• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරාම මගඩි-ජාවාරම්-දූෂණය පැතිරිලා! සජිත්ගෙන් බරපතළ ප්‍රහාරයක්! (VIDEO)

September 9, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
රට පුරාම මගඩි-ජාවාරම්-දූෂණය පැතිරිලා! සජිත්ගෙන් බරපතළ ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වනවිටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත්  මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර  විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද ඒ මහතා පැවසීය. 

ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව  ලබාදෙන බවද පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පැවසුවේ “විපක්ෂයෙන් හුස්මක්”25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට  රුපියල් තිස්ලක්ෂ අනූදහසක  (රු.3,090,000.00)  වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.අදාල පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී ය .

මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු  අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ  මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද පැවසීය.ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත්  ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව  සූදානම් නැති බව පැවසූ ඒ මහතා මේ සියලු දේ සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද පැවසීය .

රෝහල් උපකරණ ලබාදීමේ ” විපක්ෂයේ හුස්මක්” වැඩසටහන මේ දක්වා වට 24 ක් පුරා දියත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා ලක්ෂ හත්සිය හතළිහකට වැඩි රෝහල් උපකරණ ලබාදී ඇතැයිද පැවසීය.

මේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියටත් නොනවත්වා කන්ඩ පවත්වාගෙන යන බවද ඒ මහතා පැවසීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන මුලුමහත් ශ්‍රී ලංකාවම බලවත් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ අපේම ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකවම කිසියම් මෙහෙවරක් කළ යුතුයැයි යන විශ්වාස පෙරදැරිව  සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  විසින් දියත් කරනු ලබන  ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් තිස්ලක්ෂ අනූදහසක  (රු.3,090,000.00)  වටිනා රෝහල් උපකරණ කෑගල්ල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.ජේ. සමරසිංහ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව,

01.රුපියල් ලක්ෂ පහක් (රු500,000.00) වටිනා Multipara Monitors (Edan) උපකරණ  02ක් 

රුපියල් දොළොස් ලක්ෂ හතලිස්දහසක් (රු.1,240,000.00)වටිනාOpti flow nasal therapy උපකරණයක් සහ රුපියල් දහතුන් ලක්ෂ පනස්දහසක් වටිනා  (රු.1,350,000.00)Opti flow nasal therapy (Donations for Australia Melban Art Circle)උපකරණයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා,  දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ දක්වා වට 24 ක් තුළ රුපියල් ලක්ෂ හත්සිය දහනවයක (රු. 71,904,000)රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

SendShareShare
Previous Post

හිටපු ජනපතිට-පොලිස් ලොක්කන්ට දඬුවම් නොදෙන්නේ සත්‍ය යට ගහන්න! පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළියට ආ දාට අපේ රටේ දේශපාලනය කොච්චර මිනීමරුද කියලා ඔප්පු වේවි! (VIDEO)

Next Post

ජිනීවාවලින් පළමු ප්‍රහාරය එයි!

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.