• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?

December 7, 2022
in Exclusive, Politics
Reading Time: 2 mins read
A A
රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?
Share on WhatsAppShare on Facebook

විදේශ ඇමැති අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හමුවී තිබේ. අලි සබි්‍රගේ හමුවීම ගැන ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ අලි සබි්‍රගේ ඇමෙරිකානු සංචාරයේදී ලංකාවේ මානව හිමිකම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය. අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරය කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කළේය.

එම කතාවේදී ඔහු වියට්නාමයේ හිටපු ජනාධිපති ඩීන් ඩියම් ගැන කියන්න පෙර මහින්ද රාජපක්ෂ අයවැය විවාදයට එක්වෙමින් කීවේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරලුවේ විදේශ බලවේග විසින් කියාය. මහින්දගේ එම කතාවට පසු රනිල් වියට්නාමයේ ඩීන් ඩියම්ලා වගේ රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි කීවේය. ඔහු එම කතාව කර සිය පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි විට ඇමැතිවරු ඩීන් ඩියම් කියන්නේ කවුදැයි ඔහුගෙන් අහපු බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. එවිට ඔහු කියා ඇත්තේ ඩීන් ඩියම් වියට්නාමයේ හිටපු ඇමෙරිකානු රූකඩ පාලකයෙක් බවත්, ඔහු විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී සිංහල බෞද්ධයන් ඝාතනය කළ බවත්ය. ඩීන් ඩියම් ගැන ඔහු පාර්ලිමේන්ුවේදී කතා කළේ ඇයිද යන්න ඔහුගේ මේ පැහැදිලි කිරීමෙන් පෙනේ. එයින් පේන්නේ ලංකාවේ අරගලය කළේ ඇමෙරිකාව බවත්, එයට කාදිනල් හිමි උදව් කළ බවත් ඇමෙරිකාවට රූකඩ පාලකයෙක් පත්කරගන්න වුවමනාව තිබුණාය යන්න ඔහුගේ මතයයි. යළිත් අරගලයක් කර ඇමෙරිකානු රූකඩ පාලකයෙක් පත්කර ගන්න ඔහු ඉඩ නොදෙන බවට තර්ජනය කිරීමට ඔහු සිය පාර්ලිමේන්තු කතාව ප්‍රයෝජනයට ගෙන ඇත.

ඩීන් ඩියම් දකුණු වියට්නාමයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහු කතෝලික පවුලක උපත ලද අයෙකි. ඔහුගේ සහෝදරයා කතෝලික පූජකවරයෙක් විය. ඩීන් ඩියම් ද කතෝලික පූජකවරයෙක් වීමට සූදානම්ව සිටියත් පසුව එම අදහස ඔහු අතහැර දකුණු වියට්නාමයේ සිවිල් සේවයට බැඳී ඇත. ඔහු වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ජාතිකවාදී බලවේග එකතු කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කර ඇත. එකල පැවැති වියට්නාම අධිරාජ්‍යයාගේ පාලනයට ඔහු තර්ජනයක් වූ නිසා ඔහු ජීවිත තර්ජනවලට බයේ විදේශගතව ඇත. පසුව වියට්නාමයට පැමිණ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහායෙන් ඔහු වියට්නාමයේ අගමැති වී පසුව ජනාධිපති වී ඇත. ඔහුට අගමැති සහ ජනාධිපති වීමට ඔහුගේ සහෝදර කාදිනල් උදව් කර ඇත. පසුව මිලිටරි කුමන්ත්‍රණයකින් ඔහු ඝාතනය වී ඇත.

මේ ඩීන් ඩියම් ගැන කියන්න රනිල්ට ඕනෑ වී ඇත්තේ ඇමෙරිකාවටත් කාදිනල් හිමිටත් අනතුරු ඇඟවීමක් කරන්නය. අලි සබි්‍ර ඇමෙරිකාවට යන්නේ මේ කතාවෙන් පසුවය. ඔහුට ඇමෙරිකාවේදී ඩීන් ඩියම් ගැන හොඳ පාඩමක් ඇමෙරිකාව උගන්වනු ඇතිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මිනිස්සු රැකගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි මෙන්න…

Next Post

රටින් පිටවන ප්‍රමාණය වෙනදාට වඩා වැඩිවෙයි! ගිය මාස 10ට ලක්ෂ දෙකහමාරක් පිටරට රස්සාවලට ගිහින්!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.