යැයි සඳහන් කළහොත් වරදක් නැත. ඒ පිටුපස සිටින්නේ මතුගම ශාන් සහ පානදුරේ කුඩු සලිඳුය. මේ දෙන්නාටම දේශපාලනඥයන් සහ පොලීසියේ ඇතැම් ඉහළ දූෂිත නිලධාරීන් සමග ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. ධීවර කාර්මිකයාට වෙඩිතැබූ ටී 56 අවිය බව කියමින් පානදුරේ කනත්තක තිබී ගිනි අවියක් පොලීසිය සොයා ගන්නේත් එම ඝාතනයට ගමන් කළ යතුරුපැදිය යැයි කියමින් බොල්ගොඩ ගඟෙන් යතුරුපැදියක් ගොඩගන්නේත් මේ දෙන්නාගේ අතිදක්ෂ මොළගෙඩිවලින් පොලීසිය නොමඟ යවමනි. පොලීසිය ඔවුන් ඇන්දුවේ යැයි කීවොත් එය නිවැරදිය. ඒ අස්සේ වෙඩික්කරුව බෝට්ටුවක පටවා ඉන්දියාවට යැවූ ඔවුන් යතුරුපැදිකරුව ඩුබායි යවන්නේ කටුනායක ගුවන් තොටුපළින් ගුවන් යානයකට ගොඩකරමිනි.

අන්තිමට සලිඳු නමැති පාතාල අපරාධකරු අතුරුදන්වන්නේ ඔහු හරියට ඉන්න තැනක්වත් සොයාගන්නට බැරිවන්නටය. ඒ අතර ඔහු සැඟවී සිටින තැන සිට බණ්ඩාරගමදී තරුණයන් දෙදෙනකුගේ දෑත් කප්පවන්නේ ඔහුට අයත් මත්කුඩු කිලෝ 40ක් අල්ලන්නට පොලීසියට ඔත්තු දීමේ වරදටය. මහා දවාලයේ දොනෝදාහක් බලා සිටියදී දෑත් වෙන්වන්නට කපා දමා සිදුකරන ඒ මහා අපරාධය ඔහු මෙහෙයවන්නේ පිටරටක සිටය. සලිඳු වෙනුවෙන් එම අපරාධය සිදුකරන්නේ මිනිස් ඝාතනයකට හිරේ ගොස් ඊට දින කිහිපයකට පෙර ඇප මත එළියට පැමිණි කුලී ඝාතකයෙක් යොදාගෙනය.

පොලීසිය ඒ කුලී ඝාතකයාව හඳුනාගත්තද අල්ලාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ කුඩු සලිඳුගේ පොලිස් ඔත්තු ජාලයේ බලවත්කම නිසාය. වරක් එම අපරාධකරුව පානදුර අධිකරණයට භාරදීමට සූදානම් විය. ඒ, පොලීසිය ඔහුව ආයුධ පෙන්වන්නට ගෙනයාවි යැයි බිය නිසා වන්නට පුළුවන. අධිකරණය ඔහුව එදා භාරනොගත්තද පොලීසියේ දෑස්වලට වැලි ගසමින් ඔහු පැනගත්තේ නීතිඥවරියකට පින් සිදුවන්නටය. පසුව අතුරුදන්ව සිටි ඔහු මතුවන්නේ කතරගමිනි. කතරගම පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ යැයි කියන්නේ ගංජා තොගයක් සමගිනි. පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටින පොලීසියේම නිලධාරියෙක්ගෙන් ලද ඔත්තුවකින් කතරගම පොලීසියේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේ යැයි කියැවිණි. එහිදී අඩුම තරමින් මේ පුද්ගලයාගේ වතගොතවත් කතරගම පොලීසිය සෙව්වේ නැත. කෙළින්ම අධිකරණයට ඉදිරිපත් කළේය. දැන් ඔහු සිටින්නේ ඔහුට ඇති හොඳම ආරක්ෂිත ස්ථානය වන සිරගෙදරය. වාර්තා වන ආකාරයට අනුව එයත් කුඩු සලිඳුගේ සැලසුමකි.
සලිඳුගේ ගුරුන්නාන්සේ බව කියන මතුගම ශාන්ද පහුගිය කාලය පුරාම සිටියේ පොලීසියට කට්ටි පනිමින් සැඟවීය. පසුගිය ආණ්ඩු කිහිපයකම ප්‍රබල ඇමැතිකම් දැරූවකුගේ සුවච කීකරු අයකු වූ ශාන් අතුරුදන්ව ඇතැයි ඊයේ පෙරේදා දිනෙක පොලීසියට පැමිණිල්ලක් කරන්නේ ඔහුගේ බිරියය. සැබෑ ලෙසම ශාන් අතුරුදන් වුණේද, නැතිනම් වෙනත් නමකින් රටින් පැනගත්තේදැයි කියන්නට බැරිය.

කොළඹ පරණ යොන් වීදියේදී ඉකුත් 04 වැනිදා මහා රෑ සිදුවන ඝාතනය පිටුපසද ඇත්තේ මෙතෙක් හෙළි නොවූ පාතාල ගැටුමකි. එදා ඝාතනය වන්නේ මොහොමඩ් කමිල් මොහොමඩ් පවාස් නොහොත් කෙසෙල්වත්තේ පවාස් නමැති අපරාධකරුවෙකි.

කෙසෙල්වත්ත හොල්ලාගෙන සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන දිනුකගේ ගෝලයෙක් වන පවාස්ව මෙසේ ඝාතනය කරන්නේද දිනුකගේම ගෝලයන් පිරිසකි. කඩුවලින් කපා ඉතා අමානුෂික ලෙස මෙම ඝාතනය කරනුයේ කෙසෙල්වත්තේ පාතාල කිරුළට මේ වන විට පවතින සීතල යුද්ධයක ප්‍රතිඵලයක් ලෙසිනි.

පාතාල අපරාධකරුවන්ට එරෙහිව මෙරට සිදුවූ මෙහෙයුම්වලට බියෙන් සිය ජීවිතය රැක ගැනීමට රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රටට පැනගන්නේ 2012 වසරේ ජූලි 18 වැනිදාය. ඒ, වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඩුබායි පැනගත් ඔහු පසුව සිය සුරූපී බිරියවද එරටට ගෙන්වා ගත්තේය. කෙසෙල්වත්තේ පාතාලයේ සෙල්ලම් සියල්ලක්ම ඔහු දැම්මේ ඩුබායි සිටය. මත්කුඩු ජාවාරමෙන් සහ පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම පෞද්ගලික බස් රථවලින් ඔහු සිය ගෝලබාලයන් යොදවා කප්පම් රැස් කළේය. කප්පම් නොදුන් ව්‍යාපාරිකයන්ට සිදුවූයේ පහරකෑමටය. නැති නම් ව්‍යාපාර අතහැර වෙන කොහේට හෝ යන්නටය.

ඩුබායිහි රැඳෙමින් කෙසෙල්වත්තේ රජකළ දිනුක අබිරහස් ලෙස මරුමුවට පත්වන්නේ පසුගිය මාර්තුවේදීය. අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටි ඔහුගේ මරණයට හේතුව බව කියැවුණේ හෘදයාබාධයකි.

ඒ වන විට දිනුකගේ දකුණු අත බඳු දනුක රොෂාන් නොහොත් ධනේෂ් සිටියේ ඉන්දියාවේය. ධනේෂ් යනු ඉතාම දරුණු පාතාල අපරාධකරුවෙකි. මේ වන විට ඔහු සිටින්නේ ඉන්දියාවේ පරිමේෂ්වරන් සිර කඳවුරේය. පහුගිය කාලයේ ඉන්දියානු පොලීසිය අල්ලාගත් කිඹුලාඇල ගුණා, පූකුඩිකන්නා, කොටගාමිණී, වැල්ලේ සුරංග, ලඩියා, කෙනඩි, සුරේෂ් ඇතුළු බොහෝ පිරිසක් රඳවා සිටින්නේ එහිය. හැබැයි එය සිර කඳවුරක් යැයි කීවාට ඔවුන්ට එහි ඇත්තේ සිය නිවෙස්වලට වඩා වැඩි සැපකි. උයාපිහාගෙන කන්න බොන්න වගේම දුරකතන භාවිත කිරීමේ පහසුකම්ද එහි ඕනෑ තරම්ය.

මේ වන විට බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව පවාස්ගේ ඝාතනය මෙහෙයවා ඇතැයි කියන්නේ ධනේෂ්ය. ඒ, ඉන්දියාවේ හිරගෙදර සිටය. 2015 වසරේ මහ මැතිවරණයේ රවී කරුණානායක ඇමැතිවරයාගේ දේශපාලන වැඩකටයුතුවල නිරතව සිටියදී කොටහේනේදී දෙමටගොඩ චමින්දගේ කල්ලිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ග තකර සිටියදී ඉන්දියාවට පලාගිය ඔහු මේ දක්වා සිටින්නේ ඉන්දියාවේය. අවස්ථා කිහිපයකදී ඔහු බෝට්ටු මගින් මෙරටට පැමිණ ගොස් ඇති බවද කියැවේ. ගම්පහ ඔස්මන්ඩ්ට වෙඩිතබන්නට වරක් ටී 56 අවි 03ක් සමග පැමිණි කණ්ඩායමේද ඔහු සිටියේ යැයි කියනුයේ බෝට්ටුවකින් මෙරටට පැමිණි අවස්ථාවකදීය.
පවාස් ඝාතනයට මුල්වී ඇතැයි පැවසෙන්නේ දිනුකගේ තැන ගෙන ඔහු කෙසෙල්වත්තේ සහ ආමර්වීදියේ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ගැනීමට පටන්ගැනීම නිසාය.

මට්ටක්කුලියේදී සිය ප්‍රතිවාදියකුට නියනකින් ඇන හිරේට ගොස් ඇප ලබා පැමිණ සිටි පවාස් ඒ හයිය වෙළෙඳුන්ට පෙන්නුවේය. වෙළෙඳුන් ඔහුට කප්පම් දුන්නේ ඒ නිසාය. පවාස්ට වැඩේ දෙන්නට ධනේෂ් තෝරාගෙන ඇත්තේද පවාස් සමග එකට සිටි කවීස් නමැත්තාය. ඊට මුල්වන්නේ කවීස්ගේ සහෝදරයාගේ මාලයක් කැඩීම හේතුවෙන් ඒ වන විට පවාස් සමග කවීස යම් හිත් තැවුලකින් සිටින බව දැනගෙනය. ඉන්දියාවේ හිරේ ඉඳන් ධනේෂ් හීන් නූල් සූත්තරයක් දමා තමාට අනාගතයේ එල්ලවන අභියෝගය නිහඬ කරන්නේ පවාස්ගේ මරණය කවීසගේ අතින් සිදුකරමිනි. කොළඹ අපරාධ කොට්ඨාසය පවාස්ගේ ඝාතනයට සම්බන්ධ වූවෝ සෑම අයෙක්ම පාහේ පැය 48ක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගත්තද පැය 24කට වඩා ඔවුන්ව රඳවාගෙන පරීක්ෂණ කිරීමට ඉඩක් නොවීය. ඒ, අධිකරණයට ඉදිරිපත් කර දින කිහිපයක් රඳවා ගැනීමට අදහස් කළද ඊට අධිකරණයෙන් ඉඩක් නොලබා සියලුම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන බැවිනි. ඒ නිසාම පවාස් ඝාතනයේ ධනේෂ්ගේ භූමිකාව පැහැදිලිවම හෙළිකර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ඉඩක් නොවීය. ඒ ඉන්දියාවේ හිරේ හිටියත් ධනේෂ්ට මෙරට බොහෝ තැන්වල සම්බන්ධකම් ඇති බැවින් කළ යුත්තේ කුමක්දැයි හොඳ දැනීමක් ඔහුට ඇති බැවිනි.

සම්පත් ජයවික්‍රම

SendShareShare
Previous Post

මහබැංකුවට එරෙහිව නීතීඥ සංගමය උසාවි යයි!

Next Post

විමල් ආණ්ඩුවේ පාවාදීම් වලට ගහයි! ගිවිසුම් වලටත් ගහයි! GRට MRට BRට නොගහයි! ඔක්කොම කුණු ටික PB පිට යවයි! (Video)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.