ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ කවයේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හත් දෙනෙකු විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව අවධාරණය කොට ඇත.
එමගින් නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබා ගැනීම පිළිබඳවද දැඩි කනස්සල්ල පළ කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් අර්ධ වශයෙන් පහසුකම් සැලසීම හේතුවෙන් හිස්බුල්ලාට වසරකට ආසන්න කාලයක් නීතිඥයින් සමග සම්බන්ධ වීම දැඩි ලෙස සීමා වීමත් විශේෂ නියෝජිතයින්ගේ තවදුරටත් අවධානය යොමු කර තිබේ.