පාර්ලිමේන්තුවේදී ඊයේ දින සිය කතාව කරමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ආණ්ඩුවේ කටයුතු රැසක් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී මුතුරාජවෙල ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ මන්ත්‍රීවරයා යෝජනා වී තිබුණේ එය ජාතික වනෝද්‍යානයක් බවට පත්කිරීම වූවත් එය ඉටු වී නැති බව පෙන්වා දුන්නේය.
එමෛන්ම පැන්ඩෝරා හොරු පිළිබදව පරීක්ෂණ කළ යුතු බව කී වීරසුමන මහතා ඒ ගිණුම්වල ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් බවද කියා සිටියේය.