• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂයෙන් නිර්ණායකයක් දුන්නා ලයිස්තුවෙන් පත් කරන කොට පළමුවැනියාට දෙවැනියාට ප්‍රතිශතයෙන් ඉන්න අයට දෙන්න ඕන කියලා! ඒක බොහෝ දෙනෙක් කරලා තියෙනවා! සජබ සංවිධායකවරු කිහිපදෙනෙක් ඉල්ලා අස්වීම ගැන මරික්කාර් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘ආණ්ඩුවේ හිතවතෙක් විගණකාධිපතිධූරය සඳහා පත් කිරිමට යෝජනා කර තිබුණා. පැලවත්ත කාර්යාලයේ තනතුරක් ලබාදිය යුතු පුද්ගලයෙකුට තමයි විගණකාධිපතිධුරය දෙන්න ආණ්ඩුව ඇයි උත්සහ කරන්නේ කියන කාරණය පිළිබඳව අපට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම සරත් මායාදුන්න මහතා විගණකාධිපතිධුරයේ කටයුතු කළා. ඔහු එවක පැවැති ආණ්ඩුවේ හිතවතෙකු නෙවෙයි. ඒ වගේම විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා කටයුතු කළා. ඔහුත් පැවැති ආණ්ඩුවේ හිතවතෙකු නෙවෙයි. නමුත් ඔවුන්ගේ හිතවතුන් ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කරන්නයි ජාතික ජනබලවේග ආණ්ඩුව උත්සහ කරන්නේ. රටේ මූල්‍ය පරිපාලනය විගණනය වන්නේ විගණකාධිපතිවරයා හරහායි. ඒ නිසා එවැනි තනතුරක් ආණ්ඩුවේ හිතවතෙකුට ලබාදිම පිළිබඳව ගැටලුවක් තිබෙනවා.

ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව පත් වී දින කිහිපයක් තුළ රතු නිවේදන තිබුණු බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව වරායෙන් පිටත් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එවැනි වාර්තාවත් තවම ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ වාහන වෙන්දේසියේ තක්සේරුව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මේ කාරණා විගණනයට ලක්විය යුතු දේවල්. ඒ වගේම පිරිවැය වැඩි කර තිබියදී විදුලි බල මණ්ඩලය බිලියන 18 ක පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය ඉවත් කරලා ඩීසල් සහ ගල්අඟුරු මාෆියාවට වැඩි ඉඩකඩක් ලබාදිම හරහා තමයි මෙතරම් විදුලි බිල වැඩි රටක් බවට ලංකාව පත් වී තිබෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ බිලියන 18 ක් ලංවිම පාඩු ලබන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මේ සිද්ධීන් විගණනය වූ පසු සිදුවුනේ කුමක්දැයි වාර්තා වීම සඳහා ද ආණ්ඩුවට හිතවත් විගණකාධිපතිවරයෙක් පත් කරන්න ආණ්ඩුව උත්සහ කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් ජනතාව බොරු කියලා මේ සිද්ධින් යටපත් කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ සියල්ල හෙළිවෙනවා. ඒ වගේම ක්‍රමයේ වෙනස් ඇති කරනවා කියලා කියන්නේ හිතවතුන් තනතුරු වලට පත් කිරිම නොවන බව අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමැතියි.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන පදයට නටන්නේ නෑ කියලා. නමුත් මැතිවරණය අවසන් වුණාට පස්සේ දැන් ආණ්ඩුව සියයට 18 කින් විදුලි බිල වැඩි කරන්න උත්සහයක නිරත වෙනවා. ජනතාව පීඩාවට පත් කිරීමේ විරෝධය ජනතාව පළාත් පාලන මැතිවරණයේදී පෙන්වන්න කටයුතු කළා. පළාත් පාලන මැතිවරණයේදී ලක්ෂ 23 ක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිතා කරලා තිබුණා. ඒ අනුව ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව සියයට 43 කින් අඩු කරලා පෙන්නුවා. නමුත් එයින් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන තිබෙන බවක් පෙනෙන්න නෑ. ඒ වගේම කාර්යක්ෂමතාවය හීන වීම , සැලසුම් නිසි වේලාවට ක්‍රියාත්මක නොකිරිම , ඇතිවිමට තිබෙන ප්‍රශ්න පුරෝකතනය කර ඒවාට ක්‍රියාත්මක වීම ආණ්ඩුව තුළින් සිදුවන්නේ නෑ. ඒ නිසා තමයි ආණ්ඩුවට රතු එළියක් දල්වන්න ජනතාවට පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කළේ. කෙසේ නමුත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සහ සිදුවුණ දේවල් විගණනයට ලක්විම වසා ගැනිමට ආණ්ඩුව කටයුතු කරන බවක් තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම සමගි ජනබලවේගය නිර්මාණය කරපු මුල්ම පිරිසෙන් එක්කෙනෙක් තමයි මමයි. ඒ වගේම සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක සහ පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සමාජිකයෙක්. ඒ නිසා අපි හදපු පක්ෂය අපි දාලා යන්නේ නෑ. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ලැයිස්තුවෙන් පත් කිරීමේ ගැටලුවක් නිසා තමයි සමගි ජනබලවේගයේ සංවිධායකවරු කිහිපදෙනෙක් අස්වීමට හේතු වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පළමුවැනි තැනට සහ දෙවැනි තැනට පැමිණි අපෙක්ෂකයන් ප්‍රතිශතය අනුව පත් කළ යුතු බවට පක්ෂය ක්‍රමවේදයක් සකස් කළා. ඒ බව සියලුම ආසන සංවිධායකවරුන්ට පක්ෂය විසින් ලිඛිතව දැනුම් දිලා තිබෙනවා. ඒ වගේම කාන්තාවන් පත් කිරිමේදීත් පක්ෂය විසින් නිර්ණායක කිහිපයක් ලබාදෙන්න කටයුතු කළා. බොහෝ පළාත් පාලන ආයතනවල සභිකයන් පත් කිරිමේදී එම නිර්ණායක අනුව තමයි පත්කිරිම් සිදුකරලා තිබෙන්නේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහජනතාවගේ වැඩිම කැමැත්ත තිබෙන අයට තමයි අවස්ථාව ලබාදිය යුතු වන්නේ. ඒ ක්‍රමවේදය අනුගමනය කිරිමේදී ආසන සංවිධායකවරුන්ට විශාල ගැටලු මතුවෙනවා. මේ ක්‍රමවේදය නිසා ක්‍රියාකාරින් පළාත් පාලන ආයතනවලට පත් කරන්න නොහැකි වෙලා තිබෙනවා. කෙසේ නමුත් පත් කිරිම් වලදි යම් නිර්ණායකයක් තිබිය යුතුයි. ඒ වගේම ලැයිස්තු පත් කිරිම්වලදි කොටසක් තරහ වෙනවා. ඒ වගේම හැමෝටම මන්ත්‍රීවරු වෙන්න බෑ. ඒ වගේම ආසන සංවිධායකවරු අස් නොවුණානම් හොදයි කියලා තමයි මම පෞද්ගලිකව හිතන්නේ. සංවිධායකවරු කියන්නේ පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරිම් කළ පිරිසක්. ඒ වගේම දේශපාලනයේදී ඉක්මන් නොවිය යුතුයි. දේශපාලනය කියන්නේ ඉවසීමේ ක්‍රිඩාවක්. ඒ වගේම පක්ෂය වෙනුවෙන් කැපකිරිම් කළ සියලු දෙනා අපි රැක ගත යුතුයි. ඒ වගේම වර්තමානයේ ක්‍රියාත්මක මැතිවරණ නීතියේ ගැටලු තිබෙනවා. ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි.

ඒ වගේම සමගි ජනබලවේගයට පිහිටුවීමට හැකි සියලුම පළාත් පාලන ආයතන පිහිටුවන්න සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව තිරණය කර තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයට පිහිටුවීමට හැකි සියලුම පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නේ නැතිව සියලුම පළාත් පාලන ආයතන ජාතික ජනබලවේගයට බලය පිහිටුවන්න අවස්ථාව දිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. එසේ සිදුකළාම ජාතික ජනබලවේගයේ කාර්යක්ශමතාව , වැඩ කිරිමේ හැකියාව , නිපුණතාවය රටට හෙළි වෙනවා. එවිට ජනතාවට අපිට දෝෂාරොපණය එල්ල කරන්න බෑ. කෙසේ නමුත් පක්ෂයේ තිරණයට මම එකඟවෙනවා. ඒ වගේම අපි දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි. දකුණු කඳවුර එකතු කළ යුතුයි කියන මතයේ තමයි මම සිටින්නේ. ඒ වගේම අපහසුම වෙලාවෙත් මිලියන 2 කට වැඩි පිරිසක් දක්ෂිණාංශික කඳවුරේ සිටිනවා. දක්ෂිණාංශික කදවුර පටන් ගන්නේ මිලියන 2 ක ඡන්ද වලින්. වාමාංශික කදවුර පටන් ගත්තේ ඡන්ද ලක්ෂ 5 කින්. ඒ වගේම අපි දේශපාලනය සිදුකරන්නේ හැමදාම විපක්ෂයේ සිටින්න නෙවෙයි. එන ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහනය කරන්න තමයි කටයුතු කළ යුත්තේ. පරාජය වෙන්න දේශපාලනය සිදුකරලා වැඩක් නෑ. ඒ වගේම මගේ සහාය තවමත් පක්ෂයට තිබෙනවා. ඒ වගේම පක්ෂය නිර්මාණය කරලා අසිරුම මැතිවරණ මෙහෙයවලා , මැතිවරණ ජයග්‍රහනය කරන්න කටයුතු කරලා පක්ෂය දාලා යන්න අපි කටයුතු කරන්නේ නෑ.‘‘

SendShareShare
Previous Post

උප්පු, කුක්කු, ලුණු හා ලණු! Sri Lanka Latest News

Next Post

ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ගේ දෙපතුල් ගාවාට ප්‍රේමදාස යන්න පටන්ගත් හැටි! Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.