• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උප්පු, කුක්කු, ලුණු හා ලණු! Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට මහ ලේවායේ පිවිසුම් ඇල මාර්ගයට බයිසිකලයෙන් ගියෙමි. මෙය වැඩිදියුණු කළ හැකි බව මට අවබෝධ විය. මා ඕනෑකමින් බලාසිටි පැය කාලක වේලාවේදී ඇතුළට ගලා ආවේ ඉතා සුළු ජල ප්‍රමාණයකි. එයට හේතුවී ඇත්තේ ගල්පරයේ දාරය ද්‍රෝණියේ වේල්ලේ පාමුලට බෑවුම් වී එන ආකාරයට පිහිටා තිබීමයි. (1908 සැප්තැම්බර් 22 – ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන) යනුවෙන් ඉහත දක්නට ඇත්තේ හම්බන්තොට ලුණු ලේවාය ගැන එදා සුදු දිසාපති ලෙනාඩ් වුල්ෆ් තැබූ සටහනකි.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී වැඩියෙන්ම ඇසුණු වචනය ‘ලුණු’ය. ලුණු ගැන ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් රැසක් කතා කළේ රට තුළ මතුව ඇති ලුණු හිඟය නිසාය. ලුණු හිඟයට හේතු රැසක් බලපා තිබෙන අතර, ඒවා ගැන වෙන වෙනම අවධානය යොමුකළ යුතු වන්නේ ඉදිරියේදී මෙැනි ආකාරයේ ලුණු හිඟයක් ඇති නොවීමටය. Sri Lanka Latest News

ලුණු හිඟය ඇතිවූ නිසා ලුණු ගැන මැතිසබය තුළ කතාකෙරුණු අතර, දෙහි හිඟයක් හෝ දෙහි මිලෙහි වැඩිවීමක් සිදු නොවූ නිසා දෙහි ගැන කතාවක් නම් නොවීය.
දෙහි ගැනත් යම් ගැටලුවක් පැමිණියේ නම් ලුණු-දෙහි ගැනම කතා කිරීමට ඉඩ තිබිණි. එසේ වූවානම් සමහරුන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ ‘අපි දෙන්නා එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ’ යන ලුණු-දෙහි ගීතය ගැයීමටද ඉඩ තිබිණි. දෙහි ගැන ගැටලුවක් පැනනැගුණේ නැති නිසාත්, ලුණු ගැන පමණක් ගැටලුව ඇතිවූ නිසාත් විශාරද නන්දා මාලනී ගායනා කරන ‘යනවාම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං – හිඟා කකා කොළපතක් අරන් – ලුණුයි බතුයි කමුකො රත්තරං’ යන ගීතය පමණක් ලුණු හිඟය සිහිපත් කරමින් ගායනා කිරීමට සමහරෙක් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණි.

ලුණු ගැන මැතිසබය තුළ වැඩිපුරම කතා කළේ ඇයි? එය අවධානය දිනාගැනීම සඳහා පමණක්ම කළ කතාවක්ද, එසේත් නොමැති නම් ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක් නිසා කතා කළ දෙයක්ද?

යම් ලුණු හිඟයක් නිසා හෝ ලුණු කර්මාන්තය ගැන මෙතරම් අවධානයක් යොමුකරමින් කතාකිරීම පිළිබඳ තමා සතුටට පත්වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය මෙටි්‍රක් ටොන් 1,80,000කි. දෛනික ලුණු පරිභෝජනය මෙටි්‍රක් ටොන් 493කි. දෛනිකව සිදුකෙරෙන ඒකපුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 9.2කි.

මෙම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකරමින් වැඩිවන ඉල්ලුමට සරිලන සැපයුම සිදුකොට එය කළමනාකරණය කරගැනීම වගකිව යුතු සියලු අංශවල වගකීමකි.
ලුණු අර්බුදයට ඇත්ත හේතුව කුමක්ද? ලුණු අර්බුදය ගැන පසුගිය සතියේ වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

කුමන පනතක්, කුමන සංශෝධනයක් ගැන කතා කළද අවසානයේදී මැක්කාගේ කතාව වාගේ බොහෝ දෙනකු පැමිණෙන්නේ ලුණු පොල්කට්ටටය.
මුහුද වටේ දිවගොස් එන්න කියා කියූ විට ගණ දෙවියන් ලුණු පොල්කට්ට වගේ දිවගොස් ආවා වාගේ බොහෝ දෙනකු මදි නොකියන්නට ලුණු ගැන කතා කළ බවක් පෙනුණි.
ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් බොහෝදෙනකු ලුණු ගැන කතාකරන විට ලුණු ඇඹුල්වලින්ම කතා කිරීමද විශේෂ සිදුවීමක් විය.
මෙසේ බොහෝදෙනකු ලුණු ඇඹුල්වලින්ම කතා කරපු නිසා බොහෝ අවස්ථාවලදී මැතිසබයද උණුසුම් විය.

විරුද්ධ පක්ෂය වෙනුවෙන් වැඩිපුරම ලුණු ගැන කතා කළේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ය.
‘ආණ්ඩුව ඇවිල්ලා මාස 7යි. මේ රටේ ආහාර හිඟවීම ගැන ඉක්මන් උත්තර නැහැ. ලුණු ප්‍රශ්නය මාස 4ක් 5ක් තිස්සේ තියෙනවා. දැන් වහින හින්දා ලුණු හදාගන්න බැරිලු. ඒ වගේම ආණ්ඩුව මීට පෙරත් ලුණු ආනයනය කළා. ඒවට මොකද වුණේ? ලුණු කිලෝව රුපියල් 100ට දෙන්න පුළුවන්. නමුත් මාර්කට් එකේ ලුණු කිලෝව රුපියල් 350-400යි. පාරිභෝගික අධිකාරිය පනින්නේ පිටකොටුවේ තියෙන පෙට්ටි කඩවලට. පුළුවන්ද හම්බන්තොටට, පුත්තලමට ගිහිල්ලා ලුණු ස්ටොක් නැද්ද බලන්න?

ලුණු හංගනෙ ඉන්නවා. ඒ පෞද්ගලික බිස්නස් එක කරගන්න. ලුණු කොම්පැනිවල අයිතිකාරයෝ ගෙනල්ලා ලුණු සංස්ථාවට දානවා. ඒගොල්ලන් ලුණු ටික හංගගෙන පුද්ගලික බිස්නස් කරනවා. මොකක්ද මේ විහිළුව…’ යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් එල්ල කරන ලදී.

එම චෝදනාවට පිළිතුරු ලබාදුන්නේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහයි.
‘එස්.ටී.සී. එක ගෙනාපු ලුණු ඔක්කොම පෞද්ගලික අංශයට දුන්න බව කිව්වා. ඒ කතාව බොරුවක්. හම්බන්තොට ලුණු කඩන්න දවස් 10ක් ඉදිරියට තියෙද්දී වැස්සා. ඒක තමයි හේතුව. ලුණු අද ඉඳන් එනවා. අපේ රටේ දවසට ලුණු මෙටි්‍රක් ටොන් 500ක් වැයවෙනවා. මේ වනවිට හම්බන්තොට ලේවායට දමන ලුණුත් දවස ගානේ වෙළෙඳපළට නිකුත් වෙනවා. වෙන කියන්න දෙයක් නැති නිසා ලුණු ගැන බොරු කියනවා.

සමහර අය ලුණු මාෆියා හදනවා. මේ වනවිට ලුණු මාෆියාව අවසන් කර තියෙනවා. ආනයනය කරමින් ලුණු කන්ටේනර් 24ක් ගෙන්වා තියෙනවා. විපක්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි. දැන් අලුත් වැලක් හොයනවා…’ යනුවෙන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රෂයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ලුණු ගැන කතාකිරීමට ගිය නිසා මැතිසබය උණුසුම් වූයේ ඊට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රතිචාර දැක්වීම නිසාය.

හඳුන්නෙත්තිගේ ලුණු කතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සම්බන්ධ වීම නිසා මැතිසබය තවත් උණුසුම් විය.
පුත්තලම ලුණු ලේවායේ තොරතුරු ඉදිරිපත් කරමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා චෝදනා කළේ ආණ්ඩුවටයි.
ලුණු මාෆියාවට චෝදනා කළ හකීම් එය නිර්මාණය වූ ආකාරයද පැහැදිලි කළේය.

‘මේ වෙනකොට ලුණු මාෆියාව ඇතිවේගය යනවා. සමහර පුද්ගලික සමාගම්වල හාම්පුතුන් පුත්තලම ලුණු සංස්ථාවේ කොටස් අරගෙන. සමහර හාම්පුතුන් පුත්තලම ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයත් අරගෙන.

මේ රටේ ලුණු නිෂ්පාදනයෙන් හරි අඩක්ම සිදුකරන්නේ පුත්තලම ලුණු සමාගමයි. රුපියල් 130ක් වෙන ලුණු පැකට් එකක වෙළෙඳපළේ මිල රුපියල් 350ක් වෙලා.
ලුණු ආනයනය කරලත් පැකට් එකක් රුපියල් 150-200කට දෙන්න පුළුවන්කම තියෙද්දී රුපියල් 350ට මිල වැඩිකරලා විකුණන්නේ ඇයි?

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලුණු හිඟයක් එයි කියලා දැනුම් දී තියෙද්දිත් රජය ඒ ගැන අවධානය යොමු කළාද?

මෙරට නිෂ්පාදිත ලුණුවලින් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් විතර පුත්තලමෙන් නිෂ්පාදනය වෙන්නේ. මේකට කාලගුණය යම් බලපෑමක් වෙන්න පුළුවන් නම් ඒවාට වගකිව යුත්තන් උපදෙස් ලබාදිය යුතුයි.

දත්ත සෙවීම් කළ යුතුයි. එම තොරතුරු නිවැරැදිව ගණනය කරලා නිවැරැදි උපදෙස් ලබාගෙන හරි දේ ක්‍රියාත්මක කළ යුතුයි.
එහෙම නොකිරීම තුළ අද රට තුළ විශාල ලුණු හි`යක් ඇතිවෙලා තියෙනවා. රට වටේම මුහුද තියෙද්දී මෙහෙම ලුණු හිඟයක් ඇතිවෙන්න පුළුවන්ද?

හම්බන්තොට හා පුත්තලම ප්‍රදේශවල ලුණු නිෂ්පාදනය කළ ඇතැම් ඉඩම් රජය මගින් අත්පත් කරගැනීමත් තවත් පැත්තකින් ලුණු හිඟයට බලපාලා තියෙනවා. ඇතැම් පාරම්පරික ඉඩම්වල ලුණු ලේවායන් පවත්වාගෙන ගියා. මේ සමහර ඉඩම් රජයට පවරා ගැනීම නිසා ලුණු නිෂ්පාදනයට එය අයිතකරව බලපාලා තියෙනවා.
මේ සමහර කරුණු හේතුවෙන් පුත්තලම කළපුවේ ලුණුවල ඝනත්වය අඩුවෙලා. 0.5 සිට ලුණුවල ඝනත්වය අඩුවෙලා තියෙනවා.

ඉන්දියාවේ මුම්බායි ඉඳලා ලුණු ගෙනාවා. ආනයනය කරලා තියෙන්නේ අඩු ප්‍රමාණයක්. මෙතැනත් ලොකු වංචාවක් සිදුවෙලා තියෙනවද?’ යනුවෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා චෝදනා නැගීය.

එම චෝදනාවලට පිළිතුරු ලබාදුන්නේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසිනි.

පුත්තලම ලුණු සංස්ථාවේ කොටස් 90%ක් පෞද්ගලික අංශයට ලබාදෙන විට සිටියේ කොහේදැයි කියා සුනිල් හඳුන්නෙත්ති විසින් රවුෆ් හකීම්ගෙන් ප්‍රශ්න කරන ලදී.
1997 අවුරුද්දේ පෙබරවාරි 05 වැනිදා පුත්තලම ලුණු සංස්ථාවේ 90%ක් පෞද්ගලික අංශයට ලබාදෙනකොට රවුෆ් හකීම් මහත්තයා කොහෙද හිටියේ? ඔය මහත්තයා හිටියේ ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ. ඇයි ඒ වෙලාවේ මේ පෞද්ගලීකරණයට විරුද්ධ නොවුණේ?

ලුණු හිඟය ලුණු මාෆියාව ඇතුළු අර්බුද ආරම්භ වුණේ එහෙමයි. දැන් මාෆියාවක් ගැන කතාකරනවා. උප්පුද කුක්කුද කියලා මං දන්නේ නෑ. අර්බුදය ආරම්භ වුණේ එහෙමයි. (දෙමළ භාෂාවෙන් ලුණුවලට කියන්නේ උප්පු කියාය.)

එම චෝදනාවන්ට වහාම ප්‍රතිචාර ලබාදීමට නැගී සිටියේ රවුෆ් හකීම්ය.
‘ඒකාධිකාරිය නැතිකරන්නයි එහෙම කළේ. එහෙම කළා කියලා වසර 28ක් තිස්සේ ලුණු ගැටලුවක් ඇතිවුණේ නැහැ. දැන් තමයි මේ ලුණු ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. ලුණු අඩුව දැනගෙන රජය අවශ්‍ය පියවර නිසි වෙලාවට ගත්තේ නැත්නම් මේ අර්බුදය එනවා…’ යනුවෙන් රවුෆ් හකීම් ප්‍රකාශ කළේය.

‘පුත්තලම ලුණු සංස්ථාව පෞද්ගලීකරණය කිරීම නිසා තමයි ලුණු ඒකාධිකාරියක් ඇතිවුණේ’ යනුවෙන් ප්‍රකාශ කරමින් යළි රවුෆ් හකීම්ට පිළිතුරු ලබාදීම ආරම්භ කළේ සුනිල් හඳුන්නෙත්තිය.

‘ආණ්ඩුවට ලුණු ගයිඩ් ලයින් එකෙන් ගේන්න පියවර 32ක් සම්පූර්ණ කළ යුතුයි. ඒක කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද? මේවා වෙනස් විය යුතුයි. මුදල් අමාත්‍යාංශය මගින් මෙම කරුණුවලට සුදුසු නිර්දේශ ඉදිරිපත් කර ක්‍රියා කළ යුතුයි.

නමුත් පෞද්ගලික අංශයට ලුණු ආනයනය කරන්න එහෙම සංකීර්ණ ක්‍රියාවලියක් නැහැ.
රනිල් කජු කනවා වගේ මිනිස්සු ලුණු කන්නේ නැහැ.

බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවෙලා තියෙන්නේ මිනිස්සු ලුණු කන නිසා නෙවෙයි. විපක්ෂය කියන මේ බොරුවලටයි, ජනතාවට දෙන ලණු නිසයි…’ යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා, හඳුන්නෙත්ති දෙස ඉතා ඕනෑකමින් බලාගෙන සිටිනවා දුටු හඳුන්නෙත්ති, අර්චුනාටද චෝදනා කළේය. ඒ අලිමංකඩ ලුණු ලේවාය ගැන මතකයන් අවදි කරමිනි.

‘මේ අර්චුනා, ඔයා හොඳ චූන් එකේ නේද හිටියේ අලිමංකඩ ලුණු ලේවායට ගිහිල්ලා උද්ඝෝෂණය කරලා. මෙයා අලිමංකඩට ගිහිල්ලා කිව්වා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. උතුරේ ලුණු, දකුණේ ලුණු කියා දෙයක් නෑ බොස්. තියෙන්නේ රටේ ලුණු. ඒවා තිබුණේ ඒ කාලේ. දැන් මේ කාලේ ඒවා නැහැ. දැන් මුළු රටම එකක් කරලයි තියෙන්නේ. ප්‍රභාකරන්ගේ ලුණු ඒවා නෑ දැන්. අලිමංකඩ ලුණු සේවකයන්ට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අර්චුනා ඔයා ගිහිල්ලා අලිමංකඩට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා. ඔයාට එහේ මිනිස්සු ගහාවි.

මං ජනතාවට කියනවා වරායට ලුණු ඇවිල්ලා තියෙන්නේ. තව දවස් දෙකක් තුනක් යනකොට කඩවලට ලුණු එනවා. එතකොට ලුණු ප්‍රශ්නය විසඳෙනවා…’ යනුවෙන් ලුණු ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවද සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූයේ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාය.

‘මං කිව්වේ නැහැ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මං කිව්වේ උතුරේ ලුණු නිකම්ම දකුණට ගේන්නේ නැතුව උතුරේදිම පැකට් කරලා බෙදාහරින්න කියලයි. මේ ආණ්ඩුවත් පච කියනවා. හඳුන්නෙත්ති ඇමැතිතුමත් පච කියනවා’ යනුවෙන් රාමනාදන් අර්චුනා ප්‍රකාශ කළේය.

ලුණු ගැන පාර්ලිමේන්තුවේදී ඉතිහාසගත වන ආකාරයට පසුගිය දිනවල කතාකර තිබේ. දැන් සිදුකළ යුතුව ඇත්තේ දෙපැත්තෙන්ම ඉදිරිපත් වූ සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ලුණු හිඟයක් ඇති නොවීම සඳහා වැඩ කිරීමටයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පක්ෂයෙන් නිර්ණායකයක් දුන්නා ලයිස්තුවෙන් පත් කරන කොට පළමුවැනියාට දෙවැනියාට ප්‍රතිශතයෙන් ඉන්න අයට දෙන්න ඕන කියලා! ඒක බොහෝ දෙනෙක් කරලා තියෙනවා! සජබ සංවිධායකවරු කිහිපදෙනෙක් ඉල්ලා අස්වීම ගැන මරික්කාර් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.