වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගමකට ලබා දීමට හේතුව කිසිසේත්ම තේරුම්ගත නොහැකි බව පවසන විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතා, දූෂණය ලෙස එය තේරුම් ගන්නවා මිස, එවැන්නක් තේරුම් ගත හැකි වෙනත් මාර්ගයක් නැති බව ද සදහන් කරයි.Sri Lanka Latest News
“සංචාරක අමාත්‍යංශය සදහා 2024 අයවැයෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන දෙකකි.
ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සදහා එකී අයවැයෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන සියයකි. සියල්ලන්ට ඉංග්‍රීසි සාක්ෂරතාවය ලබා දීම සදහා වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන පන්සියයකි.
නමුත්, රටට පැමිණෙන පුද්ගලයන් සදහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන්, වී.එෆ්.එස් නමැති සමාගමට අපි වාර්ෂිකව රුපියල් බිලියන 13.5 ක මුදලක් පිරිනමන්නෙමු…!
මෙය නම් කළ හැක්කේ, තනිකරම දූෂණය ලෙසයි..! ඊට වෙනස් වචනයක් ඒ සදහා නැත.”
සජිත් ප්‍රේමදාස මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
Towards tourism the 2024 budget allocates only 2 Billion rupees. Towards national branding 100 million rupees. Towards English lit for all 500 million. But to process visas through VFS we will spend 13.5 Billion rupees annually. The only logical explanation is absolute corruption
— Sajith Premadasa (@sajithpremadasa) May 4, 2024