හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ තවත් අයගෙන් සමන්විත ‘අම්මාන් බලකාය’ නමින් නව සංවිධානයක් පිහිටුවන බව නිවේදනය කර තිබේ.Sri Lanka Latest News
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායකයා ලෙස කටයුතු කරන විනයගමූර්ති මුරලිදරන් ජනාධිපතිවරණ සටනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සහාය ප්‍රකාශ කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලිදරන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති පාලනය විවේචනය කළ අතර, එම කාලසීමාව තුළ ජාතියේ පසුබෑම ඔහු “අගාධයක්” ලෙස විස්තර කර ඇත.
ඉදිරි දේශපාලනයය සම්බන්ධයෙන් සහයෝගී ප්‍රවේශයක් ගැන ඉඟි කරමින් කරුණා අම්මාන් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළහොත් ඔහුට සහාය දැක්වීමට තම පක්ෂයේ සූදානම තහවුරු කළේය.
කරුණා අම්මාන් යනු එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු නායකයා වන අතර පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව දේශපාලන කටයුතු කළ අයෙකි.
එවකදී ඔහු ශ්‍රීලනිපයේ උපසභාපතිවරයකු වශයෙන්ද කටයුතු කළේය.