• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි දිනේදී චැතැම් වීදියේ මීටර් 50ක්වත් පුරවගන්න සජිත්ට බැරිවුණාද? සමාජ මාධ්‍ය ජාලාවල උඩ දදා ගහන කතාව ඇත්තක්ද? මේ වීඩියෝව බලලම තීන්දු කරන්න! VIDEO I Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

මැයි පළමුදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සිදු කරනු ලබනවා. මෙරට සියලුම පක්ෂ මහත් උනන්දුවකින් සංවිධානය කරන මැයි දින සැමරුම විශේෂයෙන් මෙවර මැතිවරණ උණුසුම මධ්‍යයේ වැඩිම ජන ගඟක් ගෙන්වමින් තම තමන්ගේ පක්ෂයේ ජන බලය පෙන්වීමට කටයුතු සිදු කෙරෙනවා. මේ අතර සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි රැළියේ සෙනඟ නොමැති බව ට එනම් ජන බලය අවම බවට දක්විමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනක් කිරීමට පියවර ගත්තා.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“චැතැම් වීදියේ මීටර් 50ක් වත් පුරවගන්න බැරි පුතානෝ.

චැතැම් වීදියවත් පුරවගන්ඩ බැරි සජබෙ විහාරමහා දේවි උද්‍යානෙ ලැබුනෙ නෑ කියල කෑ ගහනවා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. එම ඡායාරූපයෙන් පෙන්වා දීම උත්සහ කර තිබුණේ, සමගි ජන බලවේගයේ මැයි රැළිය සඳහා අඩු පිරිසක් රැස්ව සිටි බවයි.

මෙම ඡායාරූප සටහන් ඇතැම් ෆේස්බුක් පිටු විසින් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලෝක කම්කරු දිනයට සමගාමී ව ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ 2024 මැයි දිනය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය පස්වරු 3.00ට කොළඹ කොටුව චැතැම් වීදීයේදී පැවැත්වුණා.

සමගි රටක් – අනගි හෙටක් යන්න මෙවර එහි තේමාවයි.එම රැළිය සඳහා චැතැම් වීදියේ මීටර් 50ක් දිගට වත් සෙනඟ නොමැති බවට දක්වමින් පළවූ සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් අප මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෙම අවස්ථාවේ සජීවි විකාශය වෙත අවධානය යොමු කළා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ චැතැම් වීදියේ සජබෙ මැයි රැළිය සඳහා ජනගඟක් පැමිණ තිබූ බවයි. එම අවස්ථාවේ ඩ්‍රෝන වලින් ලබා ගත් දර්ශන වලින් ද, එය මනාවට දිස් වනු ලැබේ.

මැයි රැළිය ආරම්භක අවස්ථාවේ ජනතාව එක් රැස් වෙන අවස්ථාවේ පමණක් ජනතාව මද වශයෙන් තැනින් තැන අඩුවක් වශයෙන් දැක ගැනීමට හැකි වූවත්, විපක්ෂ නායකවරයා පැමිණෙන අවස්ථාවේ වන විට චැතැම් වීදිය සම්පූර්ණයෙන් ම ජනතාවගෙන් පිරී තිබෙනු දැක ගැනීමට හැකිවේ.

ප්‍රධාන මාධ්‍ය ධාරා ද, එම අවස්ථා ආවරණය කර තිබූ අතර එහිදීද, සමගි ජන බලවේගයේ මැයි රැළියට ජනතාව පැමිණීමේ අඩුවක් දැක ගන්නට නොලැබුණි. 

සිරස ආවරණය!

හිරු ආවරණය!

දෙරණ ආවරණය!

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

කෙසේ වෙතත් මෙම අවස්ථාව ඩ්‍රෝන මගින් ආවරණය කළ ‘Drone Mudiyanse’ ආයතනයෙන්ද, අප විමසීමක් කළ අතර සමගි ජන බලවේගය මගින් පැවැත්වූ මැයි රැළිය සඳහා චැතැම් වීදිය සහ අතුරු පාරවල් පුරා ද, සෙනඟ වැඩි වශයෙන් රැස්ව සිටි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මැයි දින සැමරුම සඳහා සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි රැළිය සඳහා චැතැම් වීදියේ මීටර් 50කටවත් පිරෙන්න සෙනඟ නොමැති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. එම අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප මාධ්‍ය වාර්තා වල පෙන්වා දෙන පරිදි මෙන් ම එම අවස්ථාවේ ඩ්‍රෝන දර්ශන ලබා දුන් ආයතනයද, පවසන්නේ එම රැළිය සඳහා සෙනඟ පැමිණ තිබූ බවයි.

FACTCRESINDO

SendShareShare
Previous Post

මොන ප්‍රශ්න තිබුණත් වීසා නිකුත් කරන්න VFS GLOBAL සමාගම එක්ක ගහපු ගිවිසුම වෙනස් කරන්නේ නෑ! ටිරාන්ගේ අමාත්‍යංශයෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

රට ගොඩ දැම්මලු! දැන් ආර්ථිකය හරිලු! ඒ වුණාට මෙන්න කන්න දෙන්න බැරි නිසා බිළිඳු දරුවන් දරුකමට හදාගන්න දෙන එක වැඩිවෙලා! ගබ්සා කිරීමත් ඉහළ ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.