• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පැරදි-පැරදි, එහෙට-මෙහෙට, පැන-පැන, නාකි වෙවී නායකයෝ වෙලා ඉන්න, අපේ එවුන්ටයි මේ කියන්නේ අහගන්ඩකො ජෙසින්ඩාගෙන්…

January 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පැරදි-පැරදි, එහෙට-මෙහෙට, පැන-පැන, නාකි වෙවී නායකයෝ වෙලා ඉන්න, අපේ එවුන්ටයි මේ කියන්නේ අහගන්ඩකො ජෙසින්ඩාගෙන්…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

‘තණ්හාව යනු මමත්වයෙන් භවය කෙරෙහි ඇති බැඳීම’ බව බුද්ධ ධර්මය පෙන්වා දෙයි. බෞද්ධ ග්‍රන්ථවල තණ්හාව ආකාරයන් තුනකින් දක්වා ඇත. එය, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙසින් අර්ථකථනය කර ඇත. භව තණ්හා යන්නෙන් දක්වා ඇත්තේ වර්තමාන භවයට ඇති කැමැත්තය. එනම් විවිධ සැප සම්පත්, බලයෙන් ආඪ්‍යවීම්, තනතුරුවලින් පිරිපුන් වීම් ආදී විවිධ කරුණු ගෙනහැර දැක්විය හැකිය. කෙටියෙන් කිවහොත් එය භවයට ඇති ඡන්ද රාගයයි. කාම තණ්හාව යනුවෙන් පෙන්වා ඇත්තේ පංච කාම වස්තූන්ට ඇති ලොල් බවයි. එනම් ලෞකික සැප සම්පත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට ඇති රාගයයි. මෙම තණ්හා වර්ගයන් දෙකටම අමතරව දක්වා ඇති විභව තණ්හාව මෙයට වෙනස් ආකාරයක් ගනී. එනම් විභව තණ්හාව යනු වර්තමාන භවයට ඇති අකැමැත්තයි. බුද්ධ දේශනාවට අනුව එලෙස භවයට ඇති අකැමැත්තද එක්තරා තණ්හාවකි. එසේම තණ්හාව යනු දුකට මූලය බවද පෙන්වා දෙයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් තණ්හාව දෙආකාරයකි. එනම් සැප හෝ තමන් කැමැති දේ ලබාගැනීමට ඇති කැමැත්ත හා තමන් අකැමැති දේ දුරු කිරීමට ඇති කැමැත්තය. බුද්ධ දේශනාවට අනුව තණ්හාවෙන් නිදහස් වන තැනැත්තා සදාකාලික සතුට ලබාගනියි. යමෙකුගේ තණ්හාව ඔහුගේ දුකට මූලයයි. එමගින් අන් අයටද දුක ඇතිවෙයි…’

මෙම අතිශය වටිනා වදන් පෙළ ගැබ්වන්නේ බුද්ධ දේශනා ග්‍රන්ථවලය. අද අප රටේ තණ්හාව පිරුණු මිනිසුන් ඉන්නේ කොතැනකදැයි යමෙකු ඇසුවහොත් ලබාදෙන පිළිතුර කුමක්ද? මූලිකවම තණ්හාව පිරී ඇත්තේ මෙරට තුළ ඇති දේශපාලනයේය. පරම්පරා ගණනාවක සිටම මෙරට මුල් බැසගෙන ඇති පවුල්වාදී දේශපාලනය තුළ ඇත්තේ තණ්හාව උතුරා යන මහා බලලෝභයකි. සමහර පාර්ශ්ව මෙම දේශපාලන සංස්කෘතිය හඳුන්වන්නේ පවුල්වාදී දූෂිත ගජමිතුරු දේශපාලනය වශයෙනි. එම දේශපාලනික පවුල්වාදය කුමක්දැයි ජනතාවද හොඳින්ම හඳුනයි. මහජන සම්පත් සහ රටේ සම්පත් මුළුමනින්ම කාබාසිනියා කරමින් සහ සූරාකමින් මොවුන් සිදුකරන දේශපාලනික මංකොල්ල එදා ‘විජයබා කොල්ලය’ටත් වඩා භයානකය. ඔවුන් මේ සියල්ල කරන්නේ ජනතාවගේ සුඛවිහරණය සඳහා නොව තමන්ගේ පුද්ගලික සුඛවිහරණය සඳහාය. පසුගිය සමයේ ප්‍රචණ්ඩ ලෙස බලයේ එල්ලී සිටි ඒකාධිපති පවුල්වාදී දේශපාලකයන් ගණනාවකටම ජනතාව පාඩම් ඉගැන්වූයේය. එහෙත් පුදුමය නම් ඔවුන් තමන්ගේ ප්‍රධාන තනතුරු දමාගියත්, දැන් නැවත එම තනතුරු ගිලගැනීමට කෙළ හලමින් මාන බැලීමය. මේ මහලු දේශපාලකයන් අද ආතා, මුත්තා, කිරිකිත්තා, පනත්තා සහ කිරිකෑමුත්තාගේ තත්ත්වයට පත්ව සිටියද බල තණ්හාවෙන් කිසිදු අඩුවක් වී නැත. බුද්ධ දේශනාවේ කියන හැටියට මෙම බල තණ්හාවෙන් සිටින මිනිසුන් මතු භවයකදී ප්‍රේතයන්ව උපදියි.

මෙලෙස ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලගතු අකුසල කර්ම හේතු කරගෙනය. ප්‍රේතයන්ට වෙන්වූ වෙනම ලෝකයක් නැත. ප්‍රේතයෝ හිස් නිවාසවල, සොහොන් පිටිවල, පාළු ස්ථානවල, පර්වතවල ඕපපාතිකව උපත උරුම කරගන්නා බැව් පැවැසෙයි.

අද ඔබට බුද්ධ දේශනාවේ එන ‘තණ්හාය ජායතී සෝකෝ’ යන කරුණ සහ ‘ප්‍රේත වස්තුව’ ගැන ලියා තැබුවේ ඇයි? එනම් ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි එක්තරා බටහිර රටක වගතුගක් හේතුවෙනි. අපගේ රටේ ලොම් හැලුනු, වයසක දේශපාලකයන් තවමත් කෙළ පෙරමින් දේශපාලනික තනතුරු බලා සිටින මොහොතක එක්තරා අපූරු දේශපාලනික චරිතයක් තමන්ගේ රාජ්‍ය පාලන පුටුවෙන් කැමැත්තෙන්ම බැස ගිය කතාව එම සුවිශේෂ වගතුග වෙයි. එම චරිතය කාන්තාවක් වීමද එක්තරා විශේෂත්වයකි. මෙයට දින කිහිපයකට පෙරදී මෙම වගතුග අපට ඇසෙන්නට වූයේ නවසීලන්තයෙනි. ‘ඕෂනියා’ මහද්වීපයේ එක් රටක් වන නවසීලන්තය (New Zealand) යනු අපට නුහුරු රටක් නොවන ප්‍රකට දේශයකි. මෙයට දින කිහිපයකට පෙර ලොව කලඹන පුවතක් වූයේ නවසීලන්තයේ අගමැතිනිය වන ජසින්ඩා අර්ඩන් (Jacinda Ardern) තමාගේ කැමැත්තෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. දැනටද බොහෝ තරුණ වයසක පසුවන ඇය තව දුරටත් අගමැති ධුරයේ රැඳී සිටීමට අවස්ථාව තිබියදී මෙලෙස එම ධුරයෙන් ඉවත් වීම අතිශය සුවිශේෂ වාර්තාගත කතාවකි. සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය වූ රාජ්‍ය නායක තනතුරක් ඉවත දමා එයින් බැහැර වන්නේ ලෝකයේ සිටින රාජ්‍ය නායකයන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද? එහෙත් ජසින්ඩා අර්ඩන් නමැති මෙම සුවිශේෂ ගැහැනිය එම කැපකිරීම සිදුකිරීමට පියවර ගෙන ඇත.

නවසීලන්තයේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි. ජසින්ඩා අර්ඩන් නවසීලන්තයේ අගමැති ධුරයට පත්වන්නේ ලෝක වාර්තාවක්ද තබමිනි. එනම්, ඇය තමන්ට වයස අවුරුදු 37ක්ව තිබියදී මහ මැතිවරණයක් හරහා එරට බලයට පත්වන්නේ ලෝකයේ එතෙක් පත්වූ ළාබාලතම අගමැතිවරිය යන ලෝක වාර්තාවද ස්ථාපිත කරමිනි. එම ඓතිහාසික සිදුවීම වන්නේ 2017 වසරේ ඔක්තෝබර් 26 වැනිදාය. එනම් එය 06 අවුරුදු කාලයකට අගමැති ධුරය දැරීම සඳහාය. ඒ අනුව ඇය අතිබහුතර ඡන්ද ප්‍රතිශතයකින් එම ජයග්‍රහණය ලබාගත්තාය. එතැන් සිට අගමැති පුටුවේ වාඩිවූ ඇය මේ දක්වා එම තනතුර දරමින් සිටින්නීය. එහෙත් මෙයට දින කිහිපයකට පෙරදී ඇය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් පක්ෂ නායකත්වය දරන නවසීලන්ත කම්කරු පක්ෂයේ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. එය 2023 පෙබරවාරි 07 වැනිදා වන විට සිදුවනු ඇතැයි පැවසෙයි. ඒ අනුව ඇය තමන්ගේ අගමැති ධුර කාලය වසර 05ක් සම්පූර්ණ කරනු ඇතිය. නවසීලන්තයේ ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2023 ඔක්තෝබර් මාසයේදීය. කෙසේ වෙතත් එහිදී පෙනීයන්නේ ජසින්ඩා අර්ඩන්ට තවදුරටත් එම කාලය තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට හැකි බවය. එනම් නියමිත අගමැති ධුර කාලයට වඩා මාස 07ක පමණ කාලයකට පෙරදී ඇය තනතුරින් ඉවත් වීමට නියමිතය. පෙබරවාරි 07 වැනිදා ඇය ස්ථිර වශයෙන්ම කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන අතර, ඉන් පසුව දිනෙකදී අගමැති ධුරයෙන් ඉවත්වනු ඇත. මෙය දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් ස්ථිර තීරණයකි.

මෙම තත්ත්වය යටතේ දැනටමත් ඉදිරි නවසීලන්ත අගමැති ධුරය සඳහා කම්කරු පක්ෂයේම නයෝජ්‍ය නායකත්වයක් දරන දේශපාලකයකුගේ නම යෝජනා වී ඇත. ජසින්ඩා අර්ඩන් අගමැතිවරිය දැනට 42 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය අගමැති ධුරයට සමුදීම හේතුවෙන් මේ වන විට එරට නව අගමැතිවරයා ලෙස නවසීලන්ත රජයේ අමාත්‍ය ධුර කිහිපයක් දැරූ ප්‍රවීණ දේශපාලකයකු වන 44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) පත්වීම අනුමත කර ඇත. ඔහු ජනවාරි 25 වැනිදා සිට නවසීලන්තයේ නම්කළ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත. තත්ත්වය එසේ වුවද ඉදිරි 2023 ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව තවත් වසර 06ක් සඳහා නව අගමැතිවරයකු පත්කෙරෙනු ඇත. නවසීලන්තය යනු ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ ඉහළින් අගය කරනු ලබන රටක් වන අතර තමන්ගේ සියලු මැතිවරණ නිසි කාලයේදී පවත්වනු ලබන රටක්ද වෙයි.

ජසින්ඩා අර්ඩන් යනු තමන්ට වයස අවුරුදු 17ක්ව තිබියදී දේශපාලනයට පිවිසි තරුණියකි. ඒ අනුව ඇය මුලින්ම බොහෝ සමාජවාදී දේශපාලන කටයුතුලට පිවිසෙන්නීය. එහිදී ඇය ලෝක සමාජවාදී ව්‍යාපාරයක් වන ඔස්ටි්‍රයාවේ පිහිටුවා ඇති ජාත්‍යන්තර සමාජවාදී තරුණ සංගමය (International Union Of Socialist Youth) සමග බැඳී නවසීලන්තය තුළ සමාජවාදී තරුණ කටයුතු සිදුකරන්නීය. වසර කිහිපයක් ගතවී යත්ම ඇයගේ දැඩි කැපකිරීම සහ ක්‍රියාශීලීභාවය හේතුවෙන් ඇය එම සංගමයේ ලෝක සභාපති ධුරයටද පත්වන්නීය. එතැන් සිට ඇය නවසීලන්තයේ දේශපාලන ව්‍යාපාරයන්ටද යොමුවන අතර එරට කම්කරු පක්ෂයට සම්බන්ධ වී කටයුතු කරන්නීය. ඒ අනුව ඇයට ප්‍රථම වතාවට නවසීලන්ත කම්කරු පක්ෂයේ ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවන්නේය. ජයිස්ඩා අර්ඩන් ඉන් පසුව 2008 සිට 2017 දක්වා නොකඩාව තෙවතාවක්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකර ගන්නීය. වසර 09ක් පුරා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් දැරූ ඇය ඉන් පසුව තීරණය කරන්නේ ඉදිරියේදී ආසනයක් හරහා තරග කිරීමටය. ඒ අනුව ඇය කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇගේ මවුන්ට් ඇල්බර්ට් ආසනයට තරග කරන්නීය. එහිදී ඇය 2017 වසරේදී එම ආසනය ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන්නීය. එතැන් සිට තෙවතාවක්ම මේ වසර දක්වාම ඇය එම ආසනය ජයග්‍රහණය කළාය. ඇය එහෙයින් ඉතා ප්‍රබල ජනතාවාදී දේශපාලනික නායකයකු වූවාය. පොදු ජනතාව අතර ඇය අතිශයින් ප්‍රකට චරිතයක් වූවාය. 2017 වසරේදීම ඇයගේ ජීවිතයේ සංක්‍රාන්තිය සහ හැරවුම් ලක්ෂ්‍යය උදාවන්නේ ඇය නවසීලන්ත කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වීම හරහාය. එසේම අනෙක් සුවිශේෂ වගතුග වන්නේ ඇය එම 2017 වසරේදීම නවසීලන්තයේ විපක්ෂ නායක ධුරයටද පත්වීමය. එම වටපිටාවේ උච්චතම කතාව නිම වන්නේ එම වසරේදීම ජසින්ඩා අර්ඩන් නවසීලන්තයේ අගමැති ධුරයට පත්වීමෙනි. මේ අනුව බලන කල ඇය තමාට වයස අවුරුදු 17ක්ව තිබියදී දේශපාලනයට පිවිස වයස අවුරුදු 37ක් වන විටදී එනම් වසර 20ක් වැනි කෙටි කාලයක් තුළදී අගමැති ධුරයටද පත්වූවාය. ඇය උගත්, පරිචයක් ඇති කාන්තාවක් වන අතර, නවසීලන්තයේ ඇති පැරැණිතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන වයිකාටෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (State University of Waikato) දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිණියකද වන්නීය.

දැන් ඔබ ජසින්තා අර්ඩන්ගේ මූලාරම්භ ජීවිතය කුමක්දැයි අවබෝධ කරගෙන ඇත. එසේ නම් ඇයගේ අගමැති ධුරයේ වගතුග කුමක්ද? අප ඒ ගැන යමක් සොයා බලමු. සත්‍ය ලෙසම ඇයගේ අගමැති ධුරයේ පරිචය සුවිශේෂ එකකි. එනම් එය ලෝක නායකයන්ගේ පරිචයන්ගෙන් ඉතා කැපීපෙනෙන පරිචයක් ලෙස හැඳින්විය හැකිය. ඇය තමන්ගේ රට සහ ජනතාව වෙනුවෙන් බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් වසර 06කට ආසන්න කාලය කටයුතු කළාය. ඇය සැබැවින්ම ලෝකයේ සිටින පරිණත දේශපාලන සහ රාජ්‍ය නායකයන්ද අභිභවා යන අයුරින් තම රාජ්‍ය පාලනය සිදුකළාය. එනම් එකල ජසින්ඩා අර්ඩන් ලොව ප්‍රකට නායිකාවක් බවට පත්වූයේ තම රට තුළ කොවිඩ් 19 වසංගතය මර්දනය කරගැනීමට දැක්වූ අසීමිත ශක්තියයි. ලෝකයේ එම මාරක වසංගතය ඇරැඹි දිනයේ සිට ඇය තමන්ගේ රටේ ජනතාව කොවිඩ් මාරයාගෙන් බේරාගැනීම සඳහා දිවා රාත්‍රී වෙහෙස ගනිමින් කටයුතු කළාය. එකල බටහිර රටවල් රැසක්ම කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකිව එම රාජ්‍ය නායකයන් පිස්සු නටද්දී ඇය නිරන්තරයෙන්ම බුද්ධියෙන් කටයුතු කළාය. ඒ අනුව කොවිඩ් මුල් සමයේදී කොරෝනා වසංගතය ඉතා හොඳින් මර්දනය කරන ලද රටක් බවට ලෝකය තුළ නවසීලන්තය මහත් ප්‍රශංසාවට ලක්විය. ඇය තමාගේ රට තුළ දීර්ඝ කාලයක් පුරා දේශසීමා විවෘත නොකර තබාගනිමින් වසංගතය මෙල්ල කරගැනීමට සමත් වූවාය. එහෙත් කෙසේ හෝ පසු කාලයකදී ලොව පුරාම කොවිඩ් වසංගතය අතිශය උච්ච වන විටදී නවසීලන්තය තුළද රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කළේය. එසේ වුවද නවසීලන්තය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව අතිශයින් අඩු තත්ත්වයකට පත්කර ගැනීමට සමත් විය. බටහිර රටවල් සියල්ලකම පාහේ එක් රටකට අදාළව කොවිඩ් මරණ දස දහස් ගණනින් වාර්තා වී තිබුණද නවසීලන්තයෙන් මුළු වසංගත කාලය පුරාවටම වාර්තා වී තිබුණේ මරණ 2,300ක පමණ අඩු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවෙන්ද එකල කොවිඩ් මරණ 16,825ක් වාර්තා වී තිබිණි. නවසීලන්තය යනු දූපත් රාජ්‍යයක් වන අතර, එහි වත්මන් ජනගහනය ලක්ෂ 52ක් පමණ වෙයි. මෙම කොවිඩ් වසංගත සමයේදී අගමැතිනි ජසින්ඩා අර්ඩන්ගේ දූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් එය සාර්ථකව මැඬපවත්වා ගත්තේය.

ජසින්ඩා අර්ඩන් කොවිඩ් වසංගතය පමණක් නොව, තම පාලන කාලය තුළ පැවැති නොයෙකුත් අභියෝග රාශියකට නිර්භයව මුහුණ දුන් යකඩ ගැහැනියකි. ඇයගේ පාලන කාලයේදී පුද්ගලයන් 50කට අධික පිරිසක් ඝාතනය කෙරුණු ‘ක්‍රයිස්ට්චර්ච්’ දේවස්ථානයේ ප්‍රහාරයට අදාළවද ඇය නිසි පියවර වහා ගනිමින් කටයුතු කළාය. නවසීලන්තය තුළ ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවීමට එරෙහිව ඇය බොහෝ කඩිනමින් අවශ්‍ය පියවර ගෙන තිබුණාය. එමෙන්ම ඇයගේ පාලන කාලය තුළදී සිදුවූ ස්වභාවික විපතක් වන ගිනිකඳු පිපිරීමට අදාළව ඇය ජනතාව ආරක්ෂා කරගැනීමේ මහා මෙහෙවරක නිරත වුණාය. එසේම ඇයගේ පාලන කාලය ආරම්භ වන විටදී රට තුළ පැවැති දරුණු මූල්‍ය අර්බුදයකට ඇය ඉතා බුද්ධිමත් අයුරින් විසඳුම් ලබාදීමට කටයුතු කළාය. මේ වන විට නවසීලන්තයේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 47,278ක් වැනි ඉතා ඉහළ අගයකි. ඇයගේ පාලන කාලයේදී එම තත්ත්වය ඉහළ නැංවුණු අතර නවසීලන්තයේ බහුතර ජනතාව මේ වන විට ධනවතුන්ගේ තත්ත්වයේ සිටියි. මේ ආකාරයට ඇයගේ වසර 06කට අඩු පාලන කාලය තුළදී ජනතාවට අත්වූ සුබසාධනයන්ද බොහෝය.

මෙම සුවිශේෂ යකඩ ගැහැනියගේ රාජ්‍ය තනතුරුවලින් නික්ම යෑමේ අලුත්ම පුවත හේතුවෙන් නවසීලන්තයේ ජනතාව මේ වන විට බොහෝ සංවේගයට පත්ව සිටින බව වාර්තා වෙයි. එහෙත් එහිදී ඇය ජනතාව වෙනුවෙන් ගතසිත කීරිගැසී යන පුදුමාකාර ප්‍රකාශයක් සිදුකර ඇත. එහි යම් සුවිශේෂ කොටසක් ඇගේ වදනින්ම මෙසේ අසමු.

‘මේක ගිම්හාන ඍතුවයි. අගමැති ධුරය සඳහා ඉතිරිව තිබෙන කාලයත්, ඊළඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ ශක්තියත් මට තිබෙනවාද කියලා මම හොඳින් කල්පනා කළා. ඔව්, ඒ සඳහා ශක්තිය මා තුළ නැති බව මට අවබෝධ වුණා. ඉතින් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරන්න මම තීරණය කළා. ඒ වගේම ඔක්තෝබර් මාසය දක්වා නොසිට මම මේ පෙබරවාරි මාසයේ 07 වැනිදා වන විට අගමැති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කරන්න ඕනෙ. ගෙවුණු වසර පහමාරක කාලය, මගේ ජීවිතයේ තෘප්තිමත්ම කාලය බව මම කියනවා. නමුත් එම කාලයේදී මම අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ අභියෝග රැසක්ම ජයගැනීමට මට හැකිවුණා. එහිදී බරපතළ තීන්දු තීරණ ගැනීමටද මට පැවරී තිබුණා. මගේ ඉවත්වීම එවැනි තීන්දු තීරණවලට අදාළ එකක් නොවූ බවත් මම ප්‍රකාශ කළ යුතුයි. එසේ වූවා නම් මම අගමැති ධුරයෙන් ඒ කාලයේදීම ඉවත් වෙනවා. ඒත් මම ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මෙම තනතුර ඉතා වගකීම්සහගත එකක්. මෙම තනතුර දැරීමට ඔබ සුදුසුද කියා ඔබ විසින්ම තීරණය කරගත යුතුයි. මට එය කරන්නට පුළුවන් නිසයි මම එය භාරගත්තේ. එහෙත් මට දැන් ඒ ශක්තිය නැහැ. ඒ නිසයි මම තනතුරුවලින් ඉවත් වන්නේ. රැකියා, අධ්‍යාපන සහ නිවාස ප්‍රශ්න රාශියක් අපි පසුගිය කාලයේ විසඳුවා. ජනතාවගේ පඩිනඩි වැඩිකර දෙන්නට හැකිවුණා. වැඩකරන ජනතාවට සහනයක් වන විදියට අපගේ ආර්ථික සැලසුම් වෙනස් කළා. සැබැවින්ම මා ඉවත් වීමට තීරණය කළේ ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපට නොහැකි යැයි සිතා නොවේ. ඊළඟ මැතිවරණය අප නිසැක ලෙසම ජයග්‍රහණය කරන බව මට විශ්වාසයි. එහෙත් ඒ අභියෝගය අලුත් කණ්ඩායමක් විසින් භාරගත යුතුයි. දේශපාලනඥයන්ද මනුෂ්‍යයන්ය. නිසි කාලය පැමිණි විටදී අප එයින් සමුගත යුතුයි. ඒ නිසා මේ පැමිණ තිබෙන්නේ මා නික්ම යා යුතු කාලයයි. මම එයට ගරු කරමින් නික්ම යනවා…’ යැයි ජසින්ඩා අර්ඩන් හැඟීම්බර කතාවක් සිදුකර ඇත.

ජසින්ඩා අර්ඩන් නවසීලන්තයේ ජනතාව අතර කෙතරම් ජනප්‍රියද යත්, එය හඳුන්වන්නේ ‘ජසින්ඩා මේනියා’ (Jacinda Mania) නොහොත් ‘ජසින්ඩා උන්මාදය’ ලෙසිනි.



ප්‍රියන්ත හෙට්ටිගේ

Share357Tweet223SendShare89
Previous Post

මැරයො එක්ක ඩීල් දාන අලුගෝසු පෙම් රැල්ල…

Next Post

මාලිමාවේ නායකයොයි ඒකේ අනිත් අයයි තමයි අපේ නායකයාට ගහන්න පටන් ගත්තේ! මේක තමයි රනිල්ට ඕනේ! VIDEO

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version