සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසකගේ වත්කම් හා බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිතා කරන බැංකු ගිණුම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)
අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂවරුන් දක්වාත් ඖෂධවේදීන්ගේත් වත්කම් ඒ අනුව පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.
දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්න සහගත බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන තොරතුරු හා සිවිල් සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බලා මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
hirunews










