රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?

විදේශ ඇමැති අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හමුවී තිබේ. අලි සබි්‍රගේ හමුවීම ගැන ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ අලි සබි්‍රගේ ඇමෙරිකානු සංචාරයේදී ලංකාවේ මානව හිමිකම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය. අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරය කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කළේය.

එම කතාවේදී ඔහු වියට්නාමයේ හිටපු ජනාධිපති ඩීන් ඩියම් ගැන කියන්න පෙර මහින්ද රාජපක්ෂ අයවැය විවාදයට එක්වෙමින් කීවේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරලුවේ විදේශ බලවේග විසින් කියාය. මහින්දගේ එම කතාවට පසු රනිල් වියට්නාමයේ ඩීන් ඩියම්ලා වගේ රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි කීවේය. ඔහු එම කතාව කර සිය පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි විට ඇමැතිවරු ඩීන් ඩියම් කියන්නේ කවුදැයි ඔහුගෙන් අහපු බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. එවිට ඔහු කියා ඇත්තේ ඩීන් ඩියම් වියට්නාමයේ හිටපු ඇමෙරිකානු රූකඩ පාලකයෙක් බවත්, ඔහු විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී සිංහල බෞද්ධයන් ඝාතනය කළ බවත්ය. ඩීන් ඩියම් ගැන ඔහු පාර්ලිමේන්ුවේදී කතා කළේ ඇයිද යන්න ඔහුගේ මේ පැහැදිලි කිරීමෙන් පෙනේ. එයින් පේන්නේ ලංකාවේ අරගලය කළේ ඇමෙරිකාව බවත්, එයට කාදිනල් හිමි උදව් කළ බවත් ඇමෙරිකාවට රූකඩ පාලකයෙක් පත්කරගන්න වුවමනාව තිබුණාය යන්න ඔහුගේ මතයයි. යළිත් අරගලයක් කර ඇමෙරිකානු රූකඩ පාලකයෙක් පත්කර ගන්න ඔහු ඉඩ නොදෙන බවට තර්ජනය කිරීමට ඔහු සිය පාර්ලිමේන්තු කතාව ප්‍රයෝජනයට ගෙන ඇත.

ඩීන් ඩියම් දකුණු වියට්නාමයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහු කතෝලික පවුලක උපත ලද අයෙකි. ඔහුගේ සහෝදරයා කතෝලික පූජකවරයෙක් විය. ඩීන් ඩියම් ද කතෝලික පූජකවරයෙක් වීමට සූදානම්ව සිටියත් පසුව එම අදහස ඔහු අතහැර දකුණු වියට්නාමයේ සිවිල් සේවයට බැඳී ඇත. ඔහු වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ජාතිකවාදී බලවේග එකතු කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කර ඇත. එකල පැවැති වියට්නාම අධිරාජ්‍යයාගේ පාලනයට ඔහු තර්ජනයක් වූ නිසා ඔහු ජීවිත තර්ජනවලට බයේ විදේශගතව ඇත. පසුව වියට්නාමයට පැමිණ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහායෙන් ඔහු වියට්නාමයේ අගමැති වී පසුව ජනාධිපති වී ඇත. ඔහුට අගමැති සහ ජනාධිපති වීමට ඔහුගේ සහෝදර කාදිනල් උදව් කර ඇත. පසුව මිලිටරි කුමන්ත්‍රණයකින් ඔහු ඝාතනය වී ඇත.

මේ ඩීන් ඩියම් ගැන කියන්න රනිල්ට ඕනෑ වී ඇත්තේ ඇමෙරිකාවටත් කාදිනල් හිමිටත් අනතුරු ඇඟවීමක් කරන්නය. අලි සබි්‍ර ඇමෙරිකාවට යන්නේ මේ කතාවෙන් පසුවය. ඔහුට ඇමෙරිකාවේදී ඩීන් ඩියම් ගැන හොඳ පාඩමක් ඇමෙරිකාව උගන්වනු ඇතිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Exit mobile version